හිටපු මුදල් අමාත්‍ය, විදේශ කටයුතු ඇමති රවී කරුණානායක ලංකාදීප පුවත් පත සමඟ විශේෂ හෙළිදරව්වක් කර තිබේ. ඒ, අද ලංකාදීප සඳුදා හමුව ඔස්සේ යි...
හිටපු මුදල් අමාත්‍ය, විදේශ කටයුතු ඇමති රවී කරුණානායක ලංකාදීප පුවත් පත සමඟ විශේෂ හෙළිදරව්වක් කර තිබේ.
ඒ, අද ලංකාදීප සඳුදා හමුව ඔස්සේ යි.
ඉන් උපුටා ගත් කොටස් කිහිපයක්,
‘මගේ පක්ෂයේ එක පුද්ගලයකුට, ජාතික ලැයිස්තුවෙන් ආපු මේ පුද්ගලයාට ජනතාව ගැන රට ගැන හැගීමක් නැහ, මේ පුද්ගලයා ජනතාවගේ දුක දන්නේ නැහ, වැඩිකල් යන්න කලින් මේ අයගේ සැබෑ තත්ත්වය රටට හෙලිදරව් කරනවා, අපේත් ඉවසීමේ සීමාවක් තියෙනවා, ජාතික ලැයිස්තුවෙන් ඇවිත් වෙස් මුහුණ දාගෙන නටන මේ ඇමතිවරයා පෙනි ඉන්නේ අගමැති ආරක්ෂා කරන ස්වරූපයෙන්, හැබයි වෙන්න තිබෙන විශ්වාසයත් නැත්තටම නැති වීමයි, ජනතාවගේ ඡන්දයෙන් ගන්න බැරි මේ වගේ පුද්ගලයන් රට ඉදිරියට ගෙන යාමේ දි ප්‍රශ්නයක් වෙනවා’ යයි වර්තමාන විදේශ කටයුතු අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවි කරුණානයක මහතා පවසා ඇත.
‘මට කවුරු හෝ යම් ආකාරයකින් උදව් කලොත් මම ඒ අය සදාකල් ආරක්ෂා කරන මීත්‍රයෙක් බවට පත් කර ගන්නවා, විපක්ෂයේ ඉන්නකොට සියලුදෙනා රකින්න, පක්ෂය රකින්න ඕන ඕන කියමින් කට්ටිය කර උඩ තියාගෙන යන්න හදන අය හිටියා, මන්ත්‍රීවරු ඒ අය පස්සේ ගියා, අවසානයට වුනේ මොකක්ද? එක්කෙන්ක්ගේ දේශපාලන අරමුණ ඉටුකර ගන්න තමන්ගේ දේශපාලන අනාගතය නැති කල බව අද ඒ මන්ත්‍රීවරු දන්නවා, වේදිකාවේ කියන සුන්දර කතා ක්‍රියාවට පරිවර්තනය කරන්න ඕන, අපට ලංවෙන්න බැරි කුහකයෝ නොයෙකුත් කතා කියන්න පුලුවන්’
COMMENTS