දැනුවත් පුරවැසියන් රටේ බිහිකිරීමෙන් පමණක් රජයට යම්කිසි බලපෑමක් ඇති කළ හැකිය යන ස්ථාවරයේ සිටිමින් පුනරුදය සංවිධානය කටයුතු කෙරේ. මාක්ස්වාදී...
දැනුවත් පුරවැසියන් රටේ බිහිකිරීමෙන් පමණක් රජයට යම්කිසි බලපෑමක් ඇති කළ හැකිය යන ස්ථාවරයේ සිටිමින් පුනරුදය සංවිධානය කටයුතු කෙරේ. මාක්ස්වාදී ආස්ථානයෙන් මිදී ගාන්ධි පන්නයේ සංකල්පයක් අනුව මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක වේ. සංවිධානයේ දැනුවත් කිරීමේ රැස්වීම් රටපුරා කරගෙන යයි. මේ වන විට රැස්වීම් 30 ක් පමණ පවත්වා තිබේ. මෙම රැස්වීම් සඳහා වැඩිපුරම රාවය පාඨකයන් සම්බන්ධ වේ. සංවිධානය පවසන පරිදි 2018 වසරේ අගෝස්තු මාසය වන විට තම සංවිධානය හරහා යම්කිසි බලපෑමක් සිදුකළ හැකි පිරිස ලක්ෂ 25 දක්වා නැංවීමට හැකියාව ලැබේ.
එය ගුණනය වන්නේ මෙසේය
2017 ජූලි මාසය වන විට පුනරුද ශාඛා 200 ක් සෑදීමට සංවිධානය අපේක්ෂා කරයි. එම එක් සාකච්ඡාවකින් දැනුවත් සාමාජිකයන් 50 ක් මෙම සංවිධානයට පැමිණිය හොත් 10,000ක සාමාජික පිරිසක් එකතු වේ. මාස 4 ක් තුලදී එක් සාමාජිකයෙකු තවත් සාමාජිකයන් 5 ක් සංවිධානයට සම්බන්ධ කළහොත් 2017 දෙසැම්බර් වන විට සාමාජිකයන් 50,000 ක් වේ. ඒ අනුව ඊළඝ මාස 4 තුල එනම් 2018 අප්‍රේල්වලදී ව්‍යාපාරයේ සාමාජිකයන් ගණන 250,000කි. ඉදිරි මාස 8 තුල එසේ වර්ධනය දිගටම වූ විට 2018 අගෝස්තුවලදී සාමාජිකයන් 1,250,000කි. ලක්ෂ 12 කට වැඩි සාමාජිකයන් සිටින ව්‍යාපාරයකට බලපෑම් කළ හැකි මිනිසුන් සංඛ්‍යාව ලක්ෂ 25 කට වඩා වැඩි වේ.
ජාති, ආගම්, කුළ හා ලිංග භේදයකින් තොරව සියල්ලටම සමාන අයිතීන් හිමිවිය යුතුය යන්න මෙම සංවිධානයේ තේමාවයි. කාන්තාවන් සහ තරුණයන් පුනරුද ව්‍යාපාරයේ රැස්වීම්වලට සහභාගි කරවා ගැනීම සම්බන්ධයෙන් එම සංවිධානයේ සංවිධායකවරු විශේෂ අවධානයක් යොමු කරති.
මෙම පුනරුද ව්‍යාපාරයේ රැස්වීම් ඉතාම සරල ඒවාය. සාමාන්‍ය රැස්වීම් සංස්කෘතියෙන් මිදුණු ඒවාය. දැනට ලංකාවේ පවතින බහුල රැස්වීම් සංස්කෘතිය අනුව රැස්වීමට සහභාගි වන අයට සංවිධායකයන් විසින් ගමන් වියදම්, ආහාර පාන සහ සමහර විට තවත් විශේෂ තෑගි ලබා දෙයි. නමුත් පුනරුද ව්‍යාපාරයේ රැස්වීම් එයින් මිදී ඇත. රැස්වීම්වලට සහභාගි වන්නන් තමන්ගේ වියදමින් පැමිණේ. රැස්වීම් කාලය තුලදී ආහාර පාන සපයා ගැනීම සඳහා පැමිණ සිටින පිරිස යම් සුළු මුදලක් එකතු කර එයින් අවශ්‍ය දෑ මිලට ගනී.
රැස්වීම් පැවැත්වීමට පුනරුද ව්‍යාපාරයෙන් එක් සාමාජිකයෙකු පමණක් සහභාගි වන අතර එම ව්‍යාපාරයේ අරමුණ මුලින් පැහැදිලි කර දෙයි. විනාඩි 20 කින් පමණ ව්‍යාපාරයේ අරමුණ විස්තර කරන පුනරුද සාමාජිකයා, සහභාගි වී සිටින සියළුම දෙනාට තම අදහස් දැක්වීමට අවස්ථාව ලබා දෙයි.
පසුගිය සතියේ එවැනි පුනරුද ව්‍යාපාරයේ රැස්වීමක් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී කේන්ද්‍රය විසින් නුගේගොඩ ප්‍රදේශයේදී සංවිධානය කර තිබුනි. දේශපාලන හිතවතියකගේ නිවසෙහි පැවති මෙම රැස්වීමට පුද්ගලයන් 20 දෙනෙකු සහභාගි විය. එහි පැවති සාකච්ඡාව අවසානයේ පැමිණ සිටි සියළුම දෙනා පුනරුද ව්‍යාපාරය සමග වැඩ කිරීමට එකග වීම විශේෂ ලක්ෂණයක් විය.
COMMENTS