ඊයේ මෙම වෙඩිතැබීම සිදුවූයේ ඉල්චේලියන් විනිසුරුවරයා නල්ලූර් කෝවිලේ ආගමික වතාවත් සිදුකර නැවත නිවස බලා යමින් සිටි අතරතුරදීය. එම පිරිස නි...
ඊයේ මෙම වෙඩිතැබීම සිදුවූයේ ඉල්චේලියන් විනිසුරුවරයා නල්ලූර් කෝවිලේ ආගමික වතාවත් සිදුකර නැවත නිවස බලා යමින් සිටි අතරතුරදීය.
එම පිරිස නිවස බලා යමින් සිටි අතරතුර ත්‍රීවිල් රථ නැවතුම්පලක සිටි පිරිසක් කලහකාරී ලෙස හැසිරී තිබේ. මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් භටයන් දෙදෙනා සිය යතුරුපැදිය නවතා කලහකාරී ලෙස හැසිරුනු පිරිස වෙත ගොස් කලහය සංසිඳුවා තිබේ.
මියගිය පොලිස් භටයා නැවත සිය යතුරුපැදිය වෙත පැමිණෙමින් සිටියදී ඔහු පසුපසින් පැමිණි පුද්ලයෙකු පොලිස් භටයාගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන තිබේ. එසේ උදුරාගෙන ඇත්තේ කලහකාරී ලෙස හැසිරුනු පුද්ගලයන් වෙත වෙඩිතැබීම සඳහායි. පොලිස් භටයා ගිනිඅවිය තමන් අතට පත්කර ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුට වෙඩිවැදී ඇති බවයි වාර්තා වන්නේ.
අදාල පොලිස් භටයාට වෙඩිවැදීමෙන් පසුව මහාධිකරණ විනිසුරුවරයා විසින් සිය මෝටර් රථයෙන් වෙඩිවැදුනු පොලිස් භටයා රෝහල්ගත කර තිබේ.
අදාල පොලිස් භටයා තවත් වසර කිහිපයකින් විශ්‍රාම යාමට නියමිතව සිටි බවයි වාර්තා වන්නේ.
ඉලන්චේලියන් මහතා ඇතුළු මහාධිකරණ විනිසුරුවරුන් පස්දෙනෙකු පමණ අද පොලිස් භටයාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි අතර එහිදී මියගිය පොලිස් භටයාගේ බිරිඳගෙන් ඉලන්චේලියන් මහතා වැඳ සමාව ගන්නා දර්ශන ඇතුළත් සංවේදී වීඩියෝ පටයක් මේ වනවිට සමාජ ජාලා මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබේ.
COMMENTS