ඔහුගේ පක්ෂය වන්නේ ‘ලා රිපබ්ලිකේ එන් මාර්චේ’ හෙවත් ‘ගමනේ යන ජනරජය’ යන්නයි. පසුගියදා ජනාධිපතිවරණයෙන් ඔහු ලැබූ විශිෂ්ට ජය, ප්‍රංශයේ පමණක් නො...
ඔහුගේ පක්ෂය වන්නේ ‘ලා රිපබ්ලිකේ එන් මාර්චේ’ හෙවත් ‘ගමනේ යන ජනරජය’ යන්නයි. පසුගියදා ජනාධිපතිවරණයෙන් ඔහු ලැබූ විශිෂ්ට ජය, ප්‍රංශයේ පමණක් නොව මුලු මහත් ලෝකයේම පක්ෂ දේශපාලනයේ ඉතිහාසය කණපිට හැරවූවක් ලෙස සැලකේ. වසරක් පමණක් වයසැති දේශපාලන අත්දැකීම් අවම නව අපේක්ෂකයන් රැසක් සමගින් ඔහු මේ ඡන්ද සටනට ද මුහුණ දෙයි. මේ සඳහා එන් මාර්චේ පක්ෂය මොඩෙම් පක්ෂය සමග ඒකාබද්ධව සටනට ප්‍රවිශ්ට වී තිබේ.
රුවන්ඩා ජාතික සරණාගතයෙක් පමණක් නොව ගණිතඥයෙක් පවා මැක්‍රොන්ගේ පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවේ වෙති.
ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නැෂනල් එසෙම්බ්ලි හෙවත් ජාතික සභාවේ ආසන 577 කින් ආසන 289ක් දිනාගැනීමට උවමනා කෙරේ. පළමු වටයේ ඡන්දයෙන් මැක්‍රොන්ගේ පක්ෂය 32.3%ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගත්තේය. මීට පෙර ප්‍රංශයේ පාලක පක්ෂය වශයෙන් පැවති ‘ද සෝෂලිස්ට්’ හෙවත් ‘සමාජවාදියෝ’ පක්ෂයට දිනාගත හැකි වූයේ 9.5% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
මේ අතර මෙසේ ගෙවී යන සිය ජීවිතයේ කාර්යබහුලම දින කිහිපය තුළ පවා මැක්‍රොන් සිය බිරිඳ සමග නිවස අසල සුපුරුදු පාපැදි සවාරිවල යෙදෙන ආකාරය දැකගත හැකි විය.
-අමාලි ජයවීර
COMMENTS