ඔහු මේ බව සඳහන් කළේ අද (29) සිය පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී විමල් විරවංශ මහතා සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිලිබඳ මාධ්‍යවේදියෙක...
ඔහු මේ බව සඳහන් කළේ අද (29) සිය පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී විමල් විරවංශ මහතා සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිලිබඳ මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි. ඒ අනුව විමල් වීරවංශ මහතාගේ උපවාසය හා ඇප ලබා දීම අතර කාරණාව අධිකරණය විසින් කිසිසේත්ම විභාගයට ලක් නොකළ යුතු බව සිය පක්ෂ ස්ථාවරය බව දිසානායක මහතා පැහැදිලි කළේය.
සාමාන්‍යයෙන් මෙවන් අවස්ථාවල සටන ගෙන යා යුත්තේ බන්ධනාගාරයේ සිටින තැනැත්තා නොව එළියේ සිටින සගයන් විසින් බව පැවසු මන්ත්‍රීවරයා කියා සිටියේ එළියේ සිටින මිතුරන් තමන් අත්හැර ඇත්ද යන්න පිලිබඳ විමල් දැන් සිතිය යුතු බවයි. මේ නිසා රාජපක්ෂට ඔහු ආදරය කරන තරම් රාජපක්ෂ ඔහුට ආදරය නොකරන බව විමල් අවබෝධ කරගත යුතු බවයි අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=RAzbYLD1SHo&feature=youtu.be[/youtube]
COMMENTS