දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ට්‍රම්ප් නොහොත් ‘වෙරි වූ විදේශිකයා’ගේ කඩු නැටුම (The drunk tourist)

ඒ සඳහා උදාහරණ ගණනාවක් පසුගිය දිනවල දැකගත හැකිවිය. ට්‍රම්ප් ගොස් ප්‍රංශයේ නව ජනපති තරුණයාට අතට අත දුන් විකාරරූපී ශෛලිය, මොන්ටනිග්‍රෝවල ...

ඒ සඳහා උදාහරණ ගණනාවක් පසුගිය දිනවල දැකගත හැකිවිය. ට්‍රම්ප් ගොස් ප්‍රංශයේ නව ජනපති තරුණයාට අතට අත දුන් විකාරරූපී ශෛලිය, මොන්ටනිග්‍රෝවල ජනාධිපති ඩස්කෝ මාකොවික්ව තල්ලු කරගෙන ඉදිරියට යාම යනාදී මේ බේබදු හැසිරීම්වල උපරිමය ඊයේ දිනයේ සටහන් වූ අතර අවසානයේ යුරෝපා සංගම් ප්‍රධානී සහ ජර්මානු නායිකා, ඇන්ජෙලා මර්කෙල් හට සිදුවූයේ යුරෝපය සමග පවත්වාගෙන ගිය ඇමරිකාවේ සන්ධානය මෙතැනින් නිමි කියා ප්‍රකාශ කරන්නට ය !! සමුළුවෙන් පසු බීර වීදුරුවක රස බලන්නට බැවේරියාවට පැමිණි ඇය ඒ බව ඉතාම විවෘතව සහ පැහැදිලිව ප්‍රකාශකර, නිදහසේ බීර උගුරක් බොන අන්දම මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවිවල සංසරණය වෙමින් තිබෙන්නේ ඇගේ එම ප්‍රකාශය සඳහා ජර්මනිය තුළ විශාල ජනප්‍රියත්වයක් ද අත් කර දෙමිනි.
“යුරෝපියානුවන් වන අපි ඇමරිකා එක්සත් ජනපදය සමග” මිත්‍රකමෙන් යුතුව අපේ දෛවය අප අතට ගනිමින් ක්‍රියාත්මක විය යුතුයි. නමුත් ජනපති ට්‍රම්ප් සහ බ්‍රෙක්සිට් යන සාධක දෙක සැලකීමේදී ජර්මනියටත් යුරෝපයටත් තවදුරටත් ඇමරිකාව හෝ එක්සත් රාජධානිය තමන්ගේ සගයන් යැයි පිළිගන්නට බැහැ” යැයි ... ඇන්ජෙලා මර්කෙල් පැවසුවාය. 
ඇමරිකානු රාජ්‍ය දෙපර්තමේන්තුවේම නිලධාරියෙක් පැවසූ ආකාරයට මේ සංචාරය පුරාම ට්‍රම්ප් හැසිරුණේ අමුතුම මාන්නයකිනි. ඉතා සරල ව කියන්නේ නම් තේරුමක් නැති ආඩම්බරයකිනි. ‘ද ඩේලි බීස්ට්’ අමතා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේම නිලධාරියෙක් කියා තිබුණේ ට්‍රම්ප් මේ සංචාරයේදී රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට වඩා බේබද්දෙකු මෙන් හැසිරෙන බව ය!!. පමණට වඩා බීමත් වී,  අනුන් තල්ලුකරගෙන නැටුම්බිම වෙත ඇදුණු” අනුන්ව පෑගුණු නමුත් එය නොතකන අයෙක් සේ එහිදී ඔහු විසින් ට්‍රම්ප් ව විස්තර කර තිබිණි.
නව ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන්,  ට්‍රම්ප්ගේ උමතුරූපී අතට අත දීමෙන් සහ අපහසුකාරී දත නියවීමෙන් අනතුරුව පැවසුවේ ට්‍රම්ප්ගේ අතට අත දීම කිසිසේත්ම ‘අහිංසක හැසිරීමක්’ නොවන බවයි. මොන්ටනිග්‍රෝ ජනපති ඩස්කෝ මාකොවික්ව තල්ලු කරගෙන ට්‍රම්ප් ඉදිරියට ඇදී ගොස් තිබුණේ හුදෙක්ම නේටෝ නායකයන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටීමේදී ඉස්සරහින්ම සිටීමේ ආසාව නිසා ය!!.  
සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරවලින් අනතුරුව නේටෝ සාමාජික රාජ්‍යයන්ගේ බලය සමරන උත්සවයකට ද මේ සංචාරයේදී ට්‍රම්ප් සහභාගි විය. එහිදී ට්‍රම්ප් ජර්මනිය ගැන සාහසික ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ ජර්මනිය නරක බව ය. ඉතාම නරක බව ය. ඒ සඳහා හේතුවක් ලෙස ඔහුට කියාගන්නට හැකිවූයේ ජර්මනියේ ‘වෙළඳ අතිරික්තය’ පමණ ය!!. එපණක් නොව යුරෝපා සංගමයේ රටවල් 28කට ඔහු දොස් කීවේ “ගෙවන්න තියෙන දේවල් ගෙවල දාන්නෙ නෑ” යන ග්‍රාම්‍ය භාෂා භාවිතයක් යොදාගනිමිනි. තවද නේටෝ සම්මුතියේ 5 වන වගන්තිය හෙවත් ‘සාමූහික ආරක්ෂාව’ පිළිබඳ විධිවිධාන ඇතුළත් වගන්තිය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ඔහු” “හැම කෙනෙක්ම එක් අයෙක් වෙනුවෙන්”  එක් අයෙක් හැම කෙනෙක්ම වෙනුවෙන්” (“all for one, one for all”) යන වචන හඬ නගා කීම ප්‍රතික්ෂේප කළේය. 
මේ සියල්ල මධ්‍යයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ආපසු සිය රට බලා ආවේ මානව හිමිකම් චෝදනා රැසක් ඇති සෞදිය සමග සතොසින් ‘කඩු නැටුම් නටා’ ය. එසේම සෞදි අරාබිය සමග ඇමරිකානු ඩොලර් බිලියන 100 ක ආයුධ ගනුදෙනුවක් ද සමගිනි. මෙවැනි කාර්යයක බරපතළ කම ගැන හාංකවිසියක්වත් නොවැටහෙන ට්‍රම්ප් අනතුරුව මේ ගැන ට්වී්ට් කළේ මෙසේ ය. zzJust returned from Europe. Trip was a great success for America. Hard work but big results!" තමන් කළ දේ මාරයි කියා තමන්ම කියා ගන්නා රාජ්‍ය නායකයෙක් ගැන”  අනේ ඉතින් ඒ රටේ පුරවැසියන්ට කියන්නට තියෙන්නේ මොනවාද?? 
ජර්මනිය සහ යුරෝපා සංගමය මේ අන්දමින් ඇමරිකාවෙන් දුරෙන් දුරු වීමට ගත් තීරණය සෘජුවම වාසි සහගත වන්නේ රුසියාවට ය.  රාජ්‍ය නායකයෙකුගේ නිල සංචාරයකින් ඕනෑම නොදියුණු රටක් පවා බලාපොරොත්තු වන්නේ ද්වීපාර්ශවීය හෝ බහුපාර්ශවීය විදේශ සම්බන්ධතා දියුණු වනු දැකීමයි. ඒ නායකයා නැවත සිය රට බලා එන විට ‘සහන මල්ලක්’, ‘ආධාර මල්ලක්’ හෝ ‘ණය මල්ලක්’ කෙසේ වෙතත්, විදේශ තන්ත්‍රය සමග මේ තාක් කල් තිබූ ‘හොඳ හිත’වත් රැකගෙන ආපසු සිය රට බලා එනු ඇතැයි ජනතාව අපේක්ෂා කරති. නමුත් යන යකා කොරහත් බිඳගෙන යන්නා සේ ට්‍රම්ප් ද කොහේදෝ යමින් සිටියි. උද්ධච්ඡ සහ නොපැසුණු ප්‍රමුදිත කමකින් සහ මාර ලොකු කමකින් කොහේදෝ යමින් සිටියි.! මේ ‘ගාලේ යාම’ තුළ ඇමරිකා එක්සත් ජනපදය පත්වන්නට නියමිත අනාගත හුදෙකලාභාවය  සුළුපටු යැයි ඔබ සිතනවාද?
- ක්‍රිෂාන්ති රාජපක්ෂ 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28609,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ට්‍රම්ප් නොහොත් ‘වෙරි වූ විදේශිකයා’ගේ කඩු නැටුම (The drunk tourist)
ට්‍රම්ප් නොහොත් ‘වෙරි වූ විදේශිකයා’ගේ කඩු නැටුම (The drunk tourist)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-W5iRZOjXxXE1AoZJmPVeGk1vG9xrVbegtyvoUwOE7F8AQ7KDZlP2BfgsFZJPRH0tnsC_1DzXPFp6ZC2_9-FYffg8OGDDJIwugc9RGw9KQ-DBpTaCoxCvrDIkNCH-y6JNlhno6rLnHtg/s320/7fe39ef55cb1c2e04988b3f9684683e1_XL.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-W5iRZOjXxXE1AoZJmPVeGk1vG9xrVbegtyvoUwOE7F8AQ7KDZlP2BfgsFZJPRH0tnsC_1DzXPFp6ZC2_9-FYffg8OGDDJIwugc9RGw9KQ-DBpTaCoxCvrDIkNCH-y6JNlhno6rLnHtg/s72-c/7fe39ef55cb1c2e04988b3f9684683e1_XL.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/drunk-tourist.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/drunk-tourist.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy