මාසිකව රුපියල් 32,000 ක් උපයන ලංකාවේ පෙර පාසල් ගුරුවරියන් ගැන ඔබ මීට පෙර අසා තිබෙනවාද? ඒ ගැන දැනගන්නට නම් ඔබ යා යුතුව තිබෙන්නේ කිලිනොච්චි...
මාසිකව රුපියල් 32,000 ක් උපයන ලංකාවේ පෙර පාසල් ගුරුවරියන් ගැන ඔබ මීට පෙර අසා තිබෙනවාද? ඒ ගැන දැනගන්නට නම් ඔබ යා යුතුව තිබෙන්නේ කිලිනොච්චි නගරය වෙත ය.ලංකාවේ සාමාන්‍යයෙන් පෙර පාසල් ගුරුවරියක් ලබන වැටුප රුපියල් 4000-6000 අතර වන බව සැවොම දන්නා කරුණකි. අදාළ වෘත්තීය පාඨමාලා සියල්ල නිසි ලෙස හැදෑරූ පෙර පාසල් ගුරුවරියකගේ වැටුප රු. 15,000 කට වඩා වැඩිවන්නේ කලාතුරකිනි. නමුත් රු. 32,000 ක් වැනි මුදලක් ඒ කිසිදු අවස්ථාවක, රටේ කිසිදු පළාතක ගෙවන්නේ නැත.
කිලිනොච්චියේ සාමාන්‍ය පෙර පාසල් ගුරුවරියක් රුපියල් හයදහසක් වැනි මුදලක් සිය මාසික ගෙවීම හෝ වැටුප වශයෙන් ලබාගන්නා විට හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පෙරපාසල්වල ඉගැන්වීම් කරන පෙර පාසල් ගුරුවරියන් හට මේ සා විශාල වැටුපක් ගෙවන්නේ ඇයි? මෙය ද හමුදාකරණයේ ම කොටසක් බව අපේ හැඟීමයි. එනම් මෙම පෙර පාසල් ගුරුවරියන් ද ව්‍යංගයෙන් සලකන්නේ හමුදා වරප්‍රසාද ලබන කොටසක්ම වශයෙනි. ඔවුන්ට පුහුණු පාඨමාලා,විනෝද චාරිකා සහ අධ්‍යාපන චාරිකා ලබාදීම ද යුධ හමුදාව විසින්ම සිදුකරයි. ශ්‍රී ලංකා යුධ හමුදාවේම නිල වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට කිලිනොච්චියේ ආරක්ෂක හමුදා මූලස්ථානය (SFHQ-KLN) විසින් මීට පෙර අවස්ථාවක උතුරු නැගෙනහිර ආවරණය වන පරිදි දින දෙකක අධ්‍යාපන චාරිකාවක් ලබාදී ඇත. අදාළ පුවත මෙතැනින්
මේ සිද්ධියේ රසවත්ම කොටස ඊටත් වඩා භයානක ය. හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මෙම පෙර පාසල්වල ඉගෙන ගන්නා දරුවන් ඇඳිය යුතු වන්නේ තමන් යුධ හමුදාවට අයත් බව හඟවන අකුරු කිහිපයක් සහිත ලාංඡනයක් මැසූ නිල ඇඳුමකි. මෙයින් පිළිබිඹු වන්නේ කිලිනොච්චියේ හයක් හතරක් නොදන්නා කුඩා දරුවන් පවා හමුදාකරණයට නතු වී ඇති ආකාරය නොවේද? මෙම නිල ඇඳුම සම්බන්ධයෙන් ප්‍රදේශයේ සිවිල් සංවිධාන සහ මානව හිමිකම් සංවිධාන විසින් බලවත් විරෝධයක් පළ කිරීමෙන් අනතුරුව එම නිල ඇඳුමට උඩින් කුඩා ජැකට්ටුවක් හඳින ලෙසට නියම කර තිබේ. මෙම පෙර පාසල්වලට ඇතුළත් වන දරු දැරියන්ට තමන්ගේ සිතැඟි පරිදි කිසිදු ඇඳුමක් ඇඳීමට තහනම් අතර, ඔවුන් අනිවාර්යයෙන්ම ඇඳිය යුතු වන්නේ මෙකී හමුදා නිල ඇඳුමයි.
- විශේෂ වාර්තාකරුවෙකු විසිනි.
COMMENTS