දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

තාජුඩීන් ඝාතනය කළදා මහින්දගේ 'ආරක්‌ෂක ලේඛනයේ' කොළ කඩා ඉවත් කරලා.

රගර් ක්‍රීඩක මොහොමඩ් වෂීම් තාජුඩීන් ඝාතනය කළ දින හා ආසන්න දින කීපයක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‌ෂක සේනාංකය මගින් පවත්වාගෙන ...


රගර් ක්‍රීඩක මොහොමඩ් වෂීම් තාජුඩීන් ඝාතනය කළ දින හා ආසන්න දින කීපයක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‌ෂක සේනාංකය මගින් පවත්වාගෙන ගිය දෛනික ආරක්‌ෂක රාජකාරී සටහන් ලේඛනයේ කොළ කඩා හෝ කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් එම ලේඛනය භාරව ක්‍රියා කළ යුද හමුදා නිලධාරීන් කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‌ෂක සේනාංකය මගින් දෛනික ආරක්‌ෂක රාජකාරි සටහන් පවත්වා ගෙන ගිය අදාළ ප්‍රශ්න ගත ලේඛනයේ වර්ෂ 2012 මැයි 10 දා සිට එම 22 දා දක්‌වා සටහන් යොදා තිබූ කොළ කඩා හෝ කපා ඉවත් කර එහි පිටතට නොපෙනෙන ලෙස විනිවිද පෙනෙන සෙලෝටේප් පටියක්‌ දිග් අතට අලවා එහි දෙපස තිබෙන කොළ දෙක එකට අලවා තිබීම සැකයට භාජන වන කරුණක්‌ වන බැවින් එම ලේඛනය බාරව කටයුතු කළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගත් බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී වැඩිදුර වාර්තාවක්‌ ගොනුකරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එසේ කියා සිටියේය.

පැමිණිල්ල කැඳවූ අවස්‌ථාවේ සිද්ධියට අදාළව රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්‌වීය.

හිටපු ජනාධිපති ආරක්‌ෂක සේනාංකයට අනුයුක්‌තව සිටි යුද හමුදා නිලධාරීන්ගෙන් හා සෙසු නිලධාරීන්ගෙන් ලබා ගත් ප්‍රකාශයන්ගෙන් අනාවරණය වූ කරුණුවල සත්‍ය අසත්‍යතාව පරීක්‍ෂා කරනු පිණිස තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බවද මෙම කාල වකවානුව තුළ ලේඛනයේ සඳහන් නිලධාරීන් සහ සෙසු නිලධාරීන් විසින් සිදු කරන ලද රාජකාරී පිළිබඳව විමසා යුද හමුදාව සහ නාවික හමුදාව මගින් මගින් වාර්තා කැඳවා ඇති බවද පැවැසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනතෙක්‌ ඊට ප්‍රතිචාර ලැබී නොමැති බවද දන්වා සිටියේය.

ඝාතනයට ලක්‌වූ තාජුඩීන් අවසන් වරට ගමන් ගත් මෝටර් රථය ලුහුබැඳ පැමිණි පුද්ගලයා අනාවරණය කර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පුළුල් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය වැඩිදුර වාර්තාව මගින් දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිsමත්වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකාර අනුර සේනානායක ලබන 05 දා තෙක්‌ තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙසත් එදිනට සිද්ධියට අදාළව පවත්වන පරීක්‍ෂණයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්‌ ගොනු කරන ලෙසත් නියෝග කළේය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තාජුඩීන් ඝාතනය කළදා මහින්දගේ 'ආරක්‌ෂක ලේඛනයේ' කොළ කඩා ඉවත් කරලා.
තාජුඩීන් ඝාතනය කළදා මහින්දගේ 'ආරක්‌ෂක ලේඛනයේ' කොළ කඩා ඉවත් කරලා.
http://ift.tt/2nESnCe
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_138.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_138.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy