ශ්‍රි ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය දඹුල්ල වෑවල හුබස්ගමුව ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබීය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ...
ශ්‍රි ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය දඹුල්ල වෑවල හුබස්ගමුව ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබීය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මඟින් මෙම අඹ වගා සංවර්ධන කලාපය ස්ථාපිත කරන ලද අතර, මෙම කලාපය තුළ වගා කරන අඹ පැළ සංඛ්‍යාව 15,000කි. ඊට අමතරව එම ප්‍රදේශයේ කෘෂි මාර්ග සංවර්ධනය , අඹ වගාව සඳහා අවශ්‍ය වන උපාංග සහ පුහුණුව ද ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපයෙන් ස්ථාපිත කරන ලද අතර , මෙහි දෙවන අදියර වශයෙන් යාපනය ප්‍රදේශයේ ද අඹ වගාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. මෙම විශේෂිත අඹ වගා සංවර්ධන කලාපය තුළ රෝපණය කෙරෙන්නේ TOM NJC නමැති අඹ ප්‍රභේදයයි. එම අඹ ප්‍රභේදය අපේ රටේ වියළි හා තෙත් කලාපයේ හොඳින් වගා කළ හැකි අතර, වසර පුරාම ඵලදාව ලබා දෙන අඹ විශේෂයකි. හුබස්ගමුව ප්‍රදේශයේ අක්කර 200ක් මේ සඳහා තෝරා ගෙන ඇති අතර, වගා කරන ගොවීන් සංඛ්‍යාව 100කි.
පුද්ගලික ආයතනයක් වන නෙල්නා සමාගම විසින් මෙහි වගා කෙරෙන රු.බිලියන 02ක වටිනාකමකින් යුත් අඹ මිලදී ගැනීමට ගොවීන් හා ගිවිසුමකට එළඹීමට තීරණය කළේය. මෙම අවස්ථාවට එක්වෙම්න් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවෙ පළාත් පාලන මැතිවරණයන් ආන්ඩුව යම් පසු බෑමකට ලක් උවද වර්තමානය වන විට සංවර්ධන කටයුතු නව මුහුනු වරකින් ක්‍රියාත්මක වීම නිසා ආන්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු වී ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පැවසුවෙ “තමා ගේ දේශපාලන අනාගතය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත රදා පවතින බවට ඇතමුන් පැවසුවද තමා මෙතෙක් කිසිදු පාර්ලිමේන්තු මැතිවරණයකදි අඩුම තරමින් කිසිදු රාජපක්ෂවරයෙකු ගේ ජායාරූපයක් හෝ පෝස්ටරයකට යොදා නොගත් බවයි “.
-Mahinda Amraweera Media

COMMENTS