දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැයි දිනයේ අර්ථය හා උරුමය කෙලෙසීමට ඉඩ නොදෙමු - NTUC
Homeවිශේෂ පුවත්

මැයි දිනයේ අර්ථය හා උරුමය කෙලෙසීමට ඉඩ නොදෙමු - NTUC

PropellerAds

  1886 චිකාගෝ නුවර හේමාර්කට් චතුරස‍්‍රයේ දී වැඩකරන ජනතාව තමන් මුහුණදුන් පාලක පැලැන්තියේ පීඩාව තවදුරටත් ඉවසනවා වෙනුවට එකී පීඩාවෙන් නිදහස්...

තනි යායක පිපී සුවඳ දැනෙන මිනිස් නිදහස !
සූරියවැව මාර්ග පුළුල් කිරීමේ අසාධාරණයට ලක්වූවන් විරෝධතාවක
'ජනාධිපති සමලිංගිකත්වයට විරුද්ධයි' (වීඩියෝ)
මැයි දිනයේ අර්ථය හා උරුමය කෙලෙසීමට ඉඩ නොදෙමු - NTUC

 

1886 චිකාගෝ නුවර හේමාර්කට් චතුරස‍්‍රයේ දී වැඩකරන ජනතාව තමන් මුහුණදුන් පාලක පැලැන්තියේ පීඩාව තවදුරටත් ඉවසනවා වෙනුවට එකී පීඩාවෙන් නිදහස්වීම සඳහා තබන ලද පලමු පියවර වූ පාලක පැලැන්තියට එරෙහි විරෝධතා දැක්වීම පාලක පැලැන්තිය විසින් මර්ධනය කොට නිරායුධ පීඩිත කම්කරුවන් මරා දැමීම දක්වා නින්දා සහගත ක‍්‍රියාකාරිත්වයකට යොමු විය. පාලකයින්ගේ ප‍්‍රහාර හමුවේ තම සිරුරෙන් ගලාගිය රුධිරය තම අත රැඳි සුදු කොඩි රක්ත වර්ණයෙන් වර්ණවත් වූ අතර 1890 එංගල්ස් ඇතුළු ලෝක කම්කරු නායකයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවකදී ජාත්‍යන්තර කම්කරු දිනයේ පැහැය රතු පැහැය ලෙසත් කොඩිය රතු කොඩිය ලෙසත් ඒකමතිකව සම්මත කරගන්නා ලදි. ඒ අනුව ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනයේ පැහැය රතු පැහැය විය යුතු අතර කොඩිය රතු කොඩිය විය යුතුය. කවරෙකු හෝ මැයි දිනය සමරන්නේ නම් ඒ සියළු දෙනාම මෙම සම්මතයට එකඟවිය යුතුව ඇත.

ජාත්‍යන්තර කම්කරු දිනය එක් එක් දේශපාලන පක්ෂවලට අයිති දිනයක් නොවේ. විශේෂයෙන් පීඩක පාලක කණ්ඩායම්වලට හෝ ඔවුන්ගේ තැරැව්කාර කල්ලිවලට එය කිසිසේත්ම අයිති නැතිවා මෙන්ම අයිතිය තහවුරු කරගැනීමට ඉඩදිය යුතුද නැත. නමුත් මේ වන විට මෙම පීඩක කණ්ඩායම් මැයි දිනයේ අර්ථය කෙලෙසමින් කටයුතු කරනු දක්නට ලැබේ. විශේෂයෙන් මෙවර මැයි දිනය සමරන බව පවසමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ ඔවුන් රතු මැයි දිනය කොළ මැයි දිනයක් කරන බවයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ අරමුණ පැහැදිලිය. ඔවුන්ගේ වුවමනාව වන්නේ මැයි දිනයේ සැබෑ අර්ථය කෙලෙසා දැමීමටය. එය එජාපය වැනි පීඩක පාලක කණ්ඩායමකින් බලාපොරොත්තු වියහැකි දෙයකි. එසේම ඒකාබද්ධ විපක්ෂය යැයි පවසමින් ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා සඳහන් කරන්නේ ඕනෑම පැහැයක කොඩියක් රැගෙන මැයි දිනය සැමරීමට තමන් හා එක්වන ලෙසයි. මෙම ප‍්‍රකාශයද සැබෑ ලෙසම මැයි දිනයේ අර්ථයට හා එහි උරුමකරුවන්ට එල්ලකරන ලද ප‍්‍රබල පා පහරකි. මක් නිසාද යත් ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනයේ සම්මත පැහැයක් සහ කොඩියක් පවතිද්දී එය නොසලකා තම තමන්ට අභිමත ආකාරයට කොඩි සහ වර්ණ යොදා ගනිමින් මැයි දිනය සැමරීමට යැයි පවසමින් කටයුතු කිරීම ලැජ්ජා සහගත ක‍්‍රියාවක් වුවද මොවුන්ට එවැනි ලැජ්ජාවක් නොමැති බවද අවධාරණය කිරීමට කැමැත්තෙමු. කිසිදු කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් යම් සැමරීමක් සඳහා නිශ්චිත වර්ණයක් හා කොඩියක් පවතිද්දී එය නොසලකා වෙනත් කොඩි සහ වර්ණ යොදාගැනීමට ක‍්‍රියා කිරීම අදාල සැමරීමට කරන නිගාවකි. ලොව පුරා බෞද්ධයෝ වෙසක් දිනය සමරන්නේ බෞද්ධ කොඩි සහ බෞද්ධ කොඩියේ පැහැය යොදාගෙන මිස වෙනත් පැහැයක් හෝ කොඩි යොදාගෙන නොවේ. කවුරුන් හෝ එසේ කරන්නේ නම් වෙසක් දින සැමරුමට කරන අවමානයකි. එසේම කතොලික පල්ලිය පාස්කු උත්සවය සමරන්නේ කළු පැහැය සහ කළු පැහැ කොඩි යොදා ගනිමිනි. එයට වෙනත් වර්ණයක් හෝ කොඩියක් යොදා ගන්නේ නම් එය කතෝලික දහමට කරන අවමානයකි. ඒ අනුව පැහැදිලි වන්නේ මැයි දිනයේ පැහැය සහ කොඩිය වෙනත් වර්ණ යොදාගනිමින් සැමරීමට කටයුතු කරනවා යැයි පැවසීම පැහැදිලිවම වැඩකරන ජනතාව ප‍්‍රමුඛ පීඩිත ජනතාවට කරන නිගාවක් මෙන්ම අවමානයක්ද වේ. එබැවින් අපේ රටේ වැඩකරන ජනතාව ප‍්‍රමුඛ පීඩිත ජනතාව වටාහගත යුතුව ඇත්තේ පීඩාවෙන් නිදහස්වීම සඳහා පීඩකයන්ට එරෙහිව නැගීසිටීම ප‍්‍රමාද නොකළයුතු බවයි. මක් නිසාද යත් පීඩකයන් සෑම විටම තම වුවමනාව වෙනුවෙන් පීඩිත ජනතාව විවිධාකාරයෙන් රැවටීමට ලක්කොට ඔවුන්ගේ නිදහසේ උරුමය කොල්ලකාගන්නා බැවිනි. එම නිසා මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනයේ දී වැඩකරන ජනතාව ප‍්‍රමුඛ පීඩිත ජනතාව තමන් පීඩාවට පත්කරන පාලක පැලැන්තියේ සහ ඔවුන්ගේ තැරැව්කාර කල්ලිවලට දායකත්වය ලබා නොදී තම පීඩාවන්ගෙන් නිදහස්වීම සඳහා සැබෑ ලෙසම පීඩිත ජනතාව නියෝජනය කරන මැයි දින සැමරුම් සමග එක්විය යුතුව ඇත. එසේම ඒ ආකාරයෙන් තබන පියවර මැයි දින සැමරුමට පමණක් සීමා නොකොට සැබෑ ලෙසම පීඩාවන්ගෙන් නිදහස ලබන වැඩකරන ජනතාව ප‍්‍රමුඛ පීඩිත ජනතාවට බලය ලැබෙන පාලනයක් ස්ථාපිත කරගැනීම සඳහා පෙරටම යායුතු බවද අවධාරණය කිරීමට කැමැත්තෙමු.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැයි දිනයේ අර්ථය හා උරුමය කෙලෙසීමට ඉඩ නොදෙමු - NTUC
මැයි දිනයේ අර්ථය හා උරුමය කෙලෙසීමට ඉඩ නොදෙමු - NTUC
http://ift.tt/2oIRryD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/ntuc.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/ntuc.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy