ශ්‍රී ලංකාවේ ඉහළතම කෝටිපති ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන 2014 වසරේ මැදභාගයේ තවත් එවැනිම ව්‍යාපාරිකයෙකු වන, එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ල...
ශ්‍රී ලංකාවේ ඉහළතම කෝටිපති ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන 2014 වසරේ මැදභාගයේ තවත් එවැනිම ව්‍යාපාරිකයෙකු වන, එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට කදිම අනාවැකියක් කියා තිබේ.
හැරී, ක්‍රිස්ට මෙම අනාවැකිය කියා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සංවිධානය කළ රාත්‍රී භෝජන සංග්‍රහයකට අරලිය ගහ මන්දිරයේදී සහභාගි වෙමින් සිටියදීය. එකළ 'CNN වීරයා' යනුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම මාධ්‍ය ක්‍රිස්ව පුම්බා තිබුණු පසුබිමක් තුළ ඒ කිසිවක් නොතකා, හැරී පවසා ඇත්තේ,
'ක්‍රිස්, ආ යූ මෑඩ් ? (ක්‍රිස් උඹට පිස්සුද ?) සීයයි අම්මයි එක්කහුවෙලා ගොඩනගපු මැක්වුඩ් කම්පැනිය දාලා උඹ මහ කොමසාරිස්කමක් බාරගත්තෙ මොන මගුලකටද ? අනික උඹට ලැජ්ජ නැද්ද මේ වගේ ආණ්ඩුවකට සුදුහුණු ගාන්න. පිස්සු කෙලින්නැතුව මහ කොමසාරිස්කම බල්ලට දාලා ආපහු ඇවිල්ලා පවුලෙ බිස්නස් එක බලාගෙන හිටපං. මුං උඹේ පස්ස පැත්තටත් පයින් ගහලා එළියට දාන්න ඉස්සෙල්ලා දෙයියන්ගෙ නාමෙන් උඹ උඹේ වැඩක් බලාගනිං. නැත්තං උඹට රැවුලයි කැඳයි දෙකම නැතිවෙනවා.' යනුවෙනි.
ගතවූයේ මාස හයකටත් අඩු කාලයකි. හැරී කීවා සේම මහින්ද රාජපක්ෂගේ හෙංචයියා වන සජින් වාස් ක්‍රිස්ට කනට දෙකක් ගසා මහ කොමසාරිස්කමින් පන්නා දමනු ලැබීය. අවසානයේ ක්‍රිස් නැවතත් මැක්වුඩ් සමාගමේ සභාපතිකම බාරගන්නා විට ව්‍යාපාරය මුළුමනින්ම අවුල් ජාලාවක්ව තිබී ඇත. අවසානයේ ක්‍රිස් සහ ඔහුගේ වැඩිමහල් සොයුරිය අතර ඇතිවූ ව්‍යාපාරික හබය අධිකරණය දක්වා දිග්ගැස්සිණි.
වසර කිහිපයක්ම හැරී ජයවර්ධනව ක්‍රිස් විසින් සිතාමතාම මගහැර සිටියත් පසුගිය දිනෙක අහම්බයෙන් කොළඹ බිෂොප් මන්දිරයේදී ඔවුන් දෙදෙනා එකිනෙකා හමුවී ඇත. හැරී කිසිවක් නොදොඩා ක්‍රිස් දෙස එක එල්ලේ බලාගෙන සිට ඇති අතර ඔහුගේ බැල්ම මගහැරි ක්‍රිස් ඉංග්‍රීසියෙන් පවසා ඇත්තේ 'හැරී, උඹ කිසිදෙයක් කියන්න අවශ්‍ය නෑ. උඹේ බැල්මේ ඒ සේරම තියනවා. ඒත් මම දැන් පරක්කු වැඩියි' කියාය.
වෛද්‍ය ක්‍රිස් නෝනිස්ට අත්වූ ඉරණම, තමන්ගේ ව්‍යාපාර පසෙක තබා දේශපාලනඥයන් පසුපස දුවන ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රජාවට කදිම පාඩමකි.
ක්‍රිස් නෝනිස්ගේ 52 වන ජන්ම දිනය අදට (07) යෙදී තිබේ.
-LNW
COMMENTS