ඒ අනුව මැයි 28 වැනිදා රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සිරියාවේ රක්කා නගරයේදී ISIS නායකයා මියගොස් තිබෙනවා. මෙම ප්‍රහරයෙන් බැග්ඩෑඩි ඇතුළ...
ඒ අනුව මැයි 28 වැනිදා රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සිරියාවේ රක්කා නගරයේදී ISIS නායකයා මියගොස් තිබෙනවා. මෙම ප්‍රහරයෙන් බැග්ඩෑඩි ඇතුළු අයිසීස් සාමාජිකයන් 300 ක් පමණ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඇමරිකාව පවසන්නේ මෙම ඝාතනය තහවුරු වී නොමැති බවයි. ISIS සංවිධානයට එරෙහිව සිරියාවේ සහ ඉරාකයේ මෙහෙයුම් කටයුතුවල නිරත ඇමරිකානු හමුදා කණ්ඩායමේ ප්‍රකාශක කර්නල් රයන් ඩිලන් අවධාරණය කරන්නේ මේ සඳහා ප්‍රමාණවත් සාක්ෂි තවමත් නොමැති බවයි.
ISIS නායකයා ඝාතනය වී ඇති බවට පසුගිය වසර කිහිපය පුරා විවිධ අවස්ථාවලදී වාර්තා වූ අතර මෙය ද තවත් එක් වාර්තාවක් පමණක් වීමට ඉඩ තිබෙන බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS