ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා නවක ක්‍රීඩකයන් හය දෙනෙකු නම්කර තිබෙනවා. අවසන් වරට 2016 T-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ක...
ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා නවක ක්‍රීඩකයන් හය දෙනෙකු නම්කර තිබෙනවා. අවසන් වරට 2016 T-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන් සංචිතයේ ඉතිරිව සිටින්නේ බෙහර්ඩියන්, ඩේවිඩ් මිලර්, ඉම්රාන් තාහීර් සහ ආරොන් පංගීසෝ පමණයි.
පසුගියදා අවසන් වූ දේශීය T-20 තරගාවලියේදී දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර වරම් දිනාගැනීම සඳහා අවස්ථාව ලබාදී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම වත්මනෙහි දක්වන දක්ෂතා අනුව දෙවන පෙළ කණ්ඩායමක් වුවද දකුණු අප්‍රිකානුවන්ගෙන් දැඩි අභියෝගයක් එල්ල විය හැකි බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
දකුණු අප්‍රිකානු සංචිතය
ෆර්හාන් බෙහර්ඩියන් (නායක), ටියුනිස් ඩි බ්‍රයන්, රීසා හෙන්ඩ්‍රික්ස්, ඉම්රාන් තාහීර්, හෙයින කූන්, ඩේවිඩ් මිලර්, මංගලීසෝ මොෂෙහ්ලේ, ලුන්ගි න්ජිඩි, වේන් පාර්නෙල්, ඩෑන් පැටර්සන්, ආරොන් පංගීසෝ, ඇන්ඩිල් පෙලුක්වායෝ, ජොන්-ජොන් ස්මුට්ස්
COMMENTS