පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ දැන ගැනීමට ඇති නිසා එය වළක්වමින් අතුරු තහනමක් නිකුත් කරන ලෙස ගෝටා...
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ දැන ගැනීමට ඇති නිසා එය වළක්වමින් අතුරු තහනමක් නිකුත් කරන ලෙස ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්ෂක ලේකම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම එළැඹෙන ඔක්තෝබර් 24 වැනි දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය, ජනාධිපති ලේකම්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
කෙසේ වෙතත් මෙහිදී ත‍්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය මෙහිදී කියා සිටියේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වළකමින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබූ තහනම් නියෝගය අදාල නඩු විභාගය නිම වන තුරු ක්‍රියාත්මක වනු ඇති බවයි.
COMMENTS