ආනන්ද සමරසේකර මහතා අදාල සිදුවීමේ සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස පසුගිය 02 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් මෝසමක් මගින් කොළඹ මහේස...
ආනන්ද සමරසේකර මහතා අදාල සිදුවීමේ සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස පසුගිය 02 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් මෝසමක් මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර ඔහුව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව වැඩිදුටත් අධිකරණයට දන්වා තිබිණි. ජේ. ට්‍රොට්ස්කි මහේස්ත්‍රාත්වරයා එදින ප්‍රකාශ කළේ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් ගොනුකර ඇති නිසා ඒ සම්බන්ධයෙන් පසුව නියෝගයක් නිකුත් කරන්නේද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බවයි.
වසීම් තජුඩීන්ගේ මළසිරුරේ අස්ථි කොටස් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී ඒ සඳහා ආනන්ද සමරසේකර මහතාගේ සම්බන්ධයක් පවතින බව අනාවරණය වී තිබේ. අස්ථි කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද තීරණය කර තිබිණි.
උපාලි සපරමාදු
COMMENTS