දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනතා අයිතීන්ට එරෙහිව කම්කරු අයිතීන් - එම්.එස්.එම්. අයුබ්

මේ සිද්ධියට කලින්, මත්තල ගුවන් තොටුපොල විදේශ සමාගමකට බදු දීමට එරෙහිව හම්බන්තොට පැවති තවත් උද්ඝෝෂණයකදී උසස් පොලිස් නිලධාරියෙකු විසින් විරෝ...

ජනතා අයිතීන්ට එරෙහිව කම්කරු අයිතීන් - එම්.එස්.එම්. අයුබ්
මේ සිද්ධියට කලින්, මත්තල ගුවන් තොටුපොල විදේශ සමාගමකට බදු දීමට එරෙහිව හම්බන්තොට පැවති තවත් උද්ඝෝෂණයකදී උසස් පොලිස් නිලධාරියෙකු විසින් විරෝධතාකරුවෙකුට කම්මුල් පහරක් දෙන දර්ශනයක් ද මාධ්‍ය තුළ පළ විය. ඒ සිද්ධිය කෙසේ වෙතත්, ඉහත සඳහන් දුම්රිය රියැදුරා සම්බන්ධයෙන් උද්ගත වූ තත්වය, විවිධ කණ්ඩායම් විසින් දියත් කරනු ලබන ඊනියා ‘අරගල’ කෙරෙහි සාමාන්‍ය ජනතාව දක්වන ආකල්පය විදහාපාන අවස්ථාවක් විය.
 
දුම්රිය මගීන් විසින් දුම්රිය රියැදුරාට පහර දෙන ලද්දේ දුම්රිය සේවකයන්ගේ ඉල්ලීම්වලට එම ජනතාව විරුද්ධ නිසා නොව, බස් සේවාවනුත් ඉතා දුර්වල මට්ටමක පවතින අවස්ථාවක දුම්රිය වර්ජනය නිසා ඔවුන්ට අත්විඳීමට සිදු වූ අතිමහත් ගැහැට නිසා ය.
 
මීට මාස කිහිපයකට පෙර, වයඹ රජයේ රෝහලකදී මෙවැනිම තත්වයක් ඇති විය. සයිටම් විද්‍යාලයට එරෙහිව රජයේ වෛද්‍යවරුන් දියත් කොට තිබූ වැඩ වර්ජනයකින් පීඩාවට පත්වූ රෝගීන් එහිදී කලහකාරීව හැසිරුණි. එසේම පසුගිය දා කොළඹ ඇති වූ උද්ඝෝෂණ කිහිපයකදීම, සාමාන්‍ය මහජනතාව උද්ඝෝෂණකරුවන්ට එරෙහිව නැගී සිටි අවස්ථා වාර්තා වුණි.
 
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් එක දිගට වැඩ වර්ජනයක නිරත වූ අවස්ථාවේ කොලොන්නාව තෙල් සංස්ථාවට හමුදාව ගොඩ බැසීම ගැන, ආණ්ඩුව පෙරලීමට බලා සිටින පිරිස හැරුණුකොට, මුළු රටම සතුටට පත්වූහ. එසේම, කොලොන්නාව තෙල් සංස්ථාවේ වැඩ වර්ජනයේදී, ඇතැම් දේශපාලඥයන් විසින් එම පළාතේ සැහැසි ජනතාව සංවිධානය කොට වැඩවර්ජකයන්ට පහර දුන් අවස්ථාවේ මහජනතාව ඒ ගැන දොසක් කීවේ නැත. එහිදී ආණ්ඩුව හෝ ඇතැම් දේශපාලඥයන් කටයුතු කළ ආකාරය ගැන මාධ්‍ය තුළ විශාල විවේචනයක් පළ වූයේ ද නැත. මන්ද යත්, වැඩවර්ජනවලින් ජනතාව හෙම්බත්ව සිටි නිසාය.
 
‘අරගලවලට’ එරෙහිව ගොඩනැගෙන ජනතා ආකල්පය ප්‍රවණාතාත්මකද ? එසේ වීමට ඉඩ තිබේ. මන්ද යත්, දිනපතාම පාහේ ඇති වන වැඩවර්ජන සහ විරෝධතා ඒ තරමට වසංගතයක් වී ඇති බැවිනි. කෙසේ වෙතත්, පාරේ විරෝධතා දක්වන්නන් කෙරෙහි හෝ වැඩවර්ජකයන් කෙරෙහි විරෝධයක් ජනතාව තුළ නැත. බොහෝ අවස්ථාවල වෛද්‍යවරුන් වැඩවර්ජනය කරන්නේ හෝ ශිෂ්‍යයන් පෙළපාලි යන්නේ මන්දැයි ඔවුහූ නොදනිති.
 
පාරේ නිදහසේ යාමට ඒමට අයිතියක් ජනතාවට තිබේ. තමන් ගෙවන බදු මුදල්වලින් පවත්වාගෙන යනු ලබන රෝහල්වල ප‍්‍රතිකාර ලැබීමට අයිතියක් ඔවුන්ට තිබේ. බොහෝ ප‍්‍රශ්න දේශපාලනීකරණය වී ඇති තත්වයක් තුළ මේ විරෝධතාකරුවන්ගේ හෝ වැඩවර්ජකයන්ගේ ඉල්ලීම් ගැන ජනතාවට ප‍්‍රශ්නයක් තිබේ. 
 
උදාහරණයක් වශයෙන්, සයිටම් වෛද්‍ය විද්‍යාලය ඇති කිරීමටත් පවත්වාගෙන යාමටත් අවශ්‍ය කරන ණය ආධාර සපයමින්, ශිෂ්‍යත්ව පවා ප‍්‍රදානය කරමින් එදා කටයුතු කෙළේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව බව කවුරුත් දනිති. එම ආණ්ඩුව ඉදිරියේ එදා නිවට විදිහට සිටි වෛද්‍යවරු සහ වෛද්‍ය ශිෂ්‍යයෝ, එම රාජපක්ෂගේම දේශපාලනික තල්ලුව ඇතිව අද ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස ඉල්ලති. එවැනි ‘අරගලයක්’ යුක්ති සහගත කළ හැක්කේ එම දේශපාලනික න්‍යාය පත්‍රයේම සිටින කෙනෙකුට පමණි.
 
මේ සයිටම් විරෝධීන්ගේ කුහකකම, ආණ්ඩුවේ මාධ්‍ය තුළ අගේට නිරාවරණය කෙරේ. විශේෂයෙන් ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැන්නන් රාජපක්ෂ කාලයේදී මේ සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් කළ කී දේවල් රූපරාමු වශයෙන් ඉදිරිපත් කොට මහජනතාවට දැන ගැනීමට සැලැස්වීය. ඔය කියන අරගලවල සාධාරණ අසාධාරණ කම කෙසේ වෙතත්, රෝගීන්ගේ ජීවිත අවදානමට හෙලමින් වෛද්‍යවරුන් ගෙනයන වැඩවර්ජන කොතෙක් දුරට ඉවසා සිටිය යුතු ද යන ප්‍රශ්නය මෙහිදී පැන නගී.
 
වාහන තදබදය උග‍්‍ර අවස්ථාවල, කොළඹ නගරයේ පෙළපාලියක් නැති දවසක් සොයා ගැනීමට නොමැති තරම්ය. තම විරෝධතා දැක්වීමටත්, තමන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් යැයි තමන් විශ්වාස කරන දේවල් ඉල්ලා සිටීමටත් අයිතියක් විරෝධතාකරුවන්ට නිසැකවම තිබේ. එහෙත් ඒ ප‍්‍රශ්න ගැන කිසිවක් නොදන්නා, ඊටත් වඩා, ඒවාට වගකිව යුතු නැති ජනතාවක්, මේ කියන විරෝධතාකරුවන්ගේ අරගලවලින් විඳවිය යුත්තේ ඇයි ?
 
විරෝධතාවන් සහ වැඩ වර්ජන වූ කලී, එකී පිරිස්වල අයිතිවාසිකම් උදෙසා දියත් කරන ව්‍යාපාරයන් වන නිසා සහ සමහර විට එම ප‍්‍රශ්නම සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නවලටත් අදාළ වන නිසා, මේ උද්ඝෝෂණ හෝ වැඩවර්ජන හේතුවෙන් ඇති විය හැකි තාවකාලික දුෂ්කරතා ඉවසා සිටීමට ජනතාවට වගකීමක් ඇතැයි පසුගිය දවසක ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කොට තිබිණි.
 
ඇත්ත, ආචාර විද්‍යාත්මකව එම තර්කයේ යම් ඇත්තක් තිබෙන්ට පිළිවන. එහෙත් දිනපතාම පාහේ කොළඹ නගරයේ ඇතිවන විරෝධතා සහ වැඩවර්ජන සංඛ්‍යාව දෙස බලන විට, ඔහු කියන අදහස සමග එකඟවීමට පෙර සාමාන්‍ය ජනතාව දෙවරක් සිතා බලනු ඇත. මන්ද යත්, එ් තරම් ‘තාවකාලික’ දුෂ්කරතා අවසානයේ නිත්‍ය අවුලකට මගපෑදිය හැකි නිසාය.
 
පසුගිය වසරේ මාර්තු මාසයේ තොටළඟ අනවසර පදිංචිකරුවන් ජපන් මිත‍්‍රත්ව පාලම උඩ වාඩිලා ගැනීමේ විරෝධතාවක නිරත වූ අවස්ථාවේ, දස දහස් ගණන් වාහන එක තැන හිර වුණි. විදේශයන්ට යන බොහෝදෙනාට කටුනායක ගුවන් තොටුපොළට එදා වෙලාවට යාගත නොහැකිව තමන්ගේ ගුවන් ගමන් අවලංගු කර ගැනීමට සිදු විය. වැඩ ඇරී ගෙදර එන තරුණ ගැහැණු සහ ශිෂ්‍යයන් ඇතුළු තව දස දහස් ගණන් ජනතාව තම තමන්ගේ වාහන තුළ පැය හතරක පමණ කාලයක් එදා රස්තියාදු වුණි. ප‍්‍රතිකාර ගැනීම සඳහා යන සිය ගණන් රෝගීන් සහ ප‍්‍රතිකාර ලබා එන තවත් රෝගීන් මේ තත්වය තුළ බලවත් අපහසුතාවට පත්විණි.
 
මේ අනවසර පදිංචිකරුවන්ගේ දුක්ගැනවිලි සහ සහනයක් පතා ඔවුන් කරන ඉල්ලීම් ගැන කවුරුත් සංවේදීය. එසේ වෙතත් තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා සාමාන්‍ය මහජනතාව ප්‍රාණ ඇපයට ගැනීමට ඔවුන්ට ඇති අයිතිය කුමක්ද ? එ් මාසයේම, ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායක කේ.ඩී. ලාල්කාන්ත, ගොවියන්ගේ ප‍්‍රශ්න නොවිසඳුවහොත්, රටේ හැම පළාතකින්ම ගොවියන් කොළඹට ගෙන්වා, නගරයට ඇතුළු වන ප‍්‍රධාන ප‍්‍රවේශ හය අහුරා මුළු කොළඹ නගරය වට කරන බවට ආණ්ඩුවට තර්ජනය කෙළේය. එවක රටේ බොහෝ පළාත්වල ගොවියෝ පොහොර සහනාධාරය ඉල්ලා උද්ඝෝෂණය කරමින් උන්හ. ජනාධිපතිවරණයේදී ආණ්ඩුව ඔවුන්ට එවැනි පොරොන්දුවක් දී තිබුණි. එසේම, තමන්ගේ අස්වැන්න සාධාරණ මිළකට විකුණා ගැනීමට හැකි වන ආකාරයේ යාන්ත‍්‍රණයක් සැකසිය යුතු බවටත් ඔවුහූ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.
 
මේ ඉල්ලීම්වලට විරුද්ධ විය හැක්කේ කාටද? එහෙත් එ් සමගම, එම ඉල්ලීම් දිනා ගැනීම සඳහා කොළඹ නගරය වට කිරීමේ ඔවුන්ගේ අරගලය යුක්ති සහගත කළ හැක්කේ කාටද ? මේ අරගලවල ඇති උත්ප‍්‍රාසය වන්නේ, ඔවුන්ගේ ප්‍රශ්නවලට මොන ආකාරයකින්වත් වගකිව යුතු නැති අසරණ ජනතාව උපරිමයෙන් පෙලීම තුළින් බලධාරීන්ට බලපෑම් කොට තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට මේ විරෝධතාකරුවන් පෙළඹීමයි. ඒ අනුව, වෛද්‍යවරුන් දියත් කරන වැඩ වර්ජනයක් සාර්ථක යැයි සැලකෙන්නේ, හැකි තාක් රෝගීන්ට ඒ මාර්ගයෙන් උපරිමයෙන් විඳවීමට සැලැස්වුවහොත් සහ හැකිතාක් රෝගීන් සංඛ්‍යාවක් ඒ මාර්ගයෙන් මරණයට පත් කිරීමට හැකි වුවහොත්ය. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ වැඩවර්ජනයක් නම්, එය සාර්ථක යැයි සැලකෙන්නේ රටේ ආර්ථිකයට ඒ මාර්ගයෙන් උපරිම අලාභයක් සිදු කළහොත්ය. ඒ ආකාරයෙන්ම, වැඩිම ජනතාවක් අපහසුවට පත් කෙරෙන වඩාත් තදබදය ඇති කාලයක් මහා මාර්ග විරෝධතා සඳහා තෝරා ගැනේ.
 
2009 මාර්තු සහ අප්‍රේල් මාසවලදී මුල්ලිවයික්කාල්හි කුඩා ප‍්‍රදේශයකට කොටු වූ අවස්ථාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පැවති අභිලාෂයට මේ තත්වය වෙනස් නැත. එදා ඔවුන්ට අවශ්‍ය කෙළේ තමන්ගේම ජනතාවගෙන් වැඩි කොටසක් ජීවිතක්ෂයට පත්වනු දැකීමයි. එවිට ආණ්ඩුව මත එම වගකීම පටවා විදේශ රටවල්වල මැදිහත්වීමක් ඇතිකර ගැනීම ඔවුන්ගේ අභිලාෂය විය. ඒ නිසා, තමන්ගේ ජනතාව අතරේම සිටිමින් ඔවුහූ රජයේ සන්නද්ධ අංශවලට පහර එල්ල කළහ.
 
වෘත්තීය සමිති හැම විටකම තමන්ගේ අරගල සඳහා ජනතා සහාය අපේක්ෂා කරයි. ඒ සඳහා කොටුවේ දුම්රියපොළ වැනි ස්ථානවල පත‍්‍රිකා බෙදා හරින ඔවුහු තමන්ගේ ඉල්ලීම් සටහන් කළ විරෝධතා පුවරු ජනතාවට ප‍්‍රදර්ශනය කරති. තවත් සමහර වාමාංශික පක්ෂ තමන්ගේ වෘත්තීය සමිති පාවිච්චි කරන්නේ, කම්කරුවන්ගේ සහ ‘නිර්ධන පංතියේ’ ප‍්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩුව උනන්දුවක් නොදක්වන බව කම්කරුවන්ට ඒත්තු ගැන්වීමටයි. එ් අනුව, ආණ්ඩු පෙරලා දැමීම සඳහා විප්ලවීය මාර්ග ගැනීම කෙරෙහි මෙවැනි පක්ෂ විසින් කම්කරුවන්ව පොළඹවනු ලැබේ.
 
කෙසේ වෙතත්, මේ අතරේම, තමන්ගේ අසාධාරණ අරගල ක‍්‍රම නිසා සාමාන්‍ය ජනතාව අතරේ ඒවා අප‍්‍රසාදයට පත්වෙයි. ඒ තත්වය තුළ, තමන්ගේ ඉල්ලීම් සඳහා ජනතා සහයෝගය ලබා ගැනීමට ඔවුන්ට හැකි වන්නේ නැත. මේ තත්වය තුළ නැවත වරක් ඒ ගැන සිතා බැලිය යුතු කාලය පැමිණ තිබේ. කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ මහජනතාවගේ අයිතිවාසිකම් අතර යම් තුලනයක් ඇති කර ගත හැකි මගක් ගැන සිතා බැලිය යුතුව තිබේ.
 
2017 ඔක්තෝබර් 20 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවු, එම්.එස්.එම්. අයුබ් ලියූ, ‘Worker Rights vs People's Rights’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි. 
 
පෙර ලිපි

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතා අයිතීන්ට එරෙහිව කම්කරු අයිතීන් - එම්.එස්.එම්. අයුබ්
ජනතා අයිතීන්ට එරෙහිව කම්කරු අයිතීන් - එම්.එස්.එම්. අයුබ්
http://ift.tt/2yHjmmB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_624.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_624.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy