දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලන්ඩන් ගින්නෙන් දැවී අළු වුන සංවර්ධන මායාව! - ලන්ඩන් පබ් 12

‘කොහෙද? මොන ගින්නක්ද? ' කියල. ‘ ඇයි බං ඔය සෙන්ට්‍රල් ලන්ඩන් වල හෙණ ගින්නක් දැන් මෙහේ ටීවී වල පෙන්නනවා. අපිත් මේ හොල්මන් වෙලා බලන් ඉන...

ලන්ඩන් ගින්නෙන් දැවී අළු වුන සංවර්ධන මායාව! - ලන්ඩන් පබ් 12

‘කොහෙද? මොන ගින්නක්ද? ' කියල.

‘ ඇයි බං ඔය සෙන්ට්‍රල් ලන්ඩන් වල හෙණ ගින්නක් දැන් මෙහේ ටීවී වල පෙන්නනවා. අපිත් මේ හොල්මන් වෙලා බලන් ඉන්නෙ. ඔච්චර හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි රෙගියුලේෂන් තියෙන රටේ කොහොමද බං ඔය වගේ ගින්නක් ඇති වෙන්නෙ? ඔන්න අපේ වගේ තුන්වෙනි ලෝකෙ රටක ඕක උනානම් විශ්වාස කරන්න පුළුවන්. අර මතකනෙ බංග්ලාදේශයේ ගාමන්ට් ෆැක්ටරිය කඩන් වැටිච්ච වෙලාවෙ බටහිර ජනමාධ්‍ය දේශනා කරපු බණ. ලාභය විතරයි හොයන්නේ මිනිස් ජීවිත ගැන කිසිම සැලකිල්ලක් නැහැ කියල' බාර් මෑන්ගෙ මිතුරා දිගටම කියවගෙන යනවා.

‘පොඩ්ඩක් හිටපං මං ඉස්සෙල්ලා නිවුස් බලලා ඉන්නම්. වෙලා තියෙන්නෙ මොකක්ද කියල හරියටම දැනගෙන මං උඹට ආපහු කෝල් කරන්නම්' දුරකතනය විසන්දි කළ බාර් මෑන් කෙලින්ම ගියේ සාලයේ තියෙන ටීවී එක ඉස්සරහට. හත්දෙයියනේ .... මොකක්ද මේ ....... ෂුවර් එකටම ටෙරරිස්ට් ඇටෑක් එකක් තමයි. නැත්තන් කොහොමද සම්පූර්ණ ටවර් බ්ලොක් එකක්ම පැය ගණනකින් මේ විදිහට ගිනි ගන්නෙ. ඒ වෙනකොට ෆයර් ෆයිටර්ස්ලා දෙසිය ගානකුයි ෆයර් එන්ජින් හතලිස් ගානකුයි ගින්න නිවන්න උත්සාහ කරමින් සිටියා.  ඔය ගිනි ගත්ත ග්රේන්ෆෙල් ටවර් බ්ලොක් එකේ පවුල් 125 ක් පදිංචි වෙලා හිටියා. ගින්න ඇති වෙන කොට අවම වශයෙන් මිනිස්සු 600 කට වැඩි ගානක් ප්ලැට් ඇතුලෙ ඉදලා තියෙනවා. බාර් මෑන් ඇහි පිල්ලන් ගහන්නෙ නැතුව ටීවී එක දිහා බලන් හිටියා.

ලන්ඩන් ෆයර් සර්විස් කමිෂනර් බොහොම අකම්පාලව කියා හිටියේ ඇගේ විසි නම වසරක සේවා කාලය තුළ මේ වගේ දරුණු ගින්නක් අත් දැක නැති බවයි. ගින්න පිළිබඳව ඇයට තියෙන්නෙ දැඩි සැකයක්. මුලින්ම සැක සිතුනේ කවුරු හරි හිතාමතාම ගින්න ඇති කළා කියලා. ඉස්සර අපේ රටේ හැම ත්‍රස්තවාදී ක්‍රියාවක්ම බැර වුනේ කොටි සංවිධානයට එහෙම නැත්තං ජේවීපී එකට. අද ඒ වගේ යුරෝපයටත් ඉන්නවා හැමදේටම ඇඟිල්ල දික් කරන්න පුළුවන් කට්ටියක්. ඒ තමයි ඒ ගොල්ලොම හදපු ISIS.

නමුත් මේ වන විට මේ ගින්නට වග කිව යුතු සැබෑ ත්‍රස්තවාදීන් හෙළිවෙමින් පවතිනවා.

මාර්තු මාසෙ වෙස්මිනිස්ටර් ඇටෑක් එක. ඊට පස්සෙ මැන්චෙස්ටර් සුවිසයිඩ් ඇටෑක් එක. ඊළඟට ලන්ඩන් බ්‍රිජ් බරෝ මාකට් ඇටෑක් එක. දැන් ග්‍රේන්ෆෙල් ටවර් බ්ලොක් ගින්න. නමුත් ඒක වෙනස්. ඒ පිළිබඳව හොඳම අර්ථකතනය දුන්නෙ ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් ලැමී. ඔහු කිව්වෙ මේක ‘Corporate manslaughter ' ( ආයතනික සාවද්‍ය මනුෂ්‍ය ඝාතන) කියල. ඒ කතාව 100 % ක්  ම හරි. මේ ගිනි ගත්ත මහල් නිවාස සංකීර්ණය පවුම් මිලියන 10 ක් වියදම් කරලා ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නෙ මීට අවුරුද්දකට කලින්. නමුත් ඒ සඳහා රෙකමදාරු කරල තිබුණු ස්ප්‍රින්ක්ලර් සිස්ටම් එක හයිකරලා නෑ. ඒක හයි කරන්න යන්නෙ පවුම් ලක්ෂ 2 යි. ඒ ගාන ඉතුරු කර ගන්න එංගලන්තෙ ධනවත්ම බරෝ එක වන ‘Kengsington and Chelsea ' කවුන්සිලයේ නිලධාරි මහත්වරු කටයුතු කරලා තියෙනවා. අතිසාර්ථක විදිහට දීල තිබිච්ච බජට් එකටත් අඩුවෙන් වැඩේ කරලා තියෙනවා. මිනිස් ජීවිත එකසිය ගාණක් නැති වුනත් කවුන්සිල් එක පවුම් ලක්ෂ 2 ක් ඉතුරු කරපු එක කොච්චර ලොකු දෙයක්ද? ඕකට ලංකාවෙ කියන්නෙ ‘ලෙඩා මලත් බඩ සුද්දයි ' කියල.

පුරුදු පරිදි විදිහට බදාදා දවල් ලන්ඩන් පබ් එක විවෘත කර යන එන කාගෙවත් මූණුවල සතුටක සේයාවක් වත් නැහැ. සතියේ දවසක් නිසා ලංකාවෙ අපේ කෂ්ටිය වැඩි දෙනෙක් ආවෙත් නැහැ. දැනට විශ්‍රාම සුවයෙන් ඉන්න දොස්තර ඇන්ඩෘ බර්නාඩ් හෙලකුමාර මහත්තයයි දැනට බීබීසී එකෙන් විශ්‍රාම අරන් ඉන්න ප්‍රියන්තයි එදා පබ් එකට ආවා. බාර් මෑන් ඔවුන් දෙන්නත් එක්ක පබ් එකේ උඩු මහලට ගිහිල්ලා තාමත් ගිනි ගනිමින් පවතින ග්‍රේන්ෆෙල් ටවර් බ්ලොක් එක දිහා බලන් හිටියා. සෑහෙන වෙලාවකට පස්සෙ දොස්තර හෙල කුමාර ‘ඉට්ස් අ ටෙරිබල් ට්‍රැජඩි' කියමින් කටහඬ අවදි කළත් බාර් මෑනුත් ප්‍රියන්තත් කදුළු පිරි දෙනෙත් වලින් මිනිස්සු එකසිය ගණනක් දැවී අලුවෙලා යන චිතකය දිහා බලන් හිටියා. ඒ වෙලාවෙ බාර් මෑන්ට මතක් වුනේ මීට අවුරුදු විස්සකට විසි එකකට ඉහත කොලොන්නාවෙ තෙල් ටැංකිවලට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙච්ච දවස.  එදා බාර් මෑන් යාළුවො දෙන්නෙක් එක්ක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රලගෙ ගෙදර ගිහින් ඔහුත් එක්ක මිනී උඩින් පැන පැන ඇවිලී යන තෙල් ටැංකි බලන්න ගිය ගමන. මහරගම පොලිසියේ බාර් මෑන් දන්න අදුනන උප පොලිස් පරීක්ෂකයෙකුගෙ මළ සිරුර අසළ බාර් මෑන් සෑහෙන වෙලාවක් බලන් හිටියා. ඒ උප පොලිස් පරීක්ෂකවරයට මහරගම පැත්තෙ උදවිය කිව්වෙ තනි අලියා කියල. එහෙම කිව්වෙ එයා පොලිස් රේඩ් වලට ගියේ තනියම නිසා.

අවසානයේ පියගැට පෙළ බහිමින් බිම් මහලට එන අතරතුර ප්‍රියන්ත කිව්වෙ ‘දිස් ඉස් ද ඩාකස්ට් මොනියුමන්ට් ඉන් ලන්ඩන්' කියල. බාර් මෑන්ගෙ හිතේ තෙරපෙන වේදනාව ඔහු වචනයට නැගීමට උත්සාහ කලේ නෑ.

‘චෙල්සි හා කෙන්සින්ටන්' කියන්නෙ ලෝකයේ සුපිරිම ධනවතුන් පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයක්. අරාබි රුසියානු චීන අප්‍රිකානු Oligarchs ලා (A very rich business leader with a great deal of political influence) ගොඩක් අය පදිංචි වෙලා ඉන්නෙ සවුත් කෙන්සින්ටන්වල. මේ සිද්ධිය සිද්ද වුනේ උතුරු කෙන්සින්ටනයේ. ග්‍රේන්ෆෙල් ටවර් බ්ලොක් එක වටේට තියෙන්නෙ අතිශය සුඛෝපභෝගී අති නවීන මහල් නිවාස. ඒවායේ මිළ පටන් ගන්නෙ ස්ටර්ලින් පවුම් මිලියනයේ සිට ඉහළට. ඒවා අතර අන්ත අසරණ දුප්පතුන් වාසය කරන ග්‍රේන්ෆෙල් ටවර් වගේ එවත් තියෙනවා. මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කේම්බ්‍රිජ් හි ආදිපාදවරයාත් ආර්යාවත් අපේ භාෂාවෙන් කියනවනම් විලියම් සහ කේට් ඇතුළු ජෝජ් සහ චාලට් පොඩි එවුන් දෙන්නත් පදිංචිව ඉන්න කෙන්සින්ටන් මාළිගය පිහිටා තියෙන්නෙත් ඔය අසළම තමයි.

දරා ගන්නම බැරි වේදනාවම තමයි ගිනි ගත්ත මහල් නිවාසයේ වැඩිපුරම හිටියෙ ලෝකයේ විවිධ රටවලින් ඉසුරුමත් ජීවිතයක් හොයාගෙන එංගලන්තයට සංක්‍රමණය වෙච්ච උදවිය. ගොඩක් අය දේශපාලන සරණාගතයො. පළමුවෙන්ම හදුනාගත්ත මළ සිරුර සිරියානු භද්‍ර යෞවනයෙකුගේ. ඔහු එංගලන්තෙට ඇවිල්ලා තියෙන්නෙ සිරියාවෙ සිවිල් යුද්ධය නිසා 2014 දි. අනාගතයේ ඉංජිනේරුවෙක් වීමේ බලාපොරොත්තුවෙන් අධ්‍යාපන කටයුතු කරමින් සිටියදී තමයි ඔහුට මෙම විපත සිද්ධවෙන්නෙ. බොහෝ අය මුස්ලිම් ජාතිකයො. එක් මුස්ලිම් ජාතික තරුණියක් බීබීසී සමග අදහස් දක්වමින් කියා සිටියේ ‘ They took revenge from us' ( ඔවුන් අපෙන් පළි ගත්තා) කියලා. ඒක මහා අන්තවාදී ප්‍රකාශයක්. මුස්ලිම් අන්තවාදීන්ට ඒක ඇති තවත් අසරණ මිනිසුන් සිය ගාණකගෙ බෙලි කපන්න. එක් අන්තවාදයක් හැම වෙලාවෙම පෝෂණය වෙන්නෙ තවත් අන්තවාදයකින්.

පහුගිය අවුරුද්දෙ පමණක් එංගලන්තය තුළ පුද්ගලයන් දෙසිය විසි ගණනක් ගින්න නිසා ජීවිත අහිමිකරගෙන තියෙනවා. මේකට ගොඩක්ම හේතුව එංගලන්තයෙ ගොඩනැගිලි හදන්න යොදා ගන්න අමුද්‍රව්‍ය වහා ගිනි ඇවිලෙන සුළුවීම. ප්ලාස්ටර් බෝඩ්, ක්ලැඩින් වගේ  දේවල් තමයි මේ ගිනි වලට වහා ගොදුරු වෙන්නෙ. ලංකාවෙ මේවගේ තදබල ගිනි ඇතිවෙන්නැත්තෙ ගඩොල් සහ කොන්ක්‍රීට් නිසා. හීත කාලෙ උණුහුම රඳව ගන්න ඕන නිසා තමයි ගොඩක් ගොඩනැගිලි යට කී අමුද්‍රව්‍ය භාවිතා කරන්නෙ.

21 වෙනි සියවසේ ගොඩනැගිලි රෙගුලාසි (Building regulations)  ගැන  සෞඛ්‍ය සහ ආරක්ෂණ ක්‍රමවේද (Health and Safty regulations) මහ ඉහලින් මහා බ්‍රිතාන්‍යයේ කට්ටිය කියවන්නෙ. තුන්වෙනි ලෝකෙ රටක මේ වගේ දෙයක් සිද්ධවුනානම් ඒ රටවල් එක්ස්පෝට් කෝටා පවා කැන්සල් කරාවි අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කලේ නැහැ කියල. අපිට බණ කියන සුද්දන්ගෙ කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් වැක්කෙරෙනවා. මීට අවුරුද්දකට ඉස්සෙල්ලා Refurbished කරපු මහල් නිවාස සංකීර්ණයක් පැය 2 ක් ඇතුළත මිනිස් ජීවිත එකසිය ගාණක් එක්ක දැවිලා අලුවෙනවා. කෙන්සින්ටන් කවුන්සිල් නිලධාරි මහත්වරුම තමයි මෙම ගොඩනැගිල්ල සියළුම රෙගුලාසි සපුරා ඇති බවට Sign off කරලා තියෙන්නෙ. හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි ෆෝම් එකේ හැම බොක්ස් එකක්ම ටික් කරලා. මේක අමුම අමු ප්‍රෝඩාවක්. සංවර්ධනය කියන්නෙ මේකද? සංවර්ධනය වූ රටක් කියන්නෙ මේකද? දරිද්‍රතාවයෙ පතුලෙ ඉන්න මිනිස්සු බල්ලො බළල්ලු වගේ මැරෙන්න ඉඩ හැරීම සංවර්ධනයද? ඇත්තටම මේක කෝපරේට් මෑන්ස්ලෝටර් එකක් කියන එක හරියමට හරි.

ග්‍රේන්ෆෙල් ටවර් බ්ලොක් එක ළඟ තවත් ඒවගේම ටවර් බ්ලොක් එකක වාසය කරන ඝානා ජාතික ඇල්ෆ්‍රඩ් අවුහා එදා හවස බාර් මෑන් එක්ක පයින්ට් එකක් තොල ගාන ගමන් නියම කතාවක් කිව්වා.

‘ලේබර් ස්පේන්ට් ස්පෙන්ට් ස්පෙන්ට් .......... කන්සර්වේටිව් කට් ... කට් .... කට් .. ' කියමින් ඇල්ෆ්‍රඩ් අවුහා බ්‍රිතාන්‍ය දේශපාලනයේ යථා ස්වභාවය වචන කීපයකට හකුලා දැක්වූවා.


2010 ඉදන් මේ දක්වා බ්‍රිතාන්‍ය පාලනය කරන්නෙ කන්සර්වේටිව් පක්ෂය. ඉතිහාසය පුරාම කන්සර්වේටිව් පාලනය තිබුණු හැම කාලයකම සිද්ධවෙලා තියෙන්නෙ සමාජ අසමතුලිතතාවය. (Social inequality) පැටව් ගැසීම. පහුගිය දා ලන්ඩනයේ ගින්න එම සමාජ පැතිකඩේ තවත් එක් අඳුරු සටහනක් පමණයි.

ඒ වගත් මෙ‍ෙස්මැයි

ලන්ඩන් පබ් එකේ සිට සයිබර් අවකාශයට වාර්තා කළේ

බාර් මෑන් වන මම විසිනි.

පහත විද්‍යුත් තැපෑල ඔස්සේ අප හා සම්බන්ධ වන්න
barman@london-pub.net

සබැඳි සටහන්

එංගලන්තය ජනවාර්ගික ගිනි ජාලාවක මුවවිට !

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28609,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලන්ඩන් ගින්නෙන් දැවී අළු වුන සංවර්ධන මායාව! - ලන්ඩන් පබ් 12
ලන්ඩන් ගින්නෙන් දැවී අළු වුන සංවර්ධන මායාව! - ලන්ඩන් පබ් 12
http://ift.tt/2rCcynR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy