එක්සත් ජාතීන්ගේ මුල්පෙළේ විශේෂඥ කමිටුව ඉකුත් පෙබරවාරි 22 දින ජිනීවාහි දී ශ්‍රී ලංකා නියෝජිත පිරිස හමුවේ මෙකී නොසතුට පළ කර ඇති අතර ගෙවී ග...
එක්සත් ජාතීන්ගේ මුල්පෙළේ විශේෂඥ කමිටුව ඉකුත් පෙබරවාරි 22 දින ජිනීවාහි දී ශ්‍රී ලංකා නියෝජිත පිරිස හමුවේ මෙකී නොසතුට පළ කර ඇති අතර ගෙවී ගිය තුන් මසක කාලය තුළ ශ්‍රී ලංකා දූත පිරිසක් ජිනීවාහි දී මෙවැනි අපහසුතාවකට පත් වූයේ දෙවැනි වතාවටය.
කාන්තාවන්ට එරෙහි වෙනස්කම් දුරු කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (CEDAW) හමුවේ කරුණු දැක්වීම සඳහා කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රානි සේනාරත්න ඇතුළු දූත පිරිස ජිනීවා ගොස් තිබුණේ පසුගිය පෙබරවාරි 22 දාය. එහි දී කාන්තා සුබසිද්ධිය සඳහා ආණ්ඩුවේ අනාගත සැලසුම් ඉදිරිපත් කරනු වෙනුවට දැනට ගෙන තිබෙන නිශ්චිත පියවර කවරේද යන්න එම අවස්ථාවේ CEDAW ප්‍රශ්න කර ඇත. එම අවස්ථාවේ ශ්‍රී ලංකා දූත පිරිස ලබා දී ඇති පිළිතුරු සම්බන්ධයෙන් කමිටුව සෑහීමකට පත් වී නොමැති අතර ‘දීර්ඝ සහ අපේක්ෂාසහගත නීති ලැයිස්තුවක්’ ගෙනහැර දක්වනු වෙනුවට නිශ්චිත ප්‍රතිඵල ලබාගත හැකි කාල රාමුවක් ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රී ලංකා ආණ්ඩුවේ දූත පිරිසෙන් ඉල්ලා ඇත. එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකා නියෝජිත පිරිසගෙන් කාන්තා හිංසනය පිළිබඳ මෙසේ දැඩිව ප්‍රශ්න කිරීමට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව ලිංගික
වහල් කඳවුරු පවත්වාගෙන යාම පිළිබඳ ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය ව්‍යාපෘතිය (International Truth and Justice Project - ITJP) එක්සත් ජාතීන්ගේ කමිටුවට ලබා දී ඇති සවිස්තර වාර්තාවකි. අදාළ වාර්තාවේ පැහැදිලි ලෙසම සඳහන් කර ඇත්තේ “ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විසින් දූෂණ කඳවුරු පවත්වාගෙන යමින් අත්අඩංගුවේ පසුවන කාන්තාවන් ලිංගික වහලියන් ලෙස රඳවාගෙන සිටින” බවයි.
හිංසනයට පත් ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනකුගේ ප්‍රකාශ උපුටා දක්වමින් ITJP එක්සත් ජාතීන්ට ලබා දී ඇති වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ යුද හමුදා කඳවුරු හතරක් තුළ මේජර්වරයකු සහ ලුතිනන් කර්නල්වරයකු ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් හය දෙනකු අත්අඩංගුවට ගත් කාන්තාවන් ලිංගික වහලියන් ලෙස යොදවාගෙන ඇති බවයි. වින්දිත ස්ත්‍රීන් 55 දෙනකු විසින් ලබා දෙන ලද සාක්ෂි ප්‍රකාශ මත ITJP මෙම වාර්තාව සකස් කර ඇත. එම වාර්තාවලට අනුව වින්දිතයන් අතරින් කාන්තාවන් 48 දෙනකු- මහින්ද රාජපක්ෂ පාලනය යටතේත් හත් දෙනකු; වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාලනය යටතේත් ලිංගික වහල් සේවයට බලහත්කාර ලෙස යොදාගෙන ඇතැයි සඳහන් ය. ශ්‍රී ලංකා හමුදාව විසින් උතුරු නැගෙනහිර කාන්තාවන්ට එරෙහිව සිදු කරනු ලබන
ලිංගික අපරාධ සම්බන්ධ චෝදනාවලට ආණ්ඩුවේ දූත පිරිස පිළිතුරු ලබා දී ඇත්තේ “ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට දැඩි උපදෙස් ලබා දී ඇති බව” පෙන්වා දෙමිනි.
එහෙත් එම පිළිතුරුවලින් වින්දිතයන්ට යුක්තිය ඉටු වන්නේ නැති බව ද එක්සත් ජාතීන්ගේ කමිටුව පෙන්වා දී ඇත.
- සත්හඬ -
COMMENTS