ඒ අනුව එම නඩුවේ සැකකරුවන් වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ,වාස්තු නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙම...
ඒ අනුව එම නඩුවේ සැකකරුවන් වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ,වාස්තු නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙම නඩුවේ පලමු සැකකරු වන බැසිල් රාජපක්ෂ මහතාගේ මස්සිනා වන කැනඩාවේ පදිංචි පශු වෛද්‍ය තිස්ස ගලප්පත්ති මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.
ඔහු අසනීප තත්වයෙන් පසු වන බවට ඒ මහතා වෙනුවෙනී පෙනී සිටි නීතිඥයින් වෛද්‍ය වාර්තාවකී මගින් අධිකරණයට කරුණු දැනුම් දුන්නේය
මෙම නඩුවේ තෙවැනි සැකකාරිය වන බැසිල් රාජපක්ෂ මහතාගේ නෑනා වන ලන්දගේ අයෝමි පුණ්‍ය කාන්ති ගලප්පත්ති මහත්මිය දැනට විදෙස් ගතව සිටින අතර ඇය අත්අඩංගුවට නියමිතව සිටී.
නඩුවට අදාල නීතිපති උපදෙස් මේ වන තෙක් ලැබී නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය දැනුම් දුන්නේය. ඒ අනුව නඩු විභාගය නොවැම්බර් 30 වැනි දක්වා කල් තැබිණි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දරන සමයේ මෙම ඉඩම් ගණුදෙනුව සිදුව තිබේ. ඔහුගේ මස්සිනා හා නෑනාගේ නාරාහේන්පිට පෞද්ගලික බැංකුවක වු බද්ධ ගිණුමට සිංගප්පූරුවේ ඊගල් ගෲප් ඇසෝසියේටඩ් ආයතනයෙන් හා හොංකොං හී වර්ඩ් ඩයමන් ආයතනයෙන් ලැබී තිබු මුදල් වලින් ඔවුන් විසින් එම ඉඩම මිලට ගෙන ඇත. ඒ ඉඩමේ හිමිකරු වු ජර්මන් ජාතික හර්බට් කෙලර් යන අයට මුදල් ගෙවීමෙනි. ඒ සදහා වැය කල මුදල් උපයා ගත් ආකාරය ප්‍රශ්න සහගත වීම නිසා මුදල් විශුද්ධීකරණ පනත යටතේ මෙම නඩුව පවරා තිබේ.
මෙම නඩුවට ඉදිරිපත් වීමට පැමිණී බැසිල් රාජපක්ෂ මහතාගේ සහායට හිටපු ජනපතිවරයාගේ හිටපු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ,දකුණු පලාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න යන මහත්වරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු ආධාරකරුවන් පිරිසක් ද මාතර මහේස්ත්‍රාත් අධිකරණ භූමියට පැමිණ සිටියහ
සැකකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ හා නීතිඥ විජේසිරි අඹවත්ත යන මහත්වරු සමග නීතිවේදීහු පිරිසක් පෙනී සිටියේය
වාර්ථාව මාතර ඉදුනිල් කැළුම් ජයවීර
COMMENTS