අගෝස්තු මාසය වනවිට රට තුළ විශාල වෙනසක් ඇතිවනු ඇති බව පැවසූ අමාත්‍යවරයා එයට බියවී ඇතැම් පිරිස් ආණ්ඩුව වෙනස්කර ගැනීමට විවිධ උත්සාහයන් ගන්නා ...
අගෝස්තු මාසය වනවිට රට තුළ විශාල වෙනසක් ඇතිවනු ඇති බව පැවසූ අමාත්‍යවරයා එයට බියවී ඇතැම් පිරිස් ආණ්ඩුව වෙනස්කර ගැනීමට විවිධ උත්සාහයන් ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, සමකැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, අද (26දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදීය.
එවැනි හදිසි තත්ත්වයන්ට මුහුණ දීමට සියලුම ආරක්ෂක අංශයන්ගේ ප්‍රධානත්වය සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
එම වගකීම බාරගනිමින් වසර දෙකක කාලයකට අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තමන් සූදානම් බව ෆොන්සේකා අමාත්‍යවරයා පැවසූ බව රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"ඇමතිකමෙන් ඉවත් වෙලා අවුරුදු දෙකක පමණ කාලයකට හමුදාපතිකම හෝ සියලුම ආරක්ෂක අංශවල නායකත්වය බාරගන්නා ලෙස ජනාධිපතිතුමා සරත් ෆොන්සේකා මහත්මයාගෙන් ඉල්ලා සිටියා. මොකද විනයක් නැති රටක සංවර්ධනයක් නැහැනෙ.
සරත් ෆොන්සේකා ඒ තනතුර බාරගත්තොත් මේ පරීක්ෂණ කටයුතු ඉක්මනින් කරන්න පුළුවන් වෙනවා. අසාධාරණය හොඳින් හඳුනන, අසාධරණයට විරුද්ධ වන හමුදාපතිවරයෙක් අපට අවශ්‍යයි" යැයි පවසා සිටියේය.
COMMENTS