රණ විරුවන් බව පවසමින් අපරාධ සිදු කළ තැනැත්තන්ට නිදහස ලබා දීමට හැකි වුවද දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දීමට නොහැකි වී ඇත්තේ ඇයි දැයි වික...
රණ විරුවන් බව පවසමින් අපරාධ සිදු කළ තැනැත්තන්ට නිදහස ලබා දීමට හැකි වුවද දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දීමට නොහැකි වී ඇත්තේ ඇයි දැයි වික්‍රමබාහු මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය. කෙසේ වෙතත් මෛත්‍රී -රනිල් පාලනය පැසිස්ට්වාදී බලවේගයන්ට බියෙන් කටයුතු කරන බවයි හෙතෙම අවධාරණය කළේ.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන් වුවන් පිලිබඳ සාධාරණ යුක්තිය ඉටු කිරීම, යුධ සමයේ හමුදා භාරයට ගත් ඉඩම් යළි සිවිල් ජනතාව වෙත භාර දීම යන ඉල්ලීම් මුල් කරගනිමින් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවේදී මියගිය අය සිහිපත් කර ගිනිසිලු දල්වමින් විරෝධතාකරුවන් තම විරෝධය පළ කළේය.
ඉඳුවර සුරනිමල
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=FjoryNdPEVM&feature=youtu.be[/youtube]
COMMENTS