දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පොහොට්ටුව සහ අලියා 'මහරගමදී' අවුලක? : සම්පුර්ණ විග්‍රහය මෙන්න.

කිසිදු ගැටලුවකින් තොරව පළමුවතාවේදීම නාමයෝජනා කැඳවීම් සිදු කළ පළාත් පාලන ආයතන 93 අතර මහරගම නගර සභාව ද පවතී.මෑත කාලීනව මහරගම ආසනය දේශපලන කරළ...


කිසිදු ගැටලුවකින් තොරව පළමුවතාවේදීම නාමයෝජනා කැඳවීම් සිදු කළ පළාත් පාලන ආයතන 93 අතර මහරගම නගර සභාව ද පවතී.මෑත කාලීනව මහරගම ආසනය දේශපලන කරළිය තුළ උණුසුම් වූයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයාව සිටි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂගේ අමාත්‍ය ධුරය වූ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය තුළ මහරගම ආසනයේ එක්සත් ජාතික පක්ෂය යම් අස්ථාවරවීමකට ලක් වීම තුළය.

අනෙක් කාරණය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය දෙවෙනි පෙළ ජාතික නායකයෙකු වූ ඉසුර දේවප්‍රිය වෙත පිරිනැමීමත් සමඟ හිටපු සංවිධායිකා කාන්ති කොඩිකාර සහ ඇයගේ ස්වාමියා වූ බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර වඩාත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වී ගිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙත සමීප වීමය.

කෙසේ වෙතත් 1983 වර්ෂයේ සිට මහරගම ආසනය මූලික කරගෙන දේශපාලන කටයුතු සිදු කරන ජාතික මට්ටමේ නායකයෙකු වූ දිනේෂ් ගුණවර්ධන නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ වෙතද යම් වාමාංශිකයැයි කියා ගත් ඡන්ද පදනමක් මහරගම ආසනයට අයත් මහරගම නගර සභාව තුළ පවතී.

මහරගම නගර සභාවේ සංයුතිය නව පළාත් පාලන ඡන්ද ක්‍රමය යටතේ මුළු සභික ධුර 44 කි.එයින් 25ක් කොට්ඨාශ පදනම යටතේද, අනෙක් 19 ලැයිස්තු ක්‍රමය යටතේද පත් කර ගැනීමට නියමිතය.

ඒකාබද්ධය සුළු පක්ෂවල පැටලෙයි

ඒකාබද්ධ පොදු ජන පෙරමුණ යටතේ මහරගම නගර සභාව වෙත; ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ(ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ පාර්ශවය.), මහජන එක්සත් පෙරමුණ,ජාතික නිදහස් පෙරමුණ,පිවිතුරු හෙළ උරුමය,ලංකා සමසමාජ පක්ෂයේ කොටසක්,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ කොටසක්,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ,ශ්‍රී ලංකා මහජන පක්ෂය 'නෙළුම් පොහොට්ටුව ලකුණින්' තරඟ කිරීමට නියමිතය.

අවසාන වතාවට 2011 දී පැවති මහරගම නගර සභාව සඳහා වූ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සභික ධුර 12ක් හිමි කරගෙන බලය පිහිටුවීය.එම සභික ධුර සංයුක්ත වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 6, මහජන එක්සත් පෙරමුණට 3, ජාතික නිදහස් පෙරමුණට 1, ජාතික හෙළ උරුමයට 1 සහ සමසමාජ පක්ෂයට 1 වශයෙනි.

නව පළාත් පාලන පනත යටතේ සභික ධුර සංඛ්‍යාව දෙගුණයක් බවට පත් වී ඇති මහරගම නගර සභාව සඳහා වන මෙවර මැතිවරණයේදී එම දෙගුණයක් වූ අගය ඉක්මවා දිනේෂ් ගුණවර්ධන සහ ඔහුගේ පුත් යදාමිණී ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් මෙවර 13ක් නාමයෝජනා අපේක්ෂකයින් ඉල්ලා සිටීමේ දැඩි තීරණය නිසා කොළඹ දිස්ත්‍රික් නාමයෝජනා සැකසීමේ පොදු ජන පෙරමුණු කමිටුව තුළ උණුසුම් තත්වයක් හට ගෙන තිබේ.දැනට මහරගම නගර සභාව සඳහා සභිකයින් තේරී පත්වන කොට්ඨාශ 25න් 5ක් දැඩි ගැටලුකාරී වාතාවරණය මත අවසන් තීන්දුව ගත නොහැකිව ඉතිරිව පවතී.මෙහිදී දිනේෂ් ගුණවර්ධන පුත්‍ර යදාමිණි ගුණවර්ධන සහ මහරගම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධායිකා හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර අතර දැඩි උණුසුම් තත්වයක්ද ඇති වූ බව වාර්තා වේ.

මෙම සාකච්ඡා හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකුගේ තලවතුගොඩ නිවසේදී පවත්වා ඇත.සම්මුතියෙන් අවසන් තීරණයකට එළඹිය නොහැකි වුවහොත් නෙළුම් පොහොට්ටුව අතහැර 'කරත්ත රෝදය' ලකුණින් වෙනම මහරගම නගර සභාව සඳහා තරඟ කිරීමට දිනෙෂ් ගුණවර්ධන මහතා දැඩි ස්ථාවරයක සිටින බවටද අනාවරණය වේ.

මෙහිදී හිටපු නගරාධිපතිනිය වෙත දිනේෂ් ගුණවර්ධන පුත්‍ර යදාමිණී බැන වැදී ඇත්තේ "ගියපාර ශ්‍රී ලංකා කියලා පත් වුණ මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් 3ක් මෙවර මැතිවරණය වන තෙක් රැක ගන්න අසමත් වූ කෙනා දැන් කෝටා ඉල්ලන් දාගන්න මන්ත්‍රීවරුන්ගෙන් 2න් පංගුවක් පළමු සභාවාරයේම ගිහින් ඉසුරගේ ශ්‍රී ලංකා එකේ අයත් එක්ක වාඩි වෙන එකක් නැතිවෙයි කියලා ගැරන්ට් කරන්න හැකිද" කියාය.

එවිට හිටපු නගරාධිපතිනිය පවසා ඇත්තේ,"ඔයා ඔහොම කතා කරන එක වැරදියි පුතා,ගෑණියක් වෙලා මම අභියෝග ගොඩක් මැද්දේ පාලනය සාර්ථකව ගෙනිච්චේ.ඔයාගේ පක්ෂේ මන්ත්‍රීලා 3දෙනත් මගේ කකුලෙන් අදිනකොටත්.දැන් මටයි උපාලිටයි ගහන්නම බලන් තමයි මහ ඇමතිකම ඉසුරට දුන්නේ.එහෙම එකේ අපි තනියම කරන සටන අවතක්සේරු කරන්න එපා" කියාය.

කෙසේ වෙතත් මෙම නාමයෝජනා සකස් කිරීමේ සාකච්ඡාවේදී ගාමිණී ලොකුගේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෝටාව රැක ගැනීම වෙනුවෙන් කේවල් සටන්කර නොමැති බව වාර්තා වේ.

එජාපයේ රොඩ්නි - එරන්ද ගැටුම

එක්සත් ජාතික පක්ෂයේ මහරගම නගර සභාව සඳහා වන මැතිවරණයේ ගැටලුකාරී තත්වය නාම යෝජනා පත්‍රය සකස් කර අවසන් අදියරට පැමිණි මොහොතේ සිට ඇති වූ තත්වයකි.ඒ එක් එක් අපේක්ෂකයින් තමන්ගේ මැතිවරණ ප්‍රචාරය දියත් කිරීමේදී පෝස්ටර්,කටවුට් තුළ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ රුව සහිත ඡායාරූපයක් සමඟ ජාතික තරුණ සේවා සභාවේ සභාපති,ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගගේ ඡායාරුවක්ද ප්‍රදර්ශනය කිරීමත් සමඟිනි.දැනට ඔහු මහරගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ වැඩ බලන ආසන සංවිධායකවරායා ලෙස නොනිල මට්ටමෙන් සෑම දෙයක්ම විපරම් කර බැලීම තුළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොඩ්නි ෆ්‍රෙෂර් මහතාගේ යම් සිත් බිඳීමක් සිදු වී ඇති බවක් අනාවරණය වේ.පසුගිය අවුරුදු දශකයක පමණ කාලවකවානුවක සිටම මහරගම ආසනයේ එක්සත් ජාතික පාක්ෂිකයා රැක ගැනීම වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළ පළාත් සභා මන්ත්‍රී රොඩ්නි ෆ්‍රෙෂර්ව මහරගම නගර සභාවේ අපේක්ෂකත්වය හිමි කරගත් පසු මහරගම එක්සත් ජාතික පාක්ෂිකයාට අමතක වී යාම පුදුමාකාර අමතක වීමකි.

මහරගම ආසනයේ බොහෝ වයස්ගත එක්සත් ජාතික පාක්ෂිකයෝ නීතිඥ එරන්ද වැලිඅංගගේ හදිසි දේශපාලන ආගමනය දකින්නේ අවසානයේ සිදු වී යාමට යන විශාල ඛේදාන්තයක පෙර නිමිත්තක් ලෙසින් බවද වාර්තා වේ.

ඉසුර ඉසුරුමත්

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය මහරගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඉසුර දේවප්‍රියගේ නායකත්වයෙන් මහරගම නගර සභාව සඳහා වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුව මේ වන විට ඉතාම සුපරික්ෂාකාරී අන්දමින් සැකසී අවසන් බවද වාර්තා වේ.එහිදී උගත් තරුණ නියෝජනය සඳහා වැඩි අවස්ථා ගණනාවක් වෙන්කරදී ඇති බවත් මහරගමින් උගත් තරුණ රැල්ලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති කරදීම එහිදී මූලිකම අරමුණ වූ බව වාර්තා වේ.

ජවිපෙ ප්‍රජා මූල නායකයින්

ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රජා මූල නායකයින් තම ලැයිස්තුව සඳහා වැඩි වශයෙන් මහරගම නගර සභාව වෙනුවෙන් ඉදිරිපත් කරගෙන ඇති බවත් වාර්තා වේ.

බහුතර බලය

මහරගම නගර සභාව සඳහා වන මැතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයකට පැහැදිලි බහුතර බලයක් ලබා ගත නොහැකි බවට දේශපාලන අනාවැකියක් පළකළ හැකිය.ජයග්‍රාහක දේශපාලන පක්ෂය කුමක් වේදැයි අනාවැකි පළ කිරීමටද දුෂ්කරය.යම් හෙයකින් ඒකාබද්ධ පොදු ජන පෙරමුණෙන් ඉවත්ව වෙනම මහජන එක්සත් පෙරමුණ තරඟකළහොත් විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පවාද යම් අර්බුදකාරී තත්වයක් නිර්මාණය වීම නියතය.ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියගේ නායකත්වයෙන් යුතුව එක්සත් ජනතා නිදහස් සන්ධානයද මේ වන විටත් ආකර්ෂනීය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.


- නීති ශිෂ්‍ය / නිදහස් මාධ්‍යවේදී ඉෂාර ලක්මිණ.
© Lanka DNA

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28609,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුව සහ අලියා 'මහරගමදී' අවුලක? : සම්පුර්ණ විග්‍රහය මෙන්න.
පොහොට්ටුව සහ අලියා 'මහරගමදී' අවුලක? : සම්පුර්ණ විග්‍රහය මෙන්න.
http://ift.tt/2nMsMcB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_790.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_790.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy