කළුතර දිස්ත්‍රික්යේ අගලවත්ත බෝගහවත්ත කන්ද නායයාමෙන් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් ඇති අතර අගලවත්ත මාවතවත්ත ප්‍රදේශයෙන් ද පුද්ගල මරණ 4 ක් වාර...
කළුතර දිස්ත්‍රික්යේ අගලවත්ත බෝගහවත්ත කන්ද නායයාමෙන් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් ඇති අතර අගලවත්ත මාවතවත්ත ප්‍රදේශයෙන් ද පුද්ගල මරණ 4 ක් වාර්තා වේ.
රත්නපු අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම මහතා පවසන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇති බවයි. කළුගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා රත්නපුර නගරය සම්පූර්ණයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රදේශයෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වන අතර මීට අමරතරව සපුගස්කන්ද ප්‍රදේශයේ පස් කන්දකට යටවීමෙන් මවක හා දියණියක මියගොස් තිබේ.
මේ අතර ගාල්ල නෙළුව ප්‍රදේශයේ ජල ගැලීම්වලට මැදිව සිටින පුද්ගලයන් බේරාගැනීමේ කටයුතුවල නිරතව සිටි ගුවන් භටයෙකු ඇතුලු තිදෙනෙකු අනතුරට ලක්වී ඇති බව ද වාර්තා වේ.
කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ සහ කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මේ වනවිට දිවයිනේ ප්‍රදේශ ගණනාවක විශාල පිරිසක් අවතැන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
COMMENTS