දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

අපෙන් උපදෙස් ගත්තා නම් මහින්දානන්ද අමාරුවෙ වැටෙන්නෙ නෑ - කිරිඇල්ල කියයි

කතාව බොරුවක් බවට පත්තු වුණේ 'ලංකා නිව්ස් වෙබ්' විසින් අදාල නිවසේ ඔප්පුව මහින්දානන්ද අලුත්ගමගේ ගේ නමට ඇති බවට සාක්ෂි සහිතව ඔප්පු ක...

අපෙන් උපදෙස් ගත්තා නම් මහින්දානන්ද අමාරුවෙ වැටෙන්නෙ නෑ - කිරිඇල්ල කියයි

කතාව බොරුවක් බවට පත්තු වුණේ 'ලංකා නිව්ස් වෙබ්' විසින් අදාල නිවසේ ඔප්පුව මහින්දානන්ද අලුත්ගමගේ ගේ නමට ඇති බවට සාක්ෂි සහිතව ඔප්පු කිරිමත් සමඟය. පසුගියදා රන්ජන් රාමනායක එම ඔප්පු පිටපත් සාක්ෂි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් වෙත ඉදිරිපත් කර තිබිණි.

ඒවා පරීක්ෂා කළ අගමැතිවරයා, විජේදාස රාජපක්ෂ, අජිත් පෙරේරා වැනි පිරිසක් එහිදී මහින්දාන්දගේ කෙබරය ගැන සහ එහි නීතිමය පදනම ගැනද ඔප්පු සාක්ෂිය මඟින් මහින්දානන්ද කර මුලටම හසු වන ආකාරය ගැනද අදහස් ප්‍රකාශ කර තිබිණි. විශේෂයෙන් ඉහත සඳහන් කළ තිදෙනාම නීතීඥයින් වශයෙන් එහි නීතිමය තත්වය විග්‍රහ කරමින් සිටියදී එතැනට පැමිණි ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා 'මාර කතාවක්' කියා ඇත.

එතැනට හොට දැමූ කිරිඇල්ල ඇමතිවරා ගත් කටට ම කියා ඇත්තේ "අයිශෙ, අපිව කන්සල්ට් කරා නම් මහින්දානන්ද මෙහෙම අමාරුවෙ වැටෙන්නෙ නෑනේ ... මේවා මේ වයිෆ්ගෙ නමට, දරුවන්ගෙ නමට ගන්න හොඳ නෑ. මෙව්වා ගන්න ඕනෙ වෙන ඥාතීන්ගෙ, එහෙමත් නැත්තං ඩ්‍රයිවර්ලගෙ, ගෙදර සර්වන්ට්ස්ලගෙ නමට. එහෙම අරන් දාලා අපි උන්ගෙන් අනිත් අතට ඩොකියුමන්ට් එකක් අපෙ නමට අස්සන් ගන්න ඕනෙ. ඕකුන්ට ඕවා තේරෙන්නෙත් නෑ, ඇරත් උන් අපිට බය නිසා කවදාවත් ඔව්වා එළියට ඇදෙන්නෙ නෑ. කොහෙද මහින්දානන්දලා හොරකමක්වත් හරියට කරන්න දන්නෙ නෑනෙ " යනුවෙනි.

කිරිඇල්ල ඇමතිවරයාගේ උපදේශයේ කතාව සහ ඊට යටින් නොකියවුණු කතාව තේරුම්ගත් පිරිසක් තක්බීර් වී සිටි බව අපට පැවසුවේ ඒ මොහොතේ එතැන සිටි පසුපෙළ මන්ත්‍රීවරයෙකි. කිරිඇල්ල ඇමතිවරයා මේ කතාව ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ මොහොතේ එතැන සිටි අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමති විජේදාස රාජපක්ෂ, අජිත් පෙරේරා වැනි අයගෙන් කතාව අසාගැනීමට පුළුවන.

කිරිඇල්ල ඇමතිවරයාගෙන් උපදෙස් නොගත්ත ද මහින්දානන්දත් මේ ක්‍රමය අනුගමනය කර ඇති බවත් එහෙත් ඉනුත් වැඩේ වණ කරගෙන ඇති බවත් අපට වැඩි දුරටත් වාර්තා වුණි. ඒ මෙසේය. අදාල නිවස බ්‍රිතාන්‍ය පවුම් 470,000කට විකිණීමෙන් අනතුරුව ලැබුණු රුපියල් කෝටි 9කට ආසන්න මුදල මහින්දානන්ද මන්ත්‍රීවරයා විසින් වසර ගණනක් පුරා තමන්ගේ රියදුරෙක් වශයෙන් සේවය කළ වරුණ රාජපක්ෂ නම් තැනැත්තා ළඟ තබා ඇත. රුපියල් 5,000 නෝට්ටු වලින් ගෝනියක් පුරවා තිබූ මුදලින් යම් කොටසක් ඔය අතරේ වරුණ රාජපක්ෂ රියදුරා විසින් හොර පාරේ යවා ඇත. හොරාට රටට ගෙනා මුදල් බැවින් පොලීසි යන්නටත් නොහැකි නිසා මහින්දානන්ද කුප්‍රකට චණ්ඩියා අදාල රියදුරාට පහර දී අතපය කඩා දැමූ බව ද ආරංචිය.

කෙසේ වුවත් මේ සියල්ල අතරේ ම මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ මස 27 වන දා නැවත විවාහ වීමට ද නියමිතය. ඒ, හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ දි. මු. ජයරත්න මහතාගේ දියණිය වන ඇමති දුමින්ද දිසානායකගේ හිටපු බිරිඳත් සමඟය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපෙන් උපදෙස් ගත්තා නම් මහින්දානන්ද අමාරුවෙ වැටෙන්නෙ නෑ - කිරිඇල්ල කියයි
අපෙන් උපදෙස් ගත්තා නම් මහින්දානන්ද අමාරුවෙ වැටෙන්නෙ නෑ - කිරිඇල්ල කියයි
http://ift.tt/2pnV5tW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_357.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_357.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy