මෙසේ සභාපතිවරයා ඉල්ලා අස්නොවීම හේතුවෙන් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ලේක් හවුස් සඳහා පත්කර ඇති නව නිලධාරීන්ට එම ධුරවල රාජ...
මෙසේ සභාපතිවරයා ඉල්ලා අස්නොවීම හේතුවෙන් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ලේක් හවුස් සඳහා පත්කර ඇති නව නිලධාරීන්ට එම ධුරවල රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර මේ වන විට ආයතනයේ දෛනික රාජකාරි කටයුතුද අඩාල වන තත්ත්වයක් මතුව ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේම සභාපතිධුරයේ කටයුතු කරන කාවන් රත්නායක මහතා විසින් මේ වන විට හදිසියේ ලේක්හවුස් සේවක මණ්ඩලයේ තෝරාගත් පිරිසක් වෙත නව තනතුරු ප්‍රධානය කරන්නට ගෙන ඇති බවත් කිසිඳු ඇගයීමකින් තොරව සිදුකරන එම තනතුරු ප්‍රධානය සම්බන්ධව ආයතනයේ සේවක සේවිකාවන් වෙතින් ජනමාධ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කිහිපයක්ම සිදුකර ඇති බවද දැනගන්නට ඇත.
තවද ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ නිර්දේශ පවා නොතකා වත්මන් සභාපතිවරයා සිදුකල අත්තනෝමතික කටයුතු සහ සැක සහිත මුල්‍ය ගනුදෙනු කිහිපයක්ම සම්බන්ධව මේ වන විට ජනාධිපති විමර්ශන අංශය විසින් පරීක්ෂණයක්ද ආරම්භ කිරීමට නියමිතව ඇති බවද වාර්තා වන අතර අප සිදුකල විමසුමකදී ජනාධිපති ලේකම්කාර්යාල ආරංචිමාර්ග ද ඒ බව සනාථ කරනු ලැබීය.
කාශ්‍යප කොතලාවල
COMMENTS