දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මරණ තර්ජන මැද ඇෆ්ගනිස්ථානයේ කිම් කර්ඩෂියන් ගී ගයයි!

මුලින් මෙම ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබුණේ ඝාසි ක්‍රීඩාංගනයේ ය. ඒ සඳහා ප්‍රවේශපත් 3000 කට අධික සංඛ්‍යාවක් අලෙවි වී ද තිබිණි. නමුත් ආර...

මරණ තර්ජන මැද ඇෆ්ගනිස්ථානයේ කිම් කර්ඩෂියන් ගී ගයයි!


මුලින් මෙම ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබුණේ ඝාසි ක්‍රීඩාංගනයේ ය. ඒ සඳහා ප්‍රවේශපත් 3000 කට අධික සංඛ්‍යාවක් අලෙවි වී ද තිබිණි. නමුත් ආරක්ෂක අංශ විසින් පසුව ඇයට දැනුම් දී තිබුණේ එහි ආරක්ෂාව පිළිබඳ කිසිම සහතිකයක් දිය නොහැකි බව ය. ප්‍රසංගය පැවැත්වෙන ස්ථානය වෙනස් කෙරුණේ ඉන් අනතුරුව ය.

ඇමරිකානු රියැලිටි ටී.වී. තරුවක් වන කිම් කර්ඩෂියන්ගේ රූපකායට ඇගේ රුව සමාන නිසා සහ කිම් මෙන්ම සිරුරේ හැඩය කැපී පෙනෙන සේ ඇඳුම් ඇඳීම නිසා අරියානා අන්තවාදීන්ගේ නොමද වෛරයට පාත්‍රවී සිටින්නීය. ඔවුන්ට අනුව ඇය විසින් නිතර ගන්නා සහ සමාජ ජාලවල පළවන සෙල්ෆි ඡායාරූප පවා ප්‍රකෝප කරවනසුලු ය. ‘ඇඟට ඇළවෙන ඇඳුම් අඳින ඇය නිසා පිරිමින් පවට පෙළඹෙන බව’ ඔවුන් විසින් දැන් කියා තිබෙන්නේ වරක් දෙවරක් නොවේ.

මේ සියල්ල මධ්‍යයේ අරියානා, ඇෆ්ගන් රියැලිටි ගායනා වැඩසටහනක් වන ‘ඇෆ්ගන් ස්ටාර්’ සහ ‘වොයිස් ඔෆ් ඇෆ්ගනිස්ථාන්’ හි විනිසුරුවරියක් වශයෙන් කටයුතු කරයි. තවද ඇය ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් ද කටයුතු කරන්නීය.

අන්තවාදීන්ගේ වෛරයට ඇය පාත්‍ර වන තවත් හේතුවක් වී තිබෙන්නේ ඈ හැදී වැඩුණු සංස්කෘතියයි. ඇෆ්ගනිස්ථානයේ උපත ලැබුවද, වයස අවුරුදු අටේදී ඇගේ පවුල මුලින් පාකිස්ථානයට ද පසුව යුරෝපයට ද සංක්‍රමණය විය. වයස අවුරුදු 12 පටන් අරියානා පදිංචි ව සිටියේ ස්විට්සර්ලන්තයේ ය. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව සිය වෘත්තිය වශයෙන් සංගීතය තෝරාගත් ඇය අද ලන්ඩන් පදිංචිකාරියකි. ලොව පුරා ප්‍රසංග 50කට අධික සංඛ්‍යාවක් ඇය විසින් පවත්වා තිබේ.

කිසි දිනෙක බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස නොපැවතුණ ද, 1919 රාවල්පිණ්ඩි ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ඇෆ්ගනිස්ථානය නිදහස් රටක් ලෙස පිළිගැනීමට ලක්විය. අනතුරුව රට යුද්ධ 3කට මැදි විය. තලෙයිබාන් සටන්කාමීන් විසින් අද පවා රටේ ඈත පළාත් පාලනය කරයි. පසුගිය මැයි 31 වැනිදා බෝම්බ පිරවූ යෝධ ට්‍රක් රථයක් පුපුරුවා හැරීම නිසා රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු 150 දෙනෙක් මරණයට පත්වූහ. මේ ගෙවී යන්නේ තලෙයිබාන් සටන්කාමීන්ගේ ‘ගිම්හාන සටන් සමය’ බව ඇෆ්ගන් මාධ්‍ය සඳහන් කරයි.

2001 වසරේ ඇමරිකාව ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ප්‍රකාශයට පත් කළේ තලෙයිබාන් සටන්කාමීන් මර්දනය කිරීම මගිනි. ඒ යුද්ධය නිමා වී වසර 16ක් ගත වී ඇති නමුත් අද පවා ඔවුන් සම්පූර්ණයෙන් පරාජය කිරීමට කිසිවෙකුට හැකි වී නැත. මේ අතර ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියා කෑම්ප් ඩේවිඩ් හිදී කියා සිටියේ ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා නව යුධෝපායන් නිර්මාණය කිරීමට තමන් අදහස් කරන බව ය.

ඇෆ්ගන් ජනපති අෂ්රෆ් ඝානි පවා නිදහස් දිනය වෙනුවෙන් සහභාගි වූ ප්‍රධාන උත්සවය ‘ප්‍රයිවට් සෙරමනි’ එකකට හෙවත් ‘පුද්ගලික උත්සවයකට’ සීමා කර තිබුණේ ආරක්ෂාව පිළිබඳ ගැටලු තිබූ නිසා ය. ඇෆ්ගන් පොලිස් ප්‍රධානියා පසුව සඳහන් කළේ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාර ඇති වේ යැයි බිය හේතුවෙන් අගනගරය පුරා ආරක්ෂාව දැඩි කර තිබෙන බව ය. රටේ ජනාධිපති පවා නිදහස සමරමින් ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවන්නට මැලි වූ-අන්තවාදයෙන් රෑවන රටක අරියානා නම් ගැහැනිය ‘චරිතයක්’ වන්නේ ඒ නිසා ය.

-ක්‍රිෂාන්ති රාජපක්ෂ

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරණ තර්ජන මැද ඇෆ්ගනිස්ථානයේ කිම් කර්ඩෂියන් ගී ගයයි!
මරණ තර්ජන මැද ඇෆ්ගනිස්ථානයේ කිම් කර්ඩෂියන් ගී ගයයි!
http://ift.tt/2xuMXf3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_389.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_389.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy