සංක්‍රමණිකයන් පිරිසක් රැගත් මෙම බෝට්ටුව ඉතාලිය බලා යාත්‍රා කරමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇති අතර ඉතාලි වෙරළාරක්ෂක භටයන් විසින් සිදුකළ ස...
සංක්‍රමණිකයන් පිරිසක් රැගත් මෙම බෝට්ටුව ඉතාලිය බලා යාත්‍රා කරමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇති අතර ඉතාලි වෙරළාරක්ෂක භටයන් විසින් සිදුකළ සෝදිසි කිරීම්වලදී සංක්‍රමණිකයන් සිව්දෙනෙකු බේරාගෙන ඇති අතර තවත් පුද්ගලයන් අටදෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබෙනවා.
මෙම බෝට්ටුවේ ගමන් කර ඇත්තේ කුමන රටකට අයත් කුමන ජාතියක පුද්ගලයන්දැයි තවමත් අනාවරණය කරගෙන නැහැ. මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් පසුගිය වසර කිහිපයේ පටන් ඉතා අනතුරුදායක ලෙස කුඩා බෝට්ටු ආධාරයෙන් සංක්‍රමණිකයන් යුරෝපානු රටවල් වෙත සංක්‍රමණය වනවා. එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසන්නේ මෙම වසරේ ගත වූ සති දෙකක කාලය තුළ මෙසේ යුරෝපය වෙත අනතුරුදායක මුහුදු ගමන් හරහා පැමිණි පිරිස දහසකට අධික බවයි.
මෙම බෝට්ටු අනතුරට පෙර අදාල කාලය තුළ මියගිය හා අතුරුදන් වූ සංක්‍රමණිකයන් ප්‍රමාණය 11 කි. පසුගිය වසරේ එසේ පැමිණි සංක්‍රමණිකයන් 5000 කට වැඩි පිරිසක් මියගොස් හෝ අතුරුදන් වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ වාර්තා පෙන්වා දෙන්නේ.
COMMENTS