දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රවිචන්ද්‍ර කාරුණික මහා මන්දිර කතාවත්තුව.

යටගිය දවස ටසිරිලක මහින්දෝත්තම රාජපක්සාභිධාන මහාධිරජාණෝ රාජ්‍ය විචාරන කල්හී සකල ශ්‍රීන් පිරි උගන්ඩානු අධිරාජ්‍යයද ස්වාසිලන්තානුරාජ්‍යයද ආදි ...

යටගිය දවස ටසිරිලක මහින්දෝත්තම රාජපක්සාභිධාන මහාධිරජාණෝ රාජ්‍ය විචාරන කල්හී සකල ශ්‍රීන් පිරි උගන්ඩානු අධිරාජ්‍යයද ස්වාසිලන්තානුරාජ්‍යයද ආදි වූ ලෝක ගෞරවබහුමානයට පාත්‍ර වන්නට යෙදුනාවූ මහාධිරාජ්‍යන් පවා මවිතයට පත් කරමින් හාපික් දමා දිනකට තුන්වරක් පවිත්‍ර කළ වැසිකිළියක් පරිද්දෙන් ටසිරිලක බැබලූහ.. ඒ අභිමානවත් භාවය එලෙසම රඳවනු නියා එතුමාණන්ගේ අනුප්‍රාප්තික සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ එක් පැකට්ටුවකින් සතලිස් කෝප්ප තේපැන් සදනා මිසිස් පෙරේරාණන් මෙන්මැ සකසුරුවමින් සරලව ජාත්‍යන්තරයද මවිත කරමින් බෝ ජන හිත සුව පිණිසමැ රට කරවාපීයැ..

මෙසේ සශීකවැ රට කරන්නට නම් කහවණු පිරිමැසුමෙන්මැ යොදවාපිය යුතුමැ. අග්‍ර ඇමැතියාණන්ට පමණක් දෙවැනි වූ මේ කර්තව්‍ය ඉටුකළෝනම් රවිචන්ද්‍ර කාරුණික මහාමාත්‍යයෝයැ..

එතුමාණෝ මහාභාණ්ඩාගාර භාර ඇමැතියා ලෙස ටසිරිලක මහා භාණ්ඩාගාරය නිධානයකට අරක්ගත් බහිරවයකු මෙන් රක්ෂා කරවාපියාහුය.. පූර්වයෙහි සැටලයිටානියා මහා අධිරාජිණිය රජකම් කරන සමයෙහි නැගුනා වූ දුර්භික්ෂයේදී අග්‍රා අමාත්‍ය ධූරන්ධර රෞනීල විකුම්සිහාණන්ගේ මස්තිෂ්කයේ ආනුභාවයෙන් වාණිජාමාත්‍ය ධූරයට පත් රවිචන්ද්‍රයෝ පිටස්තරයනට විකුණන ලද්දාවූ සාතොසා නම් වෙළඳා හල සකල ටසිරිලක වැසියන්ගේ සුභසිද්ධියමැ උදෙසා පූසි මිත්තණියගේ මාණික්‍ය මල්ලෙන් නාලිකාවක් අරඹා කහවණුපතියකු වූ දුගී කුමරුගේ කතාවත්තුවේ මෙන් ගොඩනගා පානා ලද ශූර භාවය නිසාම මෙත්පල් නිරිඳානන්ගේ රාජ්‍ය සමයෙහි මහාභාණ්ඩාගාර භාර අමාත්‍ය ධූරයට පත් කරනු ලද්දාහ.. 

මේ කුමරුවෝ කුඩා කල සිටමැ ශූරයෙක්මයැ.. මොහු යම් දවසකැ භාණ්ඩාගාරය භාර බහිරව දේවතාවා මෙන් ටසිරිලක කහවණු රක්ෂා කරනු ලබන්නේමයැ කියා පෙර සිටි ලාලිත නම් මහාමාත්‍යා මරණින් මතු දෙව්ලොව ඉපිද තම වස්තුවද රවිචන්ද්‍රයෝට භාර කළාහුය..

මෙසේ එකල සිටම පින්වන්ත වූ මෙ කුමරාණෝ මෙත්පල් රාජ සමයෙහිද මහා භාණ්ඩාගාර භාර ඇමැතියා ලෙස තම කර්තව්‍යයන් දිනපතා හෝම්වර්ක් කරනා පළමු පේළියට අධිගෘහිත සිසුවකු මෙන් මැනැවින්මැ ඉටු කරන්නාහ. 

රාජ්‍යාර්ථිකය කරන්නට යෙදුනා වූ සුරුවිරු කමින්මැ ටසිරිලක කතුන්ගේ අත ද කරද මුත්තුකරුප්පන් චෙට්ටියාර් ජුවලර්ස් මෙන් රත්තරනින්ද රිදියෙන්ද පිරී ගියාහ.. තරුණයෝ අත ඉස්මාර්ට් තලබනුවෝද ,, එපා කියද්දි නොමිලයේ ලබා දුන් වයිෆයෝද , බ්‍රේස්ලට්ද චුවින්ගම්ද උතුරා ගියාහුය..

රවිචන්ද්‍රයාණන්ගේ නුවණින් කළමණාකාරණය කරන්නට යෙදුනා වූ මහාභාණ්ඩාගාරය නිසාවෙන්මැ අරක්කු මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයන් වැඩිවූ කසිප්පු පොට්ටෙකක් මෙන් ටසිරිලකට ආයෝජනයෝ ද ගලා එන්නට වන්නාහ.. මෙසේ ආයෝජකයෝද පැමිණි කල්හී පෙර මහින්දෝත්තම රජුන්ගේ කළ මෙන්මැ ලොවෙහිම ආශ්චර්‍යයක්මැ බවට ටසිරිලක පත්වන්නාහ.. වෙනදා මහජනයා තලා පෙලා ගත් බදු වෙනුවට කට කපා ජනේලෙන්ද එල්ලූ මගීන් ඇති බසයක කොන්දා රථය මැදින් මගීන් අතරින් ලිස්සා යන්නාක් මෙන් මහජනයාගේ පසුම්බියට නොදැනීම බදු එකතු කළාහුය.. මෙසේ අවසන සිය දිනක්මැ තුළ කළුවරේ බබලනා සීඇෆැලක් මෙන් වැජඹෙන්නට වන්නාවූ ටසිරිලක වැසියෝ තමන්ගෙන් බදු ලෙස කහවනු ගන්නා ලෙස බලකරමින්මැ උද්ඝෝෂණ විරෝධය පල කරන්නටමැ වන්නාහ ..

පෙර මහා රජුන් කළාක් මෙන් " මා කහවණු භාර ඇමැතියාව සිටින තාක් රට වැසියෝ දුකින් නොසිටිය යුත්තේමයැයි." කියා සිංහනාද කළ රවිචන්ද්‍රයෝ වෙස්වළාගෙන ටසිරිලක පුරා රාත්‍රියෙහි ඇවිද සැරිසරා දුකට පත් ජනයාට පිහිට වූවාහුය.. එසේ බැට් මෑණන් සූපර මෑණන් මෙන් සැරි සරා මහ ජනයාගේ දුක්ඛදෝමනස්සයන් "වැට්ටවූ" නියාවෙන් මහජනතාවෝ රවිචන්ද්‍රයෝව " වැට් මෑණන් " ලෙස හඳුන්වනු ලද්දාහ..මහ ජනතාවෝ අත කෙතරම් කාසි ගැවසුනාදැයි කියන්නේනම් කහවණු වාසනා ලබා ගැන්ම පිණිසම පිහිටවා තුබූ ලොතරැයි අලෙවිසැල් පවා පෝය දින බාර් මෙන් වැසී ගියාහුය.. ඉදින් ඒ ලොතරැයි ටසිරිලක වැසියන් ප්‍රතික්ෂේප කරන්නේනම් හිතමිත්‍ර රාජ්‍යයන් හී දුගී ජනයාටම වාසනාව පිණිසමැ ලබා දෙමියි කියා ජාත්‍යන්තරයට ලොතරැයිපත් ගෙනගියාහුය.

මෙය දුටු ලෝ වැසි මහාධිරාජ්‍යයෝ ලොව විශිෂ්ඨතම කහවණු භාර ඇමැතියා ලෙසින් රවිචන්ද්‍රයෝව " හෝක ලොරා " සම්මානයෙන් පුදනු ලද්දාහ..

මෙසේ ටසිරිලක සමෘද්ධියෙන් අගතැන්පත් වන්නට යෙදුණු කල්හී පිටසක්වලින් ද පැමිණම ටසිරිලක බිම් කොටස් කහවනු කෝටි ගණනකට මිලදී ගත්තාහුය.. 

මේ සියල්ල පසුපස සිට කිසිදා අතනොහැර යන තට්ටමක් සේ රවිචන්ද්‍රයෝ පසුපස සිටියෝ නම් රෞනීල විකුම්සිහාණන් ය. එතුමාණන්ගේ මස්තිෂ්ක කුටීර කලම්බා යොදන්නාවූ බුද්ධි අනුභාවයෙන් රවිචන්ද්‍රයෝට පතෝල වැලට එල්ලූ වැටමාර පොල්ලක් මෙන් සවියක් ලබා දුන්නාහ.. 

කාලය මෙසේ ගතවනා කල්හී පෙර අකලංකාරයෙහි දක්වන ලද්දාවූ " මහාභාණ්ඩාගාර බන්ධකාර කතාවත්ථුව " හි කී භාණ්ඩාගාර සොරකම සිදුවන්නට යෙදුණාහ.. ටසිරිලක සමෘද්ධිය දරාගත නොහැකිවූ බටහිර කුමණ්ත්‍රණ කරුවෝද රෝසීඅයිඒ ආදී සොරුන් විසින් මංකොල්ලා කෑ භාණ්ඩාගාර ධනය රෞනිලානෝද රවිචන්ද්‍රයෝද විසින් මහා සටනකින්මැ අනතුරුව බේරාගන්නා ලද පුවත අකලංකාර පාඨකයෝ දන්නාහ..

මෙසේ ගලවාගන්නට යෙදුනා වූ වස්තුව එදින කොල්ලකන්නට යෙදුනා වූ රැයෙහි දී මතු රැක්ම පතා යතුරු භාර නිලදරුවා වූ මහේන්ද්‍ර සිං ගේ බෑනනුවන්ගේ මාලිගයෙහි රවිචන්ද්‍රයෝ හා රෞනීල විකුම්සිහාණන් විසින් ගොස් තැන්පත් කරන්නට යන කල්හී " ඉදින් කිසිවකුත් තවත් විශ්වාස කළ නොහීවෙයි.. අප භාණ්ඩාගාර භාර ඇමැතියා හා අග්‍රලෙ අමාත්‍යා ලෙස මහජන ධනයට වගකිවයුත්තෝය.. අප ම මෙය රක්ෂා කරන්නෙමුයි.." කියා වහා ගොස් කෝලම්තොට පර්පචුවාලා ට්‍රෙෂරාරාම මාවතෙහි වලක් කපා වලදමාලීයැ...

අහෝ අකුශල කර්මයෝ නම් ගොනා පසුපස බැඳි රිය මෙන්මැ පැමිණෙන්නාහ.. ඉඳින් රෞනීලයෝද රවිචන්ද්‍රයෝද පූර්වයෙහි නරියන් දෙදෙනෙක්වැ ඉපැදී සිටි සමයෙහි කපුටකු රවටා කේජු කැබැල්ලක් සොරකම් කර ගන්නා ලද පාපකර්මයක් ඵල දී මේ තැන්පත් කරන ලද්දාවූ මහා ධනස්කන්දය එක් සැනෙකින් පාර්ලිමේන්තු මැතිවරණයට යෙදවූ කහවණු මෙන් අතුරුදන් වී පොළොවට ගිලා බැස්සාහ..
මේ බව නොදත් රවිචන්ද්‍රයෝද රෞනීලයෝද පසුදා මෙත්පල් සිරිසන් නිරිඳුන්ද මාධ්‍යාණබෙර කරුවෝද නේක මැති අමාත්‍යයෝද ඉදිරියෙහි පෝන් හොරාණන් දැමූ වීඩියෝවක් බලනා කොලු රෑනක් මෙන් කහවණු ගොඩගන්නා කල්හී එය නැතිවූ නියා දැන චන්දිමාලාණන් ශතකයක් ගැසූ කළෙක මෙන් වික්ෂිප්තව ගියාහුය..

ප්ලාස්ටික් හාල් අනුභව කර බිරිඳගේ තනපටෙහි වඳ ජෙල් ඇති බව දැනගත් මහසෝන් බලකායෙහි සාමාජික සැමියෙකු මෙන් කෝපාග්නියෙන් දැවි දැවී සිය සරම වලාපට ගසාගත් මෙත්පල් සිරිසන් නිරිඳානෝ...

" අයුක්තිය අසාධාරණය රජ කරන ටසිරිලකක.. යුක්තිය සාධාරණය වෙනුවෙන් ආප්ප කෑ මෙත්පල් සිරිසන් මම වෙමි...පෙර කල සිටි මහා බේසිලා පක්ෂාභිධාන වන් සොරුන්වද මා සිර කළෙමි.. තොප කවර තරාතිරමේ වුවද කම් නැත.. කවුරුත්ම එන්නෙපා රවටන්න ආයේ මෙමා හිටං.. තොපගේ කුමන අංගය හෝ උකස් කර වහා එක් හෝරාවක්මැ තුළ මහජන ධනය දී තනතුරු භාර ගනිව්.... නැතහොත් මා තොප දෙදෙනාව අත්‍යාවශ්‍ය සොරුන් ලෙස ගැසට් කර මඩුවලිගයෙන් තලා තුන් දිනක් මල්කාන්තිගේ ගී දමා පුටුවක බැඳ තබමියි..."

කියා ගර්ජනා කළාහුය...

ඉදින් එය සත්‍යයකි.. මහජන ධනය සොරකම් කිරීම වරදක්මැයි.. රාජ පුරුෂයෝ වහා පැමිණ අග්‍ර ඇමැතියා වූ රෞනීල විකුම්සිහාණන් ද අපමහා රවිචන්ද්‍ර කාරුණිකාණෝද බොටුවෙන්මැ අල්ලාගන්නා ලද්දාහ..
ඉදින් රෞනීල විකුම්සිහාණන් නම් පෙර පරම්පරාවෙන්මැ පැවතෙන ධනයට හිමිකරුවෝය.. හෙතෙමේ සිය ගිණුමෙන් චෙක් පතක් ලියා වහා කහවනු අගය පියවා අග්‍ර අමාත්‍ය ධූරයට නැවත පැමිණෙන්නාහ..
ඇත්තේ තවත් පනස් පස් මිනිත්තුවකි.. සිය ධනය මහජනයාට දුන් නියාවෙන් කිසිදු වස්තුවක් රවිචන්ද්‍රයෝ සතුව නැත්තේමයැ.. ඔහු කෑවේද හංදියේ සුමනක්කාගෙ බත් කඩෙනි..

ඉදින් හෙතේමෙට කියා තුබූ එකම වස්තුව වූ සිය මන්දිරය වෙස්සන්තර නිරිඳාණන් මෙන් ලෑන්ඩ් සේල්ලෙකකට අලෙවි කළ රවිචන්ද්‍රයෝ වළාකුළින් මිදුණ සඳක් මෙන් සිය දේවියත් දරුවනුත් කැටුව පේවුමන්ට් එකට පැමිණ

"මා දැන් මිය යතත් මියැදෙන්නේ මේ ටසිරිලක මහජනතාවගේ ජාතික කහවණු සොරා කෑ පාහරයකු ලෙස නොවේ කියා කඳුළු සැලුවාහ.."
මේ හදවතින් නැගුණු කම්පණයෙන් දෙදෙව්ලොව සැලී ගියාහ.. රිච්ටර් මාපකයේ භූ කම්පා සටහන් විය..කඩින් කඩද මද වැසිද වැස්සාහ.. සක් දෙවිඳුගේ පඬුපුල් අසුන වෙනත් ගෑල්ලමයෙකුගේ ප්‍රෝපයිල් පිකුවකට හාට් එකක් දැමූ පෙම්වතාගේ නොටිපිකේසන් එකක් දුටු පෙම්වතිය මෙන් රත්වී තෙරපී ගියාහ..

වහා මේ අසාධාරණය දුටු සක් දෙවිඳු අරෞජුන දේවීන්ද්‍රයන් කැඳවා මේ තතු පහදාලීයැ..

සක් දෙවිඳුගෙන් අණලබා පැමිණි මහා අරෞජුන දේවීන්ද්‍රයෝ යූටියුබයට ගොස් කැදැල්ල නරඹා කෝලම්තොටෙහි සත්මහල් ප්‍රාසාදයක පයට ග්‍රැනයිටෙන්ද හිසට අනර්ඝ විදුලි බුබුලෙන්ද ඇටෑච් බාතෲම්ද .. නිදන කුටීරද ටීවී රූම් ද.. සර්වම්ට්ස් ටොයිලට්ස් දැ ඇතුළු මහා මන්දිරයක් මවා රවිචන්ද්‍රයෝ ඇතුළු අඹු දරුවන්ව එහි ගෙනත් නවතාලීයැ..

මෙයින් විශ්මයට පත් රවිචන්ද්‍රයෝදඹු දරුවෝද අරෞජුන දේවේන්ද්‍රයාට වැඳ නමස්කාර කර කුශලයෙහි ආනුභාවයන් තමා පසුපස එන සෙවනැල්ල මෙන්මැ ලැබේයැයි කියා බුදු වදන සිහිකර නැවත අමාත්‍ය ධූරය ලබා සංතෘෂ්ඨියෙන් බෝදන හිත සුව පිණිසමැ කල් ගත කළාහ..
රවිචන්ද්‍ර කාරුණික මහා මන්දිර කතාවත්තුව නිමියේයැ..

#අකලංකාරය 
- චමල් අකලංක පොල්වත්තගේ

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28610,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවිචන්ද්‍ර කාරුණික මහා මන්දිර කතාවත්තුව.
රවිචන්ද්‍ර කාරුණික මහා මන්දිර කතාවත්තුව.
http://ift.tt/2w0GIiw
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_456.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_456.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy