සිරිතොක එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අදාල අවස්ථාවේදී තමාගෙන් පිටවූ වචන සම්බන්ධයෙන් කණගාටු ව...
සිරිතොක එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
අදාල අවස්ථාවේදී තමාගෙන් පිටවූ වචන සම්බන්ධයෙන් කණගාටු වන බවත් එහෙත් මාධ්‍යවේදීන් ද දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න ඇසීමේදී මීට වඩ සැළකිලිමත් වියයුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. සමථයකට පත්කළ ප්‍රශ්නය නැවත ඇවිස්සීමට අදාල මාධ්‍යවේදියා උත්සාහ කළ බවයි අමරතුංග මහතා පවසන්නේ.
එම රැස්වීම කසල ප්‍රශ්නය සම්බන්ධයේ ප්‍රදේශයේ ජනතාව සමග සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබූ අතර මාධ්‍යවේදීන්ට ඒ සඳහා රැස්වීමට අවසර ලබා නොදුන් බවයි ඇමතිවරයා පවසන්නේ. තමන්ගේ නිවසට පැමිණ අවිනීත ලෙස තමන්ගෙන් ප්‍රශ්න කිරීමට හෝ බලපෑම් කිරීමට හෝ මාධ්‍යවේදීන් වූ පමණින් කිසිවෙකුට අයිතියක් නැති බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා, එසේ අනවසරයෙන් පැමිණ බලපෑම් කළ මාධ්‍යවේදියා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්නේ කෙසේද යන්න ප්‍රශ්න කර සිටී.
COMMENTS