දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

තාක්ෂණ නගර ව්‍යාපෘතිය නිසා ඉඩම් කොල්ලයක් - රවින්ද්‍ර මුදලිගේ

ඔහු මෙම අදහස් දැක්වූයේ හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය නිසා අැතිවන විනාශය වැළැක්වීමේ අරමුනින් පසුගිය 18 වනදා 'හෝමාගම ජන අයිතීන් සුරැක...

තාක්ෂණ නගර ව්‍යාපෘතිය නිසා ඉඩම් කොල්ලයක් - රවින්ද්‍ර මුදලිගේ

ඔහු මෙම අදහස් දැක්වූයේ හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය නිසා අැතිවන විනාශය වැළැක්වීමේ අරමුනින් පසුගිය 18 වනදා 'හෝමාගම ජන අයිතීන් සුරැකීමේ සංවිධානය' විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රවීන්ද්‍ර මුදලිගේ මහතා,

"පසුගිය මැතිවරණ කාලයේ චම්පික රණවක අැමතිවරයා තකහනියක් මේ පැත්තට ඇවිත් කිව්වේ විශාල ඉඩම් විතරයි පවරා ගන්නෙ කියලා. ඒ් නිසා අක්කර සිය ගණන් තියන අයට විතරයි මේක බලපාන්නෙ කියලා අදහසක් සමහරුන්ට තිබුණා. ඉතින් ගොඩක් දෙනෙක් හිතුවෙ විශාල ඉඩම් තිබුණු අය පහුගිය කාලෙ තමන්ට සලකපු විදිය විදිය නිසා ඔවුන්ට මේ වගේ විනාශයක් හානියක් වුණාට කමක් නෑ කියලා. තවත් සමහරු හිතුවෙ මේ තාක්ෂණ නගරයට එන මාර්ගයකට තමන්ගෙ ඉඩම අහුවෙනවා නම් වංගුවක් දාලා ඒ් ප්‍රශ්නය බේරාගන්න පුළුවන් කියලා. ඒ වගේ කසුකුසුවක් පහුගිය කාලේ තිබුණා. තාක්ෂණ නගර ව්‍යාපෘතියෙ ප්‍රශ්නෙදී ලොකු ඉඩම්, කුඩා ඉඩම් කියලා වෙනසක් වෙන්නේ නැහැ. මේ ව්‍යාපෘතියෙ මාර්ග සිතියම් වෙනස් කරලා කාටවත් නිදහස් වෙන්න ලැබෙන්නෙ නෑ. ව්‍යාපෘතියෙ සැලැස්ම අනුව 2030 වෙනකොට ළඟාවෙන්න නියමිත තත්ත්වය අනුව වෙන්න තියෙන විනාශය පැහැදිලියි. මේක මේ ප්‍රදේශයේ ජනතාව සියලු දෙනා එක මිටකට එකතු වෙලා පරාජය කරන්න ඕන විනාශකාරි සැලැස්මක් මිස නිහඬ වෙලා විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි.

බස්නාහිර සහ මහනගර සංවර්ධන අැමති පාඨලී චම්පික රණවක කියනවා කොරියාවේ ඉඩම්, ප්‍රවාහන සහ යටිතල පහසුකම් අමාත්‍යංශය එක්ක ගිවිසුමක් ගැහුවා කියලා. අමාත්‍යංශ වෙබ් අඩවිවල එක එක සුරංගනා කතා දාලා තියෙනවා. බහුජාතික සමාගම් 20ක් 2030 වෙනකොට එන බව කියනවා. රුපියල් මිලියන 30ක් අායෝජනය කරලා මිලියන 1500ක් උපයාගන්න බව කියනවා. නමුත් ඒ එක තැනකවත් කොරියාව සමග අත්සන් කළ ගිවිසුම තිබුණේ නෑ. ඒ්ක කාටවත් පෙන්වන්න බැරි ගිවිසුමක් බව ඒකෙන්ම පෙනෙනවා. වෙන සුරංගනා කතා කියන එක නවත්තලා මේ හොර ගිවිසුම එළියට දාන්න කියලා අපි පළමුවෙන්ම අාණ්ඩුවට, චම්පික රණවක අැමතිවරයට කියනවා.

තාක්ෂණ නගරය කියලා දැනටමත් අාරම්භ කරලා තිබෙන අපි කවුරුවත් දන්නෙ නැති ව්‍යාපෘතියෙ ස්වභාවය මොකක්ද කියලා දැනගන්න ඕන. අමාත්‍යංශය විසින් නිකුත් කරලා තියෙන ව්‍යාපෘති වාර්තාව අනුව තාක්ෂණ නගරයේ කලාප 4ක් නම් කරනු ලැබ තිබෙනවා. මාලබේ, කඩුවල අධි තාක්ෂණ කලාපය, මීගොඩ ඉලෙක්ට්‍රොනික් කලාපය, මාහේන්වත්ත පර්යේෂණ සංවර්ධන සහ තෘතීය අධ්‍යාපන කලාපය සහ දියගම ප්‍රදේශය ක්‍රීඩා සහ විවේක කටයුතු කලාපය ලෙස නම් කරලා තියෙනවා. මේ කලාප හතර යා කරන්න අලුතින්ම පුළුල් මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකරන්න යෝජනා කරනවා. ඊළඟට මේ කියන දැවැන්ත තාක්ෂණ නගරයේ භෞතික සීමා ඒ් කියන්නෙ හතරමායිම් මොනවද කියලා අපි දැනගන්න ඕන. මේ ව්‍යාපෘති වාර්තාවෙ ඒ ගැන දක්වලා තියෙනවා. උතුරෙන් අඹතලේ කඩුවෙල රණාල පරණ පාර අාශ්‍රිතව නැගෙනහිරින් රණාල මීගොඩ හල්බරාව, දකුණින් තලගල, කිරිවත්තුඩුව, කහතුඩුව බටහිරින් මාලබේ අතුරුගිරිය තලාහේන, අඹතලේහ තරමායිම එන විදිය. ඒ් සීමාව පැහැදිලිව නම් කරලා මේ සීමාව තුළ කලාප හතර නම් කර තිබෙනවා. අපි කලින් අහලා නැති අමුතු අමුතු පර්යේෂණ කරන බව දක්වලා තියෙනවා.

දැනටමත් අාරම්භ කර අැති නැනෝ තාක්ෂණ අායතනයේ අවශ්‍ය තරමට අාරක්ෂිත පියවර අරන් නැති බවට විවාද මතු වෙලා තියෙනවා. ඊට අමතරව, ජෙෙව තාක්ෂණ, ජාන තාක්ෂණ,ඩ්‍රෝන තාක්ෂණ, පුනර්ජනනීය බලශක්ති, රසායන ඉංජිනේරු විද්‍යාව, ගොඩනැගිලි තාක්ෂණය මේ අාදී එක එක ක්ෂේත්‍රවල පර්යේෂණ කරනවා කියලා කියනවා. අාසියාවේ නවෝත්පාදක කේන්ද්‍රය බවට පත් කරන්න මේ සියලු ව්‍යාපෘති අැතිව මේ තාක්ෂණ නගරය ගේන්න බව කියන මේ අැමතිවරයා එක තැනකදි කියනවා. මේ ව්‍යාපෘතිය වර්ග කිලෝ මීටර් 165ක් පුරා ව්‍යාප්ත වෙනවා. ඒ් තරම් විශාල ව්‍යාපෘතියකින් අපට මොකද වෙන්නෙ කියලා කල්පනා කරලා බලන්න.

ව්‍යාපෘති සැලසුම් අනුව ඉඩම් අක්කර දහස් ගණනින් පවරා ගන්න සූදානම් වෙනවා. ඒ් ව්‍යාපෘති වාර්තාවෙ කියන විධියට මාහේන්වත්ත කලාපයෙ ග්‍රාම සේවා වසම් 9ක විතරක් ඉඩම් අක්කර 3970ක් පවරා ගන්න සැලසුම් සකස්කර තිබෙනවා. ඒ් ඉඩම්වල ජීවත්වන අය, ඒ් අයගෙ නිවාස, කරගෙන ගිය වගාව, ජීවනෝපාය හොයාගත්ත සිල්ලර කඩේ අැතුළු මේ භූමියට මොකද වෙන්නෙ? මුළු ව්‍යාපෘතිය සමස්තයක් විධියට ගත්තම ඉදිරි අදියරෙදි තවත් ඉඩම් අක්කර දහස් ගණන් තව තවත් පවරාගන්න නියමිතයි. පළවෙන් පියවරට ඉඩම් අක්කර 3970ක් වුණාට අනෙක් පියවර දෙක, තුන, හතර ඉදිරියට යද්දි ව්‍යාප්ත වෙනවා.

2016 ජූනි 30 වැනිදා ඉඩම් අැමති ජෝන් අමරතුංග විසින් ගහපු ගැසට් පත්‍රයක මේ ගැන තොරතුරු තිබෙනවා. 'රජයට ඉඩම් පවරා ගැනීම පිළිබඳ දැන්වීමයි' කියලා පළ කළ ඒ් ගැසට් නිවේදනය පදනම් කරගෙන හෝමාගම ප්‍රාදේශීය ලේකම් විසින් පළවෙනි අදියරට පවරාගන්න නම් කරපු ඉඩම් ලැයිස්තුව මෙතන තියෙනවා. මේකෙ තියෙනවා කැබලි අංක 246 ප්‍රමාණය රූඩ් ඒකයි පර්චස් 11යි කැබලි අංක 247 පර්චස් 13ක්. ලොකු ඉඩම් විතරක් නෙවෙයි ඒ් අවට තියෙන පොඩි ඉඩම් කෑලි පවා පවරාගන්නවා. මාර්ග ඉදිකරනකොට වංගු දාන්න වෙන්නෙත් නෑ. මහා පරිමාණ ව්‍යාපෘතිවල අවශ්‍යතා අනුව මහ දැවැන්ත වාහන යන්න පුළුවන් විදියට පුළුල් ඍජු මාර්ග ඉදිකරන්නෙ. ඒ් නිසා තමයි හෝමාගම පොලිස් ස්ථානය ඉදිරිපිටින් ඉදිකරන්න නියමිත මාර්ගය සඳහා කඩා දැමිය යුතු නිවාස දැන්ම සලකුණු කරලා තියෙන්නෙ.

පාදුක්ක ප්‍රාදේශීය ලේකම්වරයාට නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබා දීල තියෙන පවරාගැනීමේ ලියුම්වල විස්තර තියෙනවා. පවරා ගැනීමට අදාළ මූලික වැඩ පටන්ගන්න නියෝග කරලා තියෙනවා, රුපියල් 50000ක චෙක්පතකුත් දීලා තියෙනවා. මොනවද ඒ් පවරාගන්න නියමිත ඉඩම්. දඩුලන්දවත්ත, අක්කර 120ක් පවරාගන්නවා. අදාළ වත්ත පමණක් නෙවෙයි, අවට නිවාස සහ මුළු ප්‍රදේශයම තමයි පවරාගනු ලබන්නෙ. දඹුගොල්ලවත්ත අක්කර 34ක් කහඋලුහේනවත්ත අක්කර 42ක්. මේ ප්‍රදේශවල විශාල ජනතාවක් කෘෂිකාර්මික කටයුතුවලට සම්බන්ධයි. තිරස් අතට නිවාස තියෙන නිසා ඉඩම් නාස්තියක් වෙන බව කියලා මේ ව්‍යාපෘතියට අනුව සිරස් අතට මහා මහල් නිවාස හදලා ජනතාව ගාල් කරන්න හදන්නෙ. ගෙවත්තක් සහිත නිවාසවල ජීවත්වන ජනයාට මහල් නිවාසවල කොටුවෙලා ජීවත් වෙන්න කියලා කියන්නෙ. ඒ්ක තමයි මේ කියන මහා අාශ්චර්යමත් තාක්ෂණ නගර ව්‍යාපෘතිය."

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28608,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තාක්ෂණ නගර ව්‍යාපෘතිය නිසා ඉඩම් කොල්ලයක් - රවින්ද්‍ර මුදලිගේ
තාක්ෂණ නගර ව්‍යාපෘතිය නිසා ඉඩම් කොල්ලයක් - රවින්ද්‍ර මුදලිගේ
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/97318bdae53d324eaaad0647ff854f07_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_672.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_672.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy