දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ගුවන් හමුදාවට පරණ රුසියන් යානා ගන්න ඇමැති පොරයක්.

රුසියාව වෙතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගුවන් යානා 6ක් මිලදී ගැනීමේ ගනුදෙනුවක දේශීය නියෝජිතත්වය ලබා ගැනීමට එම කටයුතුවල නිරත ව්‍යාපාරිකයන් ...


රුසියාව වෙතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගුවන් යානා 6ක් මිලදී ගැනීමේ ගනුදෙනුවක දේශීය නියෝජිතත්වය ලබා ගැනීමට එම කටයුතුවල නිරත ව්‍යාපාරිකයන් අතර දැඩි තරගයක් මතුව ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා මේ වන විට එම ව්‍යාපාරිකයන් විවිධ අමාත්‍යවරුන්ට සන්තෝසම් දෙමින් අදාළ නියෝජිතත්වය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් පසුගිය දා ජනාධිපතිවරයා රුසියාවේ සිදු කළ සංචාරය අතරතුර මෙම ව්‍යාපාරිකයින් ද  එරට සංචාරය කර ජනාධිපතිවරයා සහභාගි වූ ප්‍රසිද්ධ අවස්ථාවන්ට සහභාගී වී ඇති බවත් වාර්තා වෙයි.

මෙසේ ගුවන් හමුදාවට ගුවන් යානා 6ක් මිලදී ගැනීමේ ගනුදෙනුවෙහි දේශීය නියෝජිතත්වය ලබා ගැනීමේ තරගයේ සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු වන කිලී මහරාජා, රාජපක්ෂ පවුලේ අතිසමීපතමයකු ලෙස ප්‍රකට චන්දිම රාසපුත්‍රගේ ඥාතියකුට අයත් Rosoboronexport හි වත්මන් හිමිකරු වන අකිල, පසුගිය සිවිල් යුද සමයේ මෙරටට මල්ටි බැරල් රොකට් විදින සහ T55 යුද රථ මිලදී ගැනීමේ දී දේශීය නියෝජිතත්වය දැරූ කුමාර් රාජපක්ෂ ඇතුළු ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සිටින බව අනාවරණය වේ.

අප වෙත වාර්තා වී ඇති ආකාරයට මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයකු මේ වන විට එක් ව්‍යාපාරිකයකු සමඟ අදාළ ගනුදෙනුවේ දේශීය නියෝජිතත්වය ලබා දීමට පොරොන්දු වී ඇති අතර ඒ වෙනුවෙන් එම අමාත්‍යවරයා ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ සහාය පතන්නට ගෙන ඇත.

මේ පිළිබඳ අප වෙත ලැබී ඇති වැඩිදුර තොරතුරුවලට අනුව කුමාර් රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට SU 30 වර්ගයේ ගුවන් යානා 6ක් වෙනුවෙන් එක් යානාවකට ඩොලර් මිලියන 32 ක ලන්සුවක් ඉදිරිපත් කර ඇත. එහෙත් මීට වසර දෙකකට පමණ පෙර සිදු කළ මිල ගණන් කැඳවීමේ දී නවීන SU 30  වර්ගයේ ගුවන් යානයක් සඳහා ලන්සු ඉදිරිපත් වී ඇත්තේ ඩොලර් මිලියන 20 කටය.

එසේම මේ වන විට එක් යානාවකට  ඩොලර් මිලියන 32ක් ලෙස ඉදිරිපත් කර ඇති ලන්සුව තුළ මෙරටට මිලදී ගැනීමට සූදානම් වන්නේ 1993 වර්ෂයේ නිෂ්පාදනය කළ යානා වන අතර එම යානා ඉන්දීය ගුවන් හමුදාව ද භාවිත කර ඉවත් කරන ලදුව යළි අලුත්වැඩියා කළ ඒවා බව ද දැනගන්නට ඇත. එසේම සුපර් සොනික් වර්ගයේ මෙම යානා මෙරට තුළ භාවිත කළ නොහැකි බවත් එම යානාවක් ගුවනට නැංවූ විට සැණෙන් ඉන්දීය දේශසීමාව උල්ලංඝනය වන බව ද වාර්තා වී ඇත. මීට පෙර සිවිල් යුද සමයේ මෙම යානා මිලදී ගැනීමට එවකට රජය උත්සාහ කළත් ඉන්දීය රජයේ විරෝධය හේතුවෙන් එම මිලදී ගැනීම නවතා දමන්නට සිදු වූ බවත් මෙවර එම යානා මිලදී ගත්ත ද ඉන්දීය රජයේ අවසරයකින් තොරව යානා අහසට නංවන්න නොහැකි වන බවත් අප ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ අදාළ ගනුදෙනුව තුළ දේශීය නියෝජිතත්වය ලැබීම හරහා ඩොලර් මිලියන ගණනක ලාභයක් ලැබීමට අවස්ථාව ඇති බවත්, ඒ තුළ තම හිතවත් ව්‍යාපාරිකයකු හට එම අවස්ථාව ලබා දී එම ලාභයෙන් කොටසක් ගැනීමේ අපේක්ෂාවෙන් අමාත්‍යවරුන් කිහිප දෙනකු කටයුතු කරමින් සිටින බවත්ය.

එසේම මේ වන විට අදාළ ගනුදෙනුව සම්බන්ධව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද විශේෂ කමිටුවක් පත්කර ඇති අතර තවමත් මෙම ගනුදෙනුවේ දේශීය නියෝජිතත්වය සඳහා කිසිවකු නම් කර නොමැති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සංජය ලියනගේ (SathHandha)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගුවන් හමුදාවට පරණ රුසියන් යානා ගන්න ඇමැති පොරයක්.
ගුවන් හමුදාවට පරණ රුසියන් යානා ගන්න ඇමැති පොරයක්.
http://ift.tt/2pnjdAI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_905.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_905.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy