බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගනයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක කෝලි පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහරදීමට ප...
බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගනයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක කෝලි පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහරදීමට පැමිණි බංග්ලාදේශයට පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 264 ක් පමණි. පසුගිය තරගවලදී මෙන්ම අද තරගයේදීද බංග්ලාදේශ ඉනිමේ ආරම්භය අසාර්ථක වූ අතර ටමීම් ඉක්බාල් සුපුරුදු පරිදි සාර්ථක ඉනිමක් දියත් කළේය. ඔහු ලකුණු 70 ක් හා මුෂ්ෆිකර් රහීම් ලකුණු 61 ක් වාර්තා කළේය. මීට අමතරව නායක මෂ්රෆි මොර්ටාසා ඉනිමේ අවසන්භාගයේදී වේගයෙන් පන්දුවට පහරදෙමින් ලබාගත් ලකුණු 30 හේතුවෙන් සැනසුම් සහගත ලකුණු ප්‍රමණයක් වාර්තා කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර්, ජස්පිට් බූම්රාහ්, කෙදර් ජාදව් කඩුලු දෙක බැගින් ලබාගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පැමිණි රෝහිත් ෂර්මා සහ ෂිකාර් ධවාන් පළමු කඩුල්ල සඳහා ලකුණු 87 ක සබඳතාවයක් පැවැත්වූයේ කණ්ඩායමේ ජය මාවත විවර කරමිනි. ධවාන්ගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි නායක විරාට් කෝලි රෝහිත් ෂර්මා සමග එක්ව ජයග්‍රාහී ඉලක්කය සපුරා ගන්නා තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලේ සබඳතාවය 178 කි. රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 123 ක් ලබාගත් අතර කෝලි නොදැවී ලකුණු 96 ක් ලබා ගත්තේය.
දැවීගිය එකම කඩුල්ලට හිමිකම් කීමට සමත් වූයේ බංග්ලාදේශ නායකයාය.
මෙම තරගයේදී විරාට් කෝලි සිය එක්දින දිවියේ ලකුණු 8000 සම්පූර්ණ කරගත්තේ වාර්තාවක් ද සමගිනි. ඒ අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 8000 සම්පූර්ණ කළ ක්‍රීඩකයා වශයෙනි. මීට පෙර දකුණු අප්‍රිකාවේ ඒබී ඩිවිලියර්ස් ඉනිම 182 කදී ලකුණු අටදහස වාර්තා කරගත් අතර කෝලිට එම කඩඉම පසුකිරීම සඳහා අවශ්‍ය වූයේ ඉනිම 175 ක් පමණි.
නොදැවී ශතකයක් වාර්තා කළ රෝහිත් ෂර්මා තරගයේ වීරයා සම්මානය පාත්‍ර විය.
තරගාවලියේ අවසාන මහා තරගය ඉන්දියාව සහ පකිස්තානය අතර ලබන ඉරිදා (18) ලන්ඩන්හි කෙන්නින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
COMMENTS