දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කාලගුණය නිවැරදිව කියන්න ඇමරිකාවේ නොට්‍රිඩේම් සරසවියෙන් මෙරටට සහාය

  2017 මාර්තු මාසයේ දී අමාත්‍යවරයා සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එම විශ්ව විද්‍යාලය විසින් Monsoon Intra-Seasonal Oscillation-අන්...

කාලගුණය නිවැරදිව කියන්න ඇමරිකාවේ නොට්‍රිඩේම් සරසවියෙන් මෙරටට සහාය

 

2017 මාර්තු මාසයේ දී අමාත්‍යවරයා සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එම විශ්ව විද්‍යාලය විසින් Monsoon Intra-Seasonal Oscillation-අන්තර් මෝසම් උච්චාවචනය නමින් ව්‍යාපෘතියක් අප රට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.

එම ව්‍යාපෘතියට අනුව අප රටේ වර්ෂාපතනය, උෂ්ණත්ව වෙනස්වීම්, ආර්ද්‍රතාව, සුළං හැමීම, සාගරයේ උණුසුම් හා ශීත දියවැල් ගලායාමේ දිසාවන් හා වේගයන් ඇතුළු සමස්ත කාලගුණ වෙනස්කම්වලට බලපාන සියලු කරුණු සම්බන්ධයෙන් පුර්ව අනාවැකි පළ කිරීමට හැකියාව මෙමගින් ලැබේ.

නොට්‍රිඩේම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හර්න්ද්‍ර ජේ. එස්. ප්‍රනාන්දු මහතා මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරනු ලබන අතර සියළු සම්බන්ධීකරණ කටයුතු නාරා ආයතනයෙන් සිදුවේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී විශේෂ ගුවන් යානයක් යොදා ගන්නා අතර එහි සවිකර ඇති උපකරණ මගින් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කෙරේ. ඒ අනුව අදාල උපාංග ස්ථානගත කිරීමට පියවර ගැනේ. එමෙන්ම මෙම උපකරණ මගින් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 10ක් දක්වා උෂ්ණත්වයද, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 02ක් දක්වා සුළගේ වේගයද නිරීක්ෂණයට ලක් කරයි. ඒ හැර මුහුදේ දියවැල් යනාදි සියලු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ.

විශේෂයෙන් මේ වනවිට අප රටට බරපතල ආපදාවන් ගෙන එන වර්ෂාව එක්වර විශාල ලෙස ඇදහැලීම නිසා උද්ගතවන ආපදා තත්ත්වයන් පාලනය කිරීම සඳහා, ලැබෙන වර්ෂාපතන අගයන් සහ නිශ්චිතවම අදාල ප්‍රදේශ මොනවාද? යන්න පැවසීමට හැකිවීමත් මෙහි විශේෂත්වයකි.
2018 ඇරඹෙන මෙම ව්‍යාපෘතිය වසර දෙකකින් අවසන් කෙරේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ (26) ධීවර අමාත්‍යාංශයේ දී පැවැත් වූ අතර එයට නාවික හමුදාව, නාරා ආයතනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නිලධාරීන් සහභාගි විය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාලගුණය නිවැරදිව කියන්න ඇමරිකාවේ නොට්‍රිඩේම් සරසවියෙන් මෙරටට සහාය
කාලගුණය නිවැරදිව කියන්න ඇමරිකාවේ නොට්‍රිඩේම් සරසවියෙන් මෙරටට සහාය
http://ift.tt/2v0RWpM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_869.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_869.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy