අද දහවල් වනවිට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මෙම එකඟතාවයට අවශ්‍ය සියලු කරුණු සම්පූර්ණ වී ඇති අතර ඒ අනුව තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා ...
අද දහවල් වනවිට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මෙම එකඟතාවයට අවශ්‍ය සියලු කරුණු සම්පූර්ණ වී ඇති අතර ඒ අනුව තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්වනු ඇති අතර කැබිනට් සංශෝධනය බොහෝ දුරට ඉදිරි සතිය තුළ සිදුවීමට නියමිත වේ. අප ඊයේ (16) සඳහන් කළ පරිදි සාගල රත්නායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත පැවරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද සිදුකර ඇත.
මේ අතර ශ්‍රීලනිපය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කළ අතර එම උත්සාහය ව්‍යවර්ථ වීම හේතුවෙන් ඇමතිවරුන් කිහිප දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව ද වාර්තා වේ. ඔවුන් ඉදිරියේදී විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ තීරණය දැනුම්දීමට නියමිතව තිබේ.
COMMENTS