දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දීප්ති කුමාර ගුණරත්න සහ මනෝ විශ්ලේෂණය

මනෝ විශ්ලේෂණ දැණුම මනෝ වෛද්‍යවරුන්ට අවශ්‍ය කෙරේ. එහෙත් ශ්‍රී ලංකාවේ මනෝ වෛද්‍යවරු තුල මනෝ විශ්ලේෂණ පිළිබඳව දැණුම ඉතා අවම බව ශ්‍රී ලංකා පෙ...

දීප්ති කුමාර ගුණරත්න සහ මනෝ විශ්ලේෂණය

මනෝ විශ්ලේෂණ දැණුම මනෝ වෛද්‍යවරුන්ට අවශ්‍ය කෙරේ. එහෙත් ශ්‍රී ලංකාවේ මනෝ වෛද්‍යවරු තුල මනෝ විශ්ලේෂණ පිළිබඳව දැණුම ඉතා අවම බව ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක හා සත්හඬ පුවත්පතේ ප්‍රධාන කර්තෘ දීප්ති කුමාර ගුණරත්න පවසයි. එසේම ශ්‍රී ලංකාවේ මනෝ විශ්ලේෂණ හැදෑරීම සඳහා පිළිගත් ආයතනයක් නොමැති බවද ඔහු විසින් පෙන්වා දෙයි.

දීප්ති විසින් පවසන මෙම කරුණ බරපතල වන අතරම එහි යම් සත්‍යතාවක් තිබේ. මට හමුවූ සහ මා විසින් සංවාද වල යෙදුනු ශ්‍රී ලාංකික මනෝ වෛද්‍යවරු අතර ඉතා සුළුතරයකට පමණක් මනෝ විශ්ලේෂණය සහ මනෝ ප්‍රතිකාරයන් පිළිබඳ ගැඹුරු දැණුමක් ඇති බව මටද ප්‍රත්‍යක්‍ෂවී තිබේ. ශ්‍රී ලාංකික මනෝ වෛද්‍යවරු අතර මනෝ විශ්ලේෂණය සහ මනෝ ප්‍රතිකාරයන් පිළිබඳ ගැඹුරු දැණුමක් ඇති මනෝ වෛද්‍යවරයා ලෙස මම හඳුනාගෙන ඇත්තේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ඇතුළු කවයේ මනෝ විශ්ලේෂකයෙකුව සිටි කාල් මැනිංගර් ගේ ගෝලයෙකු වූ වෛද්‍ය මහසෙන් ද සිල්වාය . වර්තමානයේ මනෝ වෛද්‍ය මහසෙන් ද සිල්වා කැන්සාස් හි කොල්මරි ඔනීල් රෝහලේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි.

මනෝ වෛද්‍ය ප්‍රතිකාරයේදී මනෝ විශ්ලේෂණ මනෝ ප්‍රතිකාරයේ දැණුම අත්‍යාවශ්‍ය කෙරේ. ප්‍රබල මනෝ චිකිත්සක මාධ්‍යයන් වන CBT (Cognitive Behavior Therapy), DBT ( Dialectical Behavior Therapy ), RET (Rational Emotive Therapy) , EMDR (Eye Movement Desensitization and Reprocessing) යන මනෝ ප්‍රතිකාර වල මූලයන් ආරම්භ වූයේ මනෝ විශ්ලේෂණය හරහාය . එසේම මානසික රෝගියෙකුගේ චර්‍යාව , ඔහුගේ මනෝ භාවයන් , සහ චිත්තය වටහා ගැනීමට මනෝ විශ්ලේෂණය උපකාර වේ. එහෙත් බොහෝ විට ශ්‍රී ලංකාවේ මනෝ විශ්ලේෂණය මෙන්ම අනෙකුත් මනෝ චිකිත්සන භාවිතා කරන මනෝ වෛද්‍යවරු අවම අතර බොහෝ දෙනෙකු ප්‍රති මනෝව්‍යාධික ඖෂධ මගින් පමණක් ප්‍රතිකාර කරති. මේ සත්‍ය මුලින්ම මාධ්‍ය මගින් පෙන්වා දෙන ලද්දේ දීප්ති කුමාර ගුණරත්න විසිනි. මේ තිත්ත ඇත්ත පිළි ගැනීමට බොහෝ වෘත්තිකයෝ මැළි වූවද එය සත්‍ය කරුණකි. ඊට හේතුව බොහෝ ශ්‍රී ලාංකික වෛද්‍ය විද්‍යාල තුල මනෝ විශ්ලේෂණය මෙන්ම මනෝ චිකිත්සනය ඉගැන්වීමට සුදුසුකම් සහ දැණුම තිබෙන ආචාර්‍යවරුන් නොමැති නිසාය .

බොහෝ කාලයකට ඉහතදී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිටි පද්මාල් ද සිල්වා මහතාට නම් මනෝ විශ්ලේෂණය මෙන්ම මනෝ චිකිත්සනය ඉගැන්වීමට සුදුසුකම් සහ දැණුම තිබුනු නමුදු ඔහු වෛද්‍යවරයෙකු නොවූ නිසා සමහර ශ්‍රී ලාංකික මනෝ වෛද්‍යවරු ඔහුව බැහැර කලෝය . ඔහු පේරාදෙනියේ සිටි කාලයේදී ඔහුට වෘත්තීය ගරුත්වයකින් සලකන ලද්දේ මනෝ වෛද්‍ය රොඩ්රිගු මහතා ඇතුළු ස්වල්ප දෙනෙක් පමණක් බව පද්මාල් මා සමග පවසා තිබේ. පසුකාලයක පද්මාල් ද සිල්වා පේරාදෙනිය විශ්ව විද්‍යාලය අතහැර ලන්ඩනයේ කිංස් විද්‍යාලයට ගිය අතර එහි දේශකයෙකු මෙන්ම සායනික මනෝ විද්‍යාඥයෙකු ලෙස සේවය කරන ලදි. මේ මනෝ විශ්ලේෂණය මෙන්ම මනෝ චිකිත්සනය ගැන ගැඹුරු දැණුමක් තිබූ උගතෙකුට අපගේ වෛද්‍ය ඇකඩමියාව සලකන ලද ආකාරයයි. ලංකාවේ වෛද්‍ය ඇකඩමියාවට පද්මාල් වැදගත් නොවූවද බ්‍රිතාන්‍ය මනෝ විද්‍යාඥයන් වූ ස්ටැන්ලි රැක්මන් මෙන්ම විලියම් යූල් පද්මාල්ව අගය කලා පමණක් නොව ඔහු සමග පරියේෂණ පත්‍රිකාද පළ කරන ලදි.

ඇකඩමියාවට අයත් නොවූවද දීප්ති කුමාර ගුණරත්න විසින් කරන ලද සාමාජයික මැදිහත් වීම ප්‍රබලය . ලංකාවේ සාහිත්‍ය මෙන්ම චිත්‍රපට මනෝ මනෝ විශ්ලේෂණාත්මකව කියවීමද ඒ සඳහා තරුණයන් ගේ සහභාගීත්වය ඇති කිරීමට දීප්ති මූලික වෙයි. එසේම සිංහල පමණක් කියවන පාඨකයන්ට මනෝ විශ්ලේෂණය හඳුන්වා දීමටද ඒ සඳහා උනන්දුවක් ඇති කිරීමටද ඔහුගේ දායකත්වය ඉවහල් විය . ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය , ඩෙරිඩාගේ ඩීකන්ස්ට්‍රක්‍ෂන් කල්පිත , ලැකානියානු විශ්ලේෂණය ගැන ක්‍රමවත් සහ විධිමත් දැණුමක් ඔහුට නොතිබුනද අත්පත් කරගත් සීමාකෘත දැණුම හරහා ලාංකික සමාජය ගැන දීප්ති කුමාර ගුණරත්න කරන කියවීම් සහමුනින්ම ඉවත දැමිය නොහැකි බව මගේ අදහසයි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග


http://ift.tt/2ljTAeX

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දීප්ති කුමාර ගුණරත්න සහ මනෝ විශ්ලේෂණය
දීප්ති කුමාර ගුණරත්න සහ මනෝ විශ්ලේෂණය
http://ift.tt/2lenpRu
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_754.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_754.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy