අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) ඔස්ට්‍රේලියාවේ සංචාරයක් සඳහා පිටත්ව යන අතර සංචාරයේ මුල් තෙදින එනම් පෙබරවාරි මස 13 වෙනිදා සිට...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) ඔස්ට්‍රේලියාවේ සංචාරයක් සඳහා පිටත්ව යන අතර සංචාරයේ මුල් තෙදින එනම් පෙබරවාරි මස 13 වෙනිදා සිට 15 වෙනිදා දක්වා ඔහු ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගත කිරීමට නියමිත වේ. එම කාලය අතරතුර DEAKIN සරසවියේ අධ්‍යයන සැසිවාර කිහිපයකට සහ ව්‍යාපාරික හමුවකට සහභාගි වන අගමැතිවරයාට එකී සරසවිය විසින් මෙම ආචාර්ය උපාධිය ලබා දෙනු ලැබේ.
මෙම ආචාර්ය උපාධිය සඳහා සකස් කෙරුණු අධ්‍යයන පත්‍රිකාව සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාස 6 කාලය තුල දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළ බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී. බොහෝ දිනවල මධ්‍යම රාත්‍රිය ඉක්මවන තෙක් අග්‍රාමාත්‍යවරයා අධ්‍යයන කටයුතුවල නිරත වන බව ඔහුගේ ආරක්ෂක අංශද සාක්ෂි දරයි.
ඔස්ට්‍රේලියාවේ අංක 03 හි ස්ථානයෙහි ලා සැලකෙන DEAKIN සරසවිය ලෝකය පුරා සරසවි ශ්‍රේණි ගත කිරීම්වලදීද ඉහලින්ම පවතින සරසවියක් වේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු එවන් වූ සරසවියකින් ආචාර්ය උපාධියකින් පිදුම්ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ.
COMMENTS