දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අක්කර 62,500ක වෙල්ලස්සේ ඉඩම් කොල්ලය පිටුපස ආයෝජන මගඩියක්

ඒ පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී මෙම ව්‍යාපෘතිය ඇරැඹීමට කටයුතු කරමින් සිටිය දී  එවකට මහවැලිය අයත් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අදාළ ව්‍යාපෘ...

අක්කර 62,500ක වෙල්ලස්සේ ඉඩම් කොල්ලය පිටුපස ආයෝජන මගඩියක්
ඒ පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී මෙම ව්‍යාපෘතිය ඇරැඹීමට කටයුතු කරමින් සිටිය දී  එවකට මහවැලිය අයත් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අදාළ ව්‍යාපෘතිය අසාර්ථක සහ අනුමත කළ නොහැකි ව්‍යාපෘතියක් බව තහවුරු කර ඇති නිසාය. එසේම ඊට ඌව වෙල්ලස්ස ප්‍රදේශවාසීන්ගේ, පරිසර ක්‍රියාකාරිකයන්ගේ හා බහුජන සංවිධාන ඇතුළු පිරිස්වල බරපතළ විරෝධය එල්ල වී ද ඇත.
 
කෙසේ නමුත් ආණ්ඩුවේ විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටින ආකාරයට සිංගප්පූරුවේ පිහිටි ගැසල් වෙන්චර්ස් (Gazelle Ventures) නම් සමාගම ඔස්සේ එහි මව් සමාගම වන ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටි සීඩීවීසීඒ (CDVCA) නම් සමාගමට ලබා දීමට නියමිත අතර ඒ බව අංක MDE$AD$03$CAB)PA$2017 දරන කැබිනට් පත්‍රිකාව තහවුරු කරයි.
 
එසේම දැනගන්නට ලැබී ඇති ආකාරයට මෙම ව්‍යාපෘතියේ ශ්‍රී ලාංකික නියෝජිත සමාගම ලෙස අයි.එම්.එස් පුද්ගලික සමාගම (Islandwide Marketing Services ^Pvt& Ltd) කටයුතු කරන අතර අදාළ ව්‍යාපාරයේ කොටස් බෙදී යන්නේ ගැසල් වෙන්චර්ස් සමාගමට කොටස් 88%ක්, අයි.එම්.එස්. සමාගමට කොටස් 10%ක්, මහවැලියට කොටස් 1 %ක් සහ ගොවි ජනතාවට කොටස් 1%ක් හිමිවන ලෙසින්ය.
 
එසේම මෙම ව්‍යාපෘතිය  දැවැන්ත ආයෝජනයක් ලෙස මේ වන විට හඳුන්වාදී ඇතත් වාර්තා වන ආකාරයට ගැසල් වෙන්චර්ස් සමාගම මේ සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තුව සිටින්නේ ඇමරිකන් ඩොලර් මිලියන 150 කට ආසන්න මුදලකි. එසේම එම මුදල ද සමාගම විසින් විදෙස් විනිමය ලෙස මෙරටට නොගෙනෙන අතර ඒ සඳහා මූල්‍ය පහසුකම් මෙරට බැංකු හරහා සපයා ගැනීමට සැලසුම් කර ඇත. මේ බව හෙළිකරන පුවත් මූලාශ්‍රයන්ට අනුව හඳුන්වාදී ඇති ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් 150 ක මුදල කිසිසේත් ප්‍රමාණවත් වන්නේ ද නැත.
 
එසේම මෙම ව්‍යාපෘතිය හරහා මෙරට සීනි අවශ්‍යතාවයෙන් 14%ක ප්‍රමාණයක් පමණක් සැපයීමට අපේක්ෂා කරගෙන සිටින අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ආනයනික සීනි ප්‍රමාණයෙන් මෙටි්‍රක් ටොන් 80,000 ක් සැපයෙන ව්‍යාපෘතියක් සඳහා රක්ෂිත ප්‍රදේශ ද ඇතුළත් නොයිඳුල් ඉඩම් අක්කර 60,000 ක් වෙන් කිරීම අලි මිනිස් ගැටුම තීව්‍ර කිරීම ඇතුළු  බරපතළ ප්‍රශ්න ඇති කරන ජාතික විනාශයක් වන බවයි.
 
තව ද 2007 වසරේ දී බ්‍රිතාන්‍ය සමාගමක් වන බුකර් ටේට් (Booker Tate) සමාගමට උක් වගා ව්‍යාපෘතියක් සඳහා ඌව වෙල්ලස්ස ප්‍රදේශයෙන් ඉඩම් ලබා දීමේ කටයුතුවලට මැදිහත් වූ අයි. එම්. එස්. පුද්ගලික සමාගම (Islandwide Marketing Services (Pvt) Ltd.) මේ ව්‍යාපෘතියේ ද ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් කටයුතු කරන බවත් රාජපක්ෂ සමයේ අත්හළ අසාර්ථක ව්‍යාපෘතියක් යහපාලන ආණ්ඩුව යටතේ  වෙනස් මුහුණුවරකින්  ගෙන ඒමක් මේ තුළ සිදු වන බව ද ඔවුන් පෙන්වා දෙයි.
 
එසේම මෙම ව්‍යාපෘතිය සඳහා විදෙස් සමාගමක් මැදිහත් වන බව පෙන්වා දී තිබුණත් අදාළ ආයෝජනය සිදු වන ස්වභාවය අනුව ආයෝජනය සඳහා ඇති මූලික සුදානම ම සැක සහිත බව ද වාර්තා වෙයි. ඒ බව සඳහන් කරන ආරංචි මාර්ග සඳහන් කර සිටින ආකාරයට රාජපක්ෂ සමයේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල වෙනුවෙන් ද මෙවැනිම ආයෝජනයක් සිදුව ඇත. ඒ එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීම යටතේය. එහි දී ද විදෙස් විනිමය යොදවා අදාළ ආයෝජනය සිදුව නැති අතර ඒ සඳහා මුදල් ගෙන තිබෙන්නේ අදාළ කම්හල ඇපයට තබා දේශීය බැංකුවකින් ණයක් ලබා ගෙනය. අවසානයේ එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති අතර බැංකුවට ඉතිරිව ඇත්තේ අදාළ කම්හලේ මළ කෑ යකඩ ගොඩවල් පමණය. ඒ බව සඳහන් කරන ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ ආණ්ඩුවට ඉමහත් අපකීර්තියක් මෙන්ම ජාතික සම්පතක් වැනසීමේ අවදානමක් ඇති මෙම ව්‍යාපෘතිය සම්බන්ධව නැවත සලකා බැලීමක් සිදු කළ යුතුව ඇති බවය. 
 
සංජය ලියනගේ

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අක්කර 62,500ක වෙල්ලස්සේ ඉඩම් කොල්ලය පිටුපස ආයෝජන මගඩියක්
අක්කර 62,500ක වෙල්ලස්සේ ඉඩම් කොල්ලය පිටුපස ආයෝජන මගඩියක්
http://ift.tt/2sFR2Pr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/62500.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/62500.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy