මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කිහිප දෙනකුගේ මෙහෙයවීම මත උක්ත දූෂණ ක්‍රියා සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පො...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කිහිප දෙනකුගේ මෙහෙයවීම මත උක්ත දූෂණ ක්‍රියා සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පොලිස් පරීක්ෂණයක් ද ක්‍රියාත්මක වන බව දැනගන්නට ඇත.
පොලිස් පරීක්ෂණ යටපත් කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ සේවකයන් පිරිසක් මාරු කර යැවීමටත් දූෂිත ක්‍රියාවලට සම්බන්ධ වූ තවත් සේවකයන් කිහිප දෙනකුට අධීක්ෂණ තනතුරු පිරිනැමීමටත් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කටයුතු කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් පිරිසක් මාරු කර යවා ඇත්තේ අදාළ දූෂණ ක්‍රියාවලට එරෙහිව දෙපාර්තමේන්තුව නීතිමය පියවර ගත් බව පෙන්වා දීමට වුවත් එහි යටි අරමුණ වී ඇත්තේ දැනට කෙරෙන පොලිස් පරීක්ෂණ යටපත් කිරීමය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කෝප් කමිටුව විසින් ද විමර්ශනයක් සිදුකර තිබිණි.
රජයට රුපියල් කෝටි ගණනක පාඩු සිදු කළ මේ මහා පරිමාණ වංචා දූෂණවලට හවුල් වූ බවට චෝදනා ලැබූ ඇතැම් පරිපාලන නිලධාරීන් මේ වන විටත් වෙනත් දෙපාර්තමේන්තුවලට මාරු වීම් ලබාගෙන ඇති බව ද දැනගන්නට ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ හදිසි ස්ථාන මාරුවීම් සහ වංචා දූෂණ චෝදනා පිළිබඳව තොරතුරු විමසීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සම්බන්ධ කරගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර එම දෙපාර්තමේන්තුවේ නම සඳහන් නොකළ නිලධාරියකු පැවසුවේ තමන්ට මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. එම නිලධාරියා කොමසාරිස් (පාලන) සුජීවා ගුරුගේ මහත්මියව දුරකථන ඇමතුමට සම්බන්ධ කළත් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.
- දයා නෙත්තසිංහ
COMMENTS