අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ පසුගියදා කන්තලේ 86 තොටුපොළේ දී පැවැති "වැවක් සමග ගමක්" ධීවර යටිතල පහසුකම් නැංවීමේ සංවර්ධන වැඩ සටහන අ...
අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ පසුගියදා කන්තලේ 86 තොටුපොළේ දී පැවැති "වැවක් සමග ගමක්" ධීවර යටිතල පහසුකම් නැංවීමේ සංවර්ධන වැඩ සටහන අරඹමිනි. මෙහිදී කන්තලේ ජලාශයේ ධීවර කටයුතුවල නියැලෙන ධීවරයින් 200කට අවශ්‍ය ධීවර ආම්පන්න බෙදා දුන් අතර 86 තොටුපොළ අවට මාර්ග, නිවාස ඇතුලු ධීවර යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ද ආරම්භ කරනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා-
ඩයිනමයිට් වැනි පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන මසුන් නොමරණ ලෙස මම අවස්ථා ගණනක දී ධීවර ප්‍රජාවට උපදෙස් දුන්නා. මාලු කියන්නේ සම්පතක්. ඒ වගේම කිසිම කෙනෙකුට හානියක් කරදරයක් නැති සත්ව කොටසක්. සමහර ධීවරයින් මුහුදු පතුලේ බරපතල විදියට ඩයිනමයිට් වැනි පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන සිදු කරන පිපිරවීම් නිසා මසුන් වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා සිටිනවා. ලංකාව වැනි අට ගුණයක් විශාල මුහුදක් තිබුනත් අපිට අවශ්‍ය තරම් මාලු මේ මුහුදේ නැහැ.
COMMENTS