විශේෂයෙන් කළුතර,ගාල්ල,මාතර,රත්නපුර,හම්බන්තොට යන ප්‍රදේශවල ගං වතුර හා නායේ යෑම් වලින් හානියට පත් හා අවහිර වී ඇති මාර්ග පිළිබඳ තොරතුරු පළාත...
විශේෂයෙන් කළුතර,ගාල්ල,මාතර,රත්නපුර,හම්බන්තොට යන ප්‍රදේශවල ගං වතුර හා නායේ යෑම් වලින් හානියට පත් හා අවහිර වී ඇති මාර්ග පිළිබඳ තොරතුරු පළාත් අධ්‍යක්ෂවරු මගින් ලබා ගනිමින් සිටින බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ. විශාල වශයෙන් මාර්ග හානි වීම නිසා විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතුද අඩාල වන නිසා මාර්ග පිළිසකර කිරීම ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.
විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ඉල්ලීම මත මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ කටයුතු කරන ඉදිකිරීම්කරුවන් තම තමන් සතු යන්ත්‍රෝපකරණ සැපයීමට එකඟතාව පළ කර තිබේ.
දැනට පවතින අපදා තත්ත්වය හමුවේ කඩිනමින් ගමනාගමනයට විවෘත කළ යුතු මාර්ග හදුනා ගනිමින් ඒවායේ කඩා වැටී ඇති පස් කඳු හා ගල් ඉවත් කිරීම මේ වන විටත් කෙරෙමින් පවති. මේ අතර නිසි තක්සේරුවකින් පසු අවශ්‍ය සියලුම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
එමෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ආපදාවට ලක්ව ඇති මාර්ග පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ 1968 හා 1969 යන ක්ෂණික දුරකථන ඇමතුම් ඔස්සේ දැනුම් දෙන ලෙසද මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS