දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කලාකරුවන්ගේ ශුද්ධ ලාභය ලක්ෂ 5 දක්වා ආදායම් බදුවලින් නිදහස්.

නව බදු පනත යටතේ මින් ඉදිරියට බදු අය කරනු ලබන්නේ ද බදු සහන හිමි වන්නේ ද පුරවැසියන්ගේ සමාජ මට්ටම හෝ වෘත්තීය ක්ෂේත්‍රය අනුව නොව ඔවුන්ගේ සිදු...


නව බදු පනත යටතේ මින් ඉදිරියට බදු අය කරනු ලබන්නේ ද බදු සහන හිමි වන්නේ ද පුරවැසියන්ගේ සමාජ මට්ටම හෝ වෘත්තීය ක්ෂේත්‍රය අනුව නොව ඔවුන්ගේ සිදු කරනු ලබන ආර්ථික ක්‍රියාකාරීත්වය හරහා ඔවුන් ලබන ආදායම හා ලාභය පදනම් කරගෙන බව මුදල් හා මාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසිය.

සාහිත්‍ය, සංගීත, වේදිකා හා සිනමා ක්ෂ්‍රේත්‍රයන් වෙනුවෙන් තිබූ බදු සහන ඉවත් කිරීමට විරෝධය පළකරමින් 'ශ්‍රී ලංකා සිනමා නිර්මාණ සංසදය' වෙනුවෙන් ආචාර්ය සෝමරත්න දිසානායක මහතා විසින් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා වෙත යොමුකර තිබු ලිපියක් සම්බන්ධයෙන් කල විමසීමකදී එම ප්‍රකාශකයා එබව සඳහන් කළේය.

කලා ක්ෂේත්‍රයේ නිරත වූවන් ගෙන් ද අනෙකුත් ක්ෂේත්‍රවල නිරත අය‍ගෙන් අය කරන ආකාරයට ඔවුන් යම් නිෂ්පාදන කටයුත්තක් හෝ කලා නිර්මාණයක් සිදු කරන අවස්ථාවන්හී දි එවැනි නිර්මාණ වෙනුවෙන් නිර්මාණකරුවාට ගෙවිය යුතු පඩි නඩි හෝ අනෙකුත් ගෙවීම් ඇතුළුව කතෘභාග සඳහා ද පිරිවැය දැරීමෙන් පසුව එම නිර්මාණවලින් ලබන ශ්‍රද්ධ ලාභය ලක්ෂ 5 දක්වා ආදායම් බදුවලින් නිදහස් කිරීමෙන් පසුව ඊට අමතරව ලබන ලාභයෙන් ලක්ෂ 6 දක්වා 4% බැඟින් ද ඊලඟ ලක්ෂ 6 දක්වා 8% බැඟින් ද අය කරනු ලබන අතර එසේ ලක්ෂ 6 බැඟින් වැඩිවන සෑම කොටසකටම ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය 4% බැඟින් වැඩි වනු ඇතැයි එම ප්‍රකාශකයා පැවසිය.

නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එම ප්‍රකාශකයා වැඩිදුරටත් මෙසේ කරුණු පැහැදිලි කර සිටියේය.

සමාජ සාධාරණත්වය හා යුක්තිය:

ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක බදු පනත යටතේ බදු අය කිරීම සංකීර්ණ වී ඇති අතර විවිධ ක්ෂේත්‍රයන් සඳහා විවිධ බදු සහන හා බදු විරාම කිසිදු තාර්කිකත්වයකින් තොරව ලබා දීම හේතුවෙන් ආදායම් විෂමතාවයක් වර්ධනය වී ඇති බව නිරීක්ෂණය වේ.

එමඟින් සමාජ සාධාරණත්වය හා යුක්තිය ඉටු කිරීම ද පසුබෑමට ලක්ව ඇත.

මෙය හේතුවෙන් සමාජයේ උපරිම අදායම් ලබන ජනගහනයෙන් 20% ජන කොටස ආර්ථිකයේ 54% ප්‍රතිලාභ බුක්ති විදින ආකාරයට ආදායම් ප්‍රතිලාභ බෙදීමේ විෂමතාවයක්ව පවතියි.

බදු ක්‍රමය සරල කර, ජනපතිටත් බදු !

මේ හේතුවෙන් බදු ක්‍රමය සරල කර විවිධ ක්ෂේත්‍රයන් අනුව වෙන් වෙන් වශයෙන් ලබා දී තිබූ බදු සහන අහෝසි කර සියළුම පුරවැසියන් සමාන ලෙස සලකා ඔවුන්ගේ ආදායම අනුව බදු අය කිරීමට ඇති ක්‍රමවේදයක් මෙම නව බදු පනත මඟින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව මෙම මෙම නව පනත හරහා රාජ්‍ය ප්‍රතිපත්තිය සකස් කර තිබේ.

ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොවූ පරිදි ජනාධිපතිවරයා ගෙන් ද බදු අය කරන ප්‍රතිපත්තියක් යටතේ කිසිදු පාර්ශවයකට විශේෂ සැලකිලි හෝ සහන අක්‍රමික අයුරින් නව බදු පනත මඟින් හිමි නොවන බව ප්‍රකාශ කළ යුතු වෙයි.

තව ද ඉදිරියට සියල්ලන්ටම සමාන ලෙස විනිවිදභාවයෙන් යුක්තව බදු සහන ලබාගැනීම සඳහා අදාළ බදු පනතේ නිශ්චිතව අර්ථ නිරූපනය කර ඇති බැවින් සමාජය තුළ ආදායම් විෂමතාවයන් ඇති වීම වළක්වා යහපාලන මූලධර්මයන් මුදුන්පත් කර ගැනීමට මෙම පනත ඉවහල් වන බව පැවසිය යුතුයි.

විශේෂිත බදු සහන හා විරාම අහෝසියි :

ඒ අනුව මෙම නව බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ සාහිත්‍ය, සංගීත, වේදිකා හා සිනමා ක්ෂේත්‍රයන්හි නිතර වූවන් සඳහා මෙතෙක් විශේෂිත ආකාරයට ලබා දී තිබූ බදු සහන හා විරාම අහෝසි වනු ඇත. ඒ වෙනුවට ආදායම් ලබන බදු ගෙවිය හැකි සියළු පුරවැසියන්ගෙන් ආදායම් බදු අය කරනු ලැබේ.

මෙම ආදායම් බදු ක්‍රමය තම ව්‍යාපාර මත ලාභ ලබන ඒක පුද්ගල ආයතන හා ආදායම් ලබන අනෛකුත් සියළු පුද්ගලයන් හට එක හා සමාන ලෙස බලපවත්වනු ඇත.

මෙම නව බදු ක්‍රමය 2018 අප්‍රේල් 01 බදු වසරේ සිට ක්‍රියාවට නැංවේ.

(SLM)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කලාකරුවන්ගේ ශුද්ධ ලාභය ලක්ෂ 5 දක්වා ආදායම් බදුවලින් නිදහස්.
කලාකරුවන්ගේ ශුද්ධ ලාභය ලක්ෂ 5 දක්වා ආදායම් බදුවලින් නිදහස්.
http://ift.tt/2fy7qJD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/5_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/5_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy