අදාල යෝජනාවේ සඳහන් වගන්ති කිහිපයක් වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානාකයවරයා වෙත දැනුම් දී තිබේ. ඒ අනුව මෙම...
අදාල යෝජනාවේ සඳහන් වගන්ති කිහිපයක් වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානාකයවරයා වෙත දැනුම් දී තිබේ. ඒ අනුව මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් ලබාගැනීම ප්‍රමාණවත් නොවන බවත් එය ජනමත විචාරණයකින් සම්මත වීම අනිවාර්ය බවත් කතානායකවරයා වෙත දැනුම් දී තිබේ.
පළාත් සභා සියල්ලෙහිම මැතිවරණය එක් දිනකදී පැවැත්වීම සඳහා මෙම යෝජනාව ආණ්ඩුව විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සඳහා ඇතුළත් කළයුතු බවට යෝජනා කළ අතර මෙම යෝජනාවට මේ වනවිට බස්නාහිර, උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා විසින් සිය එකඟතාවය ලබාදී තිබේ. මේ අතර අද මධ්‍යම පළාත් සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාවට බහුතර මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය හිමිව තිබේ.
COMMENTS