" අපි සෑම ආගම,දහමකටම ගරු කරනවා. ඔබගේ දහම ඔබටයි,මගේ දහම් මටයි යනුවෙන් ඉස්ලාම් ආගමේ සඳහන් වෙනවා. මේ රටේ අපි ජිවත් විය යුතු වන්නේ ඒ අනු...
" අපි සෑම ආගම,දහමකටම ගරු කරනවා. ඔබගේ දහම ඔබටයි,මගේ දහම් මටයි යනුවෙන් ඉස්ලාම් ආගමේ සඳහන් වෙනවා. මේ රටේ අපි ජිවත් විය යුතු වන්නේ ඒ අනුවයි. බුදුන් වහන්සේගේ ධර්මය පිළිගනිමින් සෑම ආගමකටම,ධර්මයකටම ගරු කළ යුතු බවත්,සැලකිය යුතු බවත් අශෝක අධිරාජ්‍යයා කියා සිටියා. එසේ නම් සෑම ධර්මයකම අර්ථය මනස සුවපත් කිරීමයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව එක්සත්ව ක්‍රියා කළ යුතු වෙනවා. මනස විකෘති කරන්නන්ට,වෛරය පතුරුවන්නන්ට බුද්ධ ධර්මය තුළ පැවැත්මක් නැහැ.බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වෛරයෙන් තොරව ජිවත් වන ලෙසයි. මනසේ වෛරය පවතිනවා නම මනස දියුණු වෙන්නේ නැහැ. එම නිසා කිසිවෙකුට වෛරය පතුරුවා බුද්ධ ධර්මය පිටුපස ආරක්ෂා වීමට හැකියාවක් නැහැ. එවැනි ආරක්ෂාවක් ලබා දීමටද හැකියාවක් ඇත්තේ නැහැ.
අනුන්ට වචනයෙන් හෝ ශාරීරිකව හෝ හිරිහැරයක් නොකරන පුද්ගලයා අල්ලාහ් දෙවියන්ගේ වහන්සේගේ පිළිගැනීමට ලක් වන බව මොහොම්මද්තුමා පැවසුවා. ඒ ආකාරයටම අනුන්ට හිරිහැරයක් හෝ ජිවිත හානියක් නොකළ යුතු බව ද අපේ බුදු දහමේ සඳහන් වෙනවා.
පසුගිය දිනවල ඇතිවූ ගං වතුර ආපදා තත්ත්වය හේතුවෙන් ඇතැම් ඉස්ලාම් භක්තිකයන් තමන්ගේ ඉෆ්තාර් උත්සවය නොපවත්වා එම මුදල් ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළා. ඔවුන් ඒ මුදල් පරිත්‍යාග කළේ සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්. විශේෂයෙන් එම සහනය ලැබුණේ ගම්මාන වල ආපදාවට ලක් වූ සිංහල ජනතාවටයි."
ඒ අනුව බෞද්ධ,හින්දු,ඉස්ලාම් ක්‍රිස්තියානි ආගම් අතර සහජීවනය ඇති කිරීමට ක්‍රියා කරන බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසිය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS