වාර්තා වන පරිදි මෙරට අයෝජනය කර තිබූ Franklin Templeton Fund නැමැති අරමුදලේ ඩොලර් මිලියන 1475 ක් නැවත ලබාගෙන තිබේ. එය ආසන්න වශයෙන් රුපියල්...
වාර්තා වන පරිදි මෙරට අයෝජනය කර තිබූ Franklin Templeton Fund නැමැති අරමුදලේ ඩොලර් මිලියන 1475 ක් නැවත ලබාගෙන තිබේ. එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 22,000 කට ආසන්න මුදලකි. මෙම Franklin Templeton Fund ජාත්‍යන්තර අරමුදලක් වුවද සැබෑලෙසම මුදල් ලබාගෙන ඇත්තේ රාජපක්ෂ පවුලේ සහ ඔවුන්ගේ හිතවතුන් විසිනි.
මෙම මුදල් ලබාගැනීමෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 170 දක්වා ඉහළ දැමීමයි. ඒ හරහා ආර්ථිකය බිඳවට්ටා, විදෙස් ආයෝජකයන් අධෛර්යයට පත්කර ඔවුන්ගේ දුෂ්ට අරමුණු ඉටුකර ගැනීමට බලාපොරොත්තු විය. විවිධ වංචා, දූෂණ, කොමිස් හරහා උපයාගත් කලු සල්ලි මෙම Franklin Templeton Fund අරමුදලට යොදවා තිබූ අතර කොටස් වෙළඳපොලේ, භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කර තිබුනේ මෙම කලු සල්ලිවලින් කොටසකි.
කෙසේ වෙතත් රජය විසින් මෙම අනතුර කලින් හඳුනාගෙන ඒ සඳහා පිළියම් යෙදූ නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම වලක්වාගෙන තිබේ. ඒ අනුව තවමත් ඩොලරයේ අගය රුපියල් 151 සීමාවේ රඳවා ගැනීමට සමත්ව තිබේ. ඒ සඳහා ඩොලර් මිලදී ගැනීමට ආණ්ඩුවට සිදුවූ අතර දුෂ්ට අරමුණු වෙනුවෙන් ආර්ථිකය පාවාදෙන්නන් නිසා තවදුරටත් ජාත්‍යන්තරයට ණයවීමට ආණ්ඩුවට සිදුවනු ඇත.
COMMENTS