ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පුද්ගලයන් 557,505 ක් ගංවතුර හේතුවෙන් අවතැන්ව සිටින බවයි. මෙ අතර ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය පව...
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පුද්ගලයන් 557,505 ක් ගංවතුර හේතුවෙන් අවතැන්ව සිටින බවයි.
මෙ අතර ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය පවසන්නේ තවමත් නායයාමේ අවදානම ඉවත්ව නොමැති බවයි. ඒ අනුව රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශය අද නිවේදනය කළේ ගංවතුර හේතුවෙන් ආපදාවට ලක්වූ සියලු පාසල් සිසුන්ට නැවත පාසල් යාම සඳහා අවශ්‍ය සියලු දේ ලබාදෙන බවයි. ඒ අනුව පාසල් නිළ ඇඳුම් කට්ටල 3 ක් සපත්තු කට්ටලයක් හා පෙළපොත් සහ අභ්‍යාස පොත් ලබාදීමට රජය තීරණය කර තිබේ.
COMMENTS