දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පාර්ලිමේන්තුවේ රහස් රැකගන්න ඉහළ පෙළේ සාකච්ඡාවක්.

මැති ඇමැතිවරුන් සමඟ පාර්ලිමේන්තුවේ මහ ලේකම් නියෝජ්‍ය මහ ලේකම් සහ සහකාර මහ ලේකම්වරුන් 2012 ජනවාරි සිට ගතවූ වසර පහේදී රාජකාරි කටයුතු සඳහා ගිය...


මැති ඇමැතිවරුන් සමඟ පාර්ලිමේන්තුවේ මහ ලේකම් නියෝජ්‍ය මහ ලේකම් සහ සහකාර මහ ලේකම්වරුන් 2012 ජනවාරි සිට ගතවූ වසර පහේදී රාජකාරි කටයුතු සඳහා ගිය විදේශ ගමන් පිළිබඳව හා ඔවුන් පාවිච්චි කරන නිල වාහන පිළිබඳ රහස්‍ය තොරතුරු ඇතුළත් සවිස්තර වාර්තාවක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා දෙන්නැයි කතානායක කරු ජයසූරිය වෙත ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.

අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සඳහා වූ නිල සංචාර, විවිධ රටවල පැවැති පාර්ලිමේන්තු පුහුණු සම්මන්ත්‍රණ, විවිධ රටවල පාර්ලිමේන්තුවලට කළ අනුයුක්ත කිරීම්, දූෂණයට එරෙහි පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ගෝලීය සංවිධානය වැනි විවිධ ආයතනවලට සම්බන්ධ විදේශ ගමන් ආදිය පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස එම ලිපිය මඟින් ඉල්ලා ඇත.

ඔවුන් විදේශගතව සිටි කාලය, සිදු කළ ගෙවීම් සියල්ල පිළිබඳ විස්තර, ගුවන් ගමන් බලපත් මිලදී ගැනීම සඳහා අනුගමනය කරන ලද ක්‍රමවේදය හා බලපත්‍රවල වටිනාකම වෙන් වෙන් වශයෙන් ලබා දෙන ලෙසද එමඟින් ඉල්ලා තිබේ.

කැනඩාව වැනි දියුණු රටවල පාර්ලිමේන්තු මහ ලේකම් තනතුරු දරන්නන් විදේශගත වන්නේ වසරකට එක් වරක් පමණක් බවත් එවැනි පිළිවෙතක් අප රටේ අනුගමනය නොකිරීම නිසා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලයේ කාර්යක්ෂමතාව ඉතා අසතුටුදායක මට්ටමක පවතින බවත් එම ලිපියෙහි දක්වා ඇත.

සතුටුදායක මට්ටමකට කාර්යක්ෂමතාව නංවාලීම සඳහා කැනඩාව වැනි රටවල මෙන් විදේශ ගමන් අවස්ථාවන් කාර්ය මණ්ඩලයේ වෙනත් සුදුසු නිලධාරීන්ටද ලබාදීමට සලකා බැලීම කළ යුතු හෙයින් එසේ කිරීමට කටයුතු නොකරන්නේ මන්දැයි එම ලිපිය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ (පරිපාලන) ලැසිල් ද සිල්වා කතානායකවරයාගෙන් ප්‍රශ්න කර තිබේ.

පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය සඳහා අනුමත නිල වාහන සංඛ්‍යාව, අනුමත කි.මී. සංඛ්‍යාව සහ පෞද්ගලික ගමන් විස්තරද සහිතව ඉකුත් වසර පහේදී වාහන පරිහරණය පිළිබඳ සවිස්තර වාර්තාවක් වෙන් වෙන් වශයෙන් ලබා දෙන ලෙස ඉල්ලමින් තවත් ලිපියක් ලැසිල් ද සිල්වා මහතා විසින් කතානායකවරයා වෙත යොමු කර තිබේ.

නිලධාරියාගේ නම, තනතුර, නිල බලයෙන් හිමි වාහන අංකය, වර්ගය, මිලදී ගත් වර්ෂය,, වටිනාකම, අලුත්වැඩියාවන් ආදිය සඳහා වාර්ෂික වියදම වෙන් වෙන් වශයෙන් ලබාදෙන ලෙසත් අමතර වාහනයක් වශයෙන් පාවිච්චියට යොදවා ඇති වාහන ඉහත ඉල්ලා ඇති සියලු විස්තරද ඇතුළුව ලබා දෙන ලෙසත් ඉල්ලා ඇත.

ඉහත නිලධාරීන් විදේශ සම්බන්ධතා අංශයේ වාහනද පරිහරණය කරන බවට තොරතුරු ලැබී ඇති හෙයින් එම විස්තරද වෙන් වෙන් වශයෙන් ලබා දෙන ලෙසත් මාසිකව අනුමත සීමාව ඉක්මවා ගොස් ඇති දුර ප්‍රමාණය හා ඒ වෙනුවෙන් එක් එක් නිලධාරියා විසින් රජයට සිදුකළ ගෙවීම් ඉහත නිලධාරීන් රාජකාරි සඳහා විදේශගතවූ විට එවැනි අවස්ථාවලදී යෙදවූ වාහන අංක, ගමන් විස්තර හා දුර කි.මීටර්වලින් ලබා දෙන ලෙස එමඟින් ඉල්ලා තිබේ.

රටින් බැහැරව සිටින අවස්ථාවලදී රාජකාරි/පෞද්ගලික ගමන් ආදිය සඳහා රජයේ වාහන පාවිච්චියට අනුමැතිය ලබාදී ඇත්නම් අදාළ අනුමැතිය සඳහන් ලියකියවිලිවල පිටපත්ද එම ලිපිය මඟින් ඉල්ලුම් කර ඇත.

රජයේ වාහන අයුතු ලෙස පරිහරණය බරපතළ අක්‍රමිකතාවක් වන හෙයින් ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපත්තීන්වලට අනනුකූල ලෙස කටයුතු කර ඇත්නම් ඒවා නිවැරැදි කිරීම සඳහා කටයුතු කිරීමටද එම ලිපිය මඟින් අපේක්ෂා කර ඇත.

පාර්ලිමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව කිරීම සඳහා යහපාලන රජයෙන් කිසි දෙයක් සිදුවී නැති බවත් උඩින් පැලැස්තර දැමීමෙන් අපේක්ෂිත ඉලක්ක කරා යෑමට නොහැකි බවත්පැවැසූ ලැසිල් ද සිල්වා මහතා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම තොරතුරු ලබාගෙන වැරැදි නිවැරැදි කිරීමට අවශ්‍ය කටයුතු කිරීම තම අපේක්ෂාව බවත් සඳහන් කළේය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ යම් තොරතුරක් ඉල්ලා සිටියහොත් එම තොරතුරු සති දෙකක් ඇතුළත ලබාදිය යුතුවෙයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාර්ලිමේන්තුවේ රහස් රැකගන්න ඉහළ පෙළේ සාකච්ඡාවක්.
පාර්ලිමේන්තුවේ රහස් රැකගන්න ඉහළ පෙළේ සාකච්ඡාවක්.
http://ift.tt/2ovz2kN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_871.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_871.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy