දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඉතියෝපියානු කුමාරයා සහ ඇමරිකානු සුරංගනාවිය

අරියානා ඔස්ටින් නමැති ඒ 33 හැවිරිදි ඇමරිකානු යුවතිය සුපුරුදු පරිදි පර්ල් නමැති රාත්‍රී සමාජ ශාලාවේ මිතුරු ඇසුරේ යෙදෙමින් සිටියාය.  නියම ...

ඉතියෝපියානු කුමාරයා සහ ඇමරිකානු සුරංගනාවිය

අරියානා ඔස්ටින් නමැති ඒ 33 හැවිරිදි ඇමරිකානු යුවතිය සුපුරුදු පරිදි පර්ල් නමැති රාත්‍රී සමාජ ශාලාවේ මිතුරු ඇසුරේ යෙදෙමින් සිටියාය.

 නියම කුමාර පෙනුමක් ඇති තරුණයෙක් ඇය දෙස නෙත් බැලුම් හෙළමින් පසුවිය. මිතුරියකගේ මාර්ගයෙන් ඔවුන් හඳුනා ගැණිනි. විනාඩි පහකට පසු තරුණයා අමුතු කතාවක් කීවේය. “ඔයා මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න යන්නෙ!”

මෙය සිදුවූයේ මෙයට අවුරුදු 12කට පෙර ය.

රාත්‍රී සමාජ ශාලාවලදී බොහෝ දේ සිදුවිය හැකිය. නමුත් ඒවා බොහෝ විට එක රැයකට පමණක් සීමා වන දේවල් ය. මෙවැනි තැනකදී ප්‍රේමය සොයා එන අය හමුවිය හැකිද? රාත්‍රී සමාජ ශාලාවකදී හමුවිය හැක්කේ ප්‍රේමය ද? රාගය ද?

එහිදී ජොයෙල් නමැති ඒ තරුණයා යම් දෙයක් සැඟවීය. ඒ, තමන් ඉතියෝපියාවේ ඔටුන්න හිමි කුමාරයා බව ය.

ජොයෙල් යනු ඉතියෝපියාවේ අවසන් අධිරාජ්‍යයා වූ, පුරා වසර 40 ක් ඉතියෝපියාවේ 225 වන රජ වශයෙන් කිරුළු දරා 1974 වසරේදී කිරුළෙන් පහකෙරුණු හයිල් සෙලාසිගේ මී මුණුපුරා ය. සෙලාසි අධිරාජ්‍යයා 1975 වසරේ මියගොස් තිබුණේ ද අබිහරස් ලෙස ය. ඔහුගේ මරණය ඝාතනයක් යැයි ද සැකකෙරේ.

ඔහු ඇයට ඇත්ත කීවේ සෙමිනි. ඇත්ත නොකියා සිටින්නට ඔහු උත්සාහ ගත් බව කීම වඩා නිවැරදි ය. එසේ කරන්නට ඔහුට ඕනෑ තරම් හේතු කාරණා ද තිබුණේය.  ජොයෙල්ගේ දෙමාපියන් වූයේ ඩේවිඩ් මැකොනෙන් කුමාරයා සහ අඩේයි ඉම්රු මැකොනෙන් කුමරියයි. ඉතියෝපියාවේ සිදුවූ කොමියුනිස්ට් නැගී සිටීම හේතුවෙන් ඔවුන් ගත කරමින් සිටියේ පිටුවහල් ජීවිතයකි. ඩේවිඩ් මැකොනෙන් කුමාරයා ඝාතනය නොවී බේරී සිටියේ ඒ වන විට ඔහු පිටරටක අධ්‍යාපනය ලබමින් සිටි නිසා ය. අවසානයේ ඔවුන් පදිංචිය සඳහා තෝරාගෙන තිබුණේ ස්විට්සර්ලන්තයයි. ජොයෙල් කුමාරයා ඉපදී තිබුණේ රෝමයේ ය. 

ඇමරිකානු යුවතිය මේ කිසිදු ඉතිහාසයක් නොදැන ඔහුව සිය පෙම්වතා වශයෙන් තෝරාගත්තාය. තමන්ගේ අත පතන්නේ සැබෑ ලෝකයේ කුමාරයෙකු බව හාංකවිසියක්වත් නොදැනම ඔහු සමග පෙමින් බැඳුණාය. එය බරපතළ පෙමක් විය. එකිනෙකාට එකිනෙකා නොදැක සිටිය නොහැකි තරමට ඒ පෙම මෝරා වැඩිණි. අවාසානයේ ජොයෙල් කුමාරයාගේ පවුල් ඉතිහාසයේ කථාන්දරය සොයාගත්තේ යුවතියකගේ මිතුරියක විසිනි. 

“මම පුදුමයෙන් ගල් ගැසුණා..” යැයි ඇය පවසන්නීය. 

ආදරයට විටෙක ඉතා පුදුම සහගත දේවල් කළ හැකිය. ඔවුහු සැබෑ ලෙසම විවාහයෙන් අවසන් වන ප්‍රේම කතාවකින් බැඳී සිටියහ. අවසානයේ පසුගිය සැප්තැම්බර් 9 වැනිදා ඔවුන්ගේ සුරඟන විවාහය සිදුවිය. ඔවුහු අතිනත ගත්හ. සැබවින්ම එසේ අතිනත ගත්තේ තනිකරම කළු පාට, එහෙත් ආසියාතිකයෙකු තරමට කඩවසම් පෙනුමැති අප්‍රිකානු සංස්කෘතිය සහ තදබල ක්‍රිස්තියානි සංස්කෘතියයි. 

සුරඟන වෙඩිම සිදුකෙරුණේ ඉතියෝපියානු සධාර්මික නිකායේ වත් පිළිවෙත් අනුව ය. ඔටුන්න හිමි කුමාරවරුන් දෙදෙනෙකු” පූජකවරුන් දහතුන් දෙනෙකු සහ පවුල්වල නෑ හිතමිතුරන් පිරිවරාගෙන ය. 

පසුගිය කාලයේ පැතිර ගිය එක් ෆේස්බුක් රැල්ලක තේමාව වූයේ ‘සැබෑ ආදරය හමුවිය හැක්කේ කෙසේද, කොතැනද” යන්නයි. එයට පිළිතුරු වශයෙන් “සැබෑ ආදරය කහ ඉර පනිද්දී වුවද හමුවිය හැකිය” යනුවෙන් ද පෝස්ට් පළ විය. නමුත් මේ කතාවෙන් අපට පෙන්වා දෙන්නේ ඊටත් වඩා උනන්දුජනක මානයකි. එනම්, 

“සැබෑ ආදරය නයිට් ක්ලබ් එකකදී වුව හමුවිය හැකිය.” 


-අමාලි ජයවීර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉතියෝපියානු කුමාරයා සහ ඇමරිකානු සුරංගනාවිය
ඉතියෝපියානු කුමාරයා සහ ඇමරිකානු සුරංගනාවිය
http://ift.tt/2zBbiSy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_799.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_799.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy