දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අලුත්ගම ‘කලු ජූනියක්’ කර අවුරුදු 3යි !

ඉන්පසු තත්ත්වය උණුසුම් වූයේත් ඇදිරි නීතිය දමා තිබිය දී ය. මුස්ලිම්වරුන්ට අයත් දේපල විශාල වශයෙන් ගිණිබත් වුයේත් ඇදිරි නීතිය දමා තිබිය දීය....

අලුත්ගම ‘කලු ජූනියක්’ කර අවුරුදු 3යි !

ඉන්පසු තත්ත්වය උණුසුම් වූයේත් ඇදිරි නීතිය දමා තිබිය දී ය. මුස්ලිම්වරුන්ට අයත් දේපල විශාල වශයෙන් ගිණිබත් වුයේත් ඇදිරි නීතිය දමා තිබිය දීය.

කෙසේ නමුතු මෙහි එකම වග උත්තරකරුවා වන බොදු බල සේනාව සම්බන්ධයෙන් වහාම නීතියට අනුව ගත යුතු වැඩ පිළිවෙල එවකට පැවති රාජපක්ෂ පාලනය විසින් ගත්තෙ නැත. එපමණක් ද නොව එහිදී පොලීසිය හැසුරුණු ආකාරය පිළිබදව ද වචනයක් හෝ කීමෙන් වැළකීමට එවකට සිටි රාජපක්ෂ පාලනය පරෙස්සම් විය. රාජපක්ෂලාගේ ‘පරෙස්සමේ තක්කඩිකම‘ හදුනාගත් පුරවැසියන් විසින් රාජපක්ෂලා පසුගිය 2015 ජනවාරි 8 වෙනිදා පරාජය කලේය.

කෙසේ නමුත් ගිණිගත් දර්ගාවේ ගින්න තවමත් නිවී යැයි කල්පනා කල නොහේ. එහි ජනයාට යුක්තිය සහ සාධාරණත්වය ඉටු විය යුතුය. හැම දාම මෙන් වසරක්, 3වසරක් ගත වුවද සෑම ව්‍යසනයකින්ම පසුව සේම මෙයත් සිදුනොකරන සේයක් පෙනේනට තිබේ.

නමුත්, එදවස විපක්ෂ නායක, අද අගමැති රනිල් වික්‍රමසිංහ මෙසේ කීවේය. (අප වෙබ් අඩවිය විසින් බීබීසී ය උපුටා දක්වමින් මෙසේ සටහන් කළේය.)

අලුත්ගම මැරයන් අපි හඳුනනවා – රනිල්

සිරිකොත ප්‍රහාරය ඇතුළු වෙනත් බොහෝ ගැටුම්වලට සහභාගි වූ මැරයන් අලුත්ගම සහ බේරුවල ගැටුම්වලටත් සම්බන්ධ වූ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ප්‍රහාරවලට පැමිණි පිරිස් මේ වන විට හඳුනා ගෙන ඇති බව පැවසූ විපක්ෂනායකවරයා මින් ඉදිරියට මෙවැනි ක්‍රියා සිදුවීමට ඉඩ නොතබන බවයි ගැටුම් වලින් පීඩාවට පත් ජනතාව ඉදිරියේ අවධාරණය කර සිටියේ, ගැටුම්වලින් හානියට පත් බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල සංචාරයක නිරත වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා ඒ බව කියා සිටියේය.

හානියට පත් නගර යළි ගොඩනැගීමට පෙර ගැටුම්වලට සහභාගී වූ හා ගැටුම් මෙහෙයවූ පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතු බව ප්‍රදේශවාසීහු විපක්ෂනායකවරයා ඉදිරියේ ප්‍රකාශ කළ බව මාධ්‍යවේදී රත්න ශ්‍රී ගමගේ සංදේශයට කියා සිටියේය.

අලුත්ගම සහ බේරුවල පැවති ගැටුම් සහ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන බවත් විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

දැන්

දර්ගා නගරයේ ඇති කළ ව්‍යසනය පිළිබදව එසේ කීව් එවකට විපක්ෂනායකවරයා දැන් ලංකාවේ අගමැතිවරයාය.

වසර 3ක් ගත වී තිබේ.

එම බිහිසුණූ රාත්‍රිය උදාවීමට පෙර බොදුබල සේනාවේ තක්කඩියන් එම ප්‍රදේශයට ගොස් කළ තර්ජනයන් මුලු ලොවම දුටුවෝය. පසුව ඇදිරි නීතිය දමා තිබිය දී, හමුදාව සහ පොලීසිය ද බලා සිටියදී මුස්ලිම්වරුන්ගේ ගෙවල් දොරවල් ගිණි තබමින්, ඔවුන්ට පහර දෙමින් ජීවිත කිහිපයක් බිලි ගත් හැටිත් දැන් ලෝකයට වසන් කිරීමට නොහැකිය.

එබැවින් එදවස විපක්ෂනායක අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාණෙනි, ඔබ හදුනනවා කිව් ඒ මැරයන් දැන් වත් නීතිය හමුවට පමුණුවා යහපාලනය ක්‍රියාවෙන් තහවරු කිරීම ඔබ හමුවේ ඇති වගකීමකි.

දර්ගා ව්‍යසනයෙන් වසර 3ක් ඉක්ම යන මොහොතේ හෝ ඔබට එය කළ නොහැකි වුවහොත් ජාතික සමගිය, ආගමික සහජීවනය වැනි වචන සමග හෙට ඔබ පුරවැසියන් හමුවට යන විට දෙවරක් සිතන්න. මක්නිසාද යත්, අවසානයේ රටේ අනාගතය තීන්දු කරන්නේ සක්‍රීය පුරවැසියන් නිසාය.


සම්පත් සමරකෝන්

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලුත්ගම ‘කලු ජූනියක්’ කර අවුරුදු 3යි !
අලුත්ගම ‘කලු ජූනියක්’ කර අවුරුදු 3යි !
http://ift.tt/2td4wiG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/3_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/3_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy