දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නව අපරාධකරුවන් ලොවට බිහිකරන අන්තර්ජාලය.

බ්‍රිතාන්‍යයේ අපරාධ පිළිබඳ ජාතික නියෝජිත ආයතනය (NCA) නිකුත්කළ වාර්තාවක් මගින් පුද්ගලයන් අපරාධකරුවන් බවට පත්වන මාර්ග පිළිබඳව විස්තරාත්මක පැහ...


බ්‍රිතාන්‍යයේ අපරාධ පිළිබඳ ජාතික නියෝජිත ආයතනය (NCA) නිකුත්කළ වාර්තාවක් මගින් පුද්ගලයන් අපරාධකරුවන් බවට පත්වන මාර්ග පිළිබඳව විස්තරාත්මක පැහැදිලීකිරීමක් ඉදිරිපත්කර තිබෙනවා.

බොහෝ දෙනෙක් අන්තර්ජාල ක්‍රීඩා වෙනස් කිරීමේ වෙබ් අඩවි හෝ එවැනි උපදෙස් සාකච්ඡා කෙරෙන අන්තර්ජාල සංසද ඔස්සේ අන්තර්ජාල ක්‍රීඩා වෙනස් කිරීම පිළිබඳ තොරතුරු ලබාගන්නා බවත්, ආදර්ශමත් පුද්ගල ප්‍රතිරූප සහ උපදේශකයන් මගින් එම පුද්ගලයන් සයිබර් අපරාධවලට යොමුවීමෙන් මුදවා ගත හැකි බව එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් කරනවා.

පරිගණක සම්බන්ධ අපරාධ සඳහා අත්අඩංගුවට පත් පුද්ගලයන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් සහ එවැනි වැරදිකරුවන් පිළිබඳව කෙරුණු විමර්ෂණවලින් හෙළිවූ තොරතුරු පදනම්ව අදාල වාර්තාව නිකුත්කර තිබෙනවා.

අපරාධ පිළිබඳ ජාතික නියෝජිත ආයතනය වැඩිදුරටත් පවසන්නේ අන්තර්ජාල ආක්‍රමණ නැතහොත් හැක් කිරීමේ අපරාධවලට සම්බන්ධ බවට හඳුනාගනු ලැබූ පිරිස් සමඟ ඇසුරු කිරීමෙන් මෙම තොරතුරු ලබාගත් බවයි. 

මෙසේ සම්මුඛ සාකච්ඡාවට කැඳවනු ලැබූ බොහෝ දෙනෙක් නව යෞවන වියේ පසුවන්නන් වන අතර ඔවුන් සොරකම් කිරීම, වංචාව හෝ අන්තර්ජාලය ඔස්සේ ලිංගික හිරිහැර කිරීම වැනි දේ අරමුණු කරගත් අය නොවන බව හෙළිවී තිබෙනවා.

සම්මුඛ සාකච්ඡාවලට කැඳවූවන්ගේ සාමාන්‍ය වයස් ප්‍රමාණය අවුරුදු 17 ක් වන අතර එය මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන්ගේ සාමාන්‍ය වයස් ප්‍රමාණය වන අවුරුදු 37 සහ මූල්‍ය අපරාධ වලට චෝදනා ලැබූවන්ගේ සාමාන්‍ය වයස් ප්‍රමාණය වන අවුරුදු 39 ට වඩා බෙහෙවින් අඩු බව වාර්තාව හෙළිකරයි.

එසේ සයිබර් අපරාධකරුවන් බවට පත්වන්නන් අතර වයස අවුරුදු 12 ක් පමණවන ළමුන් ද සිටින නමුත් ඔවුන් මුල්‍යමය වාසි තකා පෙළඹෙන්නන් නොවන බව සඳහන්.

NCA වාර්තාව මගින් අවධාරණය කර ඇති ප්‍රමුඛතම කරුණ වන්නේ අන්තර්ජාලය නව අපරාධකරුවන් විශේෂයක් සමාජයට හඳුන්වා දී ඇති බවයි.

සැබෑ ලෝකයේදී අපරාධයක් කිරීමට නොසිතන බාල සහ නව යෞවන වියේ පසුවන තරුණයන් අන්තර්ජාලයට පිවිස වෙනත් පුද්ගලයන්ගේ දත්ත සොරකම් කිරීම, වෙබ් අඩවි විනාශ කර දැමීම, දත්ත ගබඩා අවුල් කර දැමීම සහ නීතිවිරෝධී භාවිතය මගින් විවිධ පුද්ගලයන්ට අලාබ සහ හානි සිදුකරන බව ඒ මගින් අනාවරණය කරගෙන තිබෙනවා.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව අපරාධකරුවන් ලොවට බිහිකරන අන්තර්ජාලය.
නව අපරාධකරුවන් ලොවට බිහිකරන අන්තර්ජාලය.
http://ift.tt/2ovRMRa
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_240.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_240.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy