දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දැන් බ්ලොග් මෙලෝ රහක් නැද්ද? No sexy at all?

මේ නොකිකතා බ්ලොග් එක ලියන හෙන්රි වර්ණකුලසූරිය මහතා අද ඔහුගේ FB වෝල් එකේ තැබූ සටහනක්.. මෙතන 'ගොඩක් දෙනා' කියන එකේ යම් අවිනිශ්චිත බ...

දැන් බ්ලොග් මෙලෝ රහක් නැද්ද? No sexy at all?

මේ නොකිකතා බ්ලොග් එක ලියන හෙන්රි වර්ණකුලසූරිය මහතා අද ඔහුගේ FB වෝල් එකේ තැබූ සටහනක්.. මෙතන 'ගොඩක් දෙනා' කියන එකේ යම් අවිනිශ්චිත බවක් තිබ්බත් බ්ලොග් වලට සාපේක්ෂව ෆේස්බුක් භාවිතා කරන පිරිස අති මහත්ය කියන පදනමේ ඉඳන් මම බොහොම කෙටියෙන් උත්තරයක් දුන්න 'හරි' කියල.. නමුත් එහි පළවූ වෙනත් කොමෙන්ටු ඉතාමත් සිත්ගන්නා සුළුයි.

සමහර මිතුරන්ගේ හා මිතුරන් නොවන අයගේ නම් මෙහි පළකරන්නේ ඔවුන්ගේ අදහස් මෙහි සාකච්චාවට ගැනීමට අදහස් කරන නිසා මිසක් කිසිදු ආකාරයක පෞද්ගලික එදිරිවාදිකමකින් නෙවෙයි. අනුමැතියකින් තොරව උපුටා ගන්න ඒ අදහස් යම් අයෙකුගේ ඉල්ලීමක් වෙතොත් ඉවත් කිරීමට සුදානම්.

අරුණ යසමාන (Aruna Yasamana) කියල මහත්මයෙක් මෙහෙම සටහනක් තියනවා..

// නිතර කියෙව්වා ,,දැන් කියවනව අඩුයි ..එත් බලනවා පුරුද්දට නමුත් කියවන්නේ නැහැ ... හැබැයි බැලිල්ල නිසා ලියන පොර count කරනවා ඇති hits විදියට
මේක අසුචි ගොඩක් වගේ .. හොද එකක් කියවන්න හොයාගන්න බැහැ ..කාලයක් යයි මේක ආපහු තත්වයකට එන්න
ඉස්සර හොදට විචාරශීලිව ලියපු මිනිස්සුත් දැන් ලියන්නේ පල් හෑලි , දේශපාලන කඩේ යෑම , හෝ මම පොර ජාතකේ අනිකුන් අවජාතකේ වගේ දේවල් ... තවත් සමහර ඒවා දකින කොට හිතෙනවා ලියපු එකාවත් ඒක කියවල නැහැ කියල publish කරන්න කලින් .. කියෙව්වා නම් පොඩ්ඩක් හරි ඌටම ලජ්ජා හිතෙන්න ඉඩ තිබුණා.
ඊට වඩා හොද radio programs තියනවා කම්මැලි වෙලාවට අහන්න මතක පද වගේ...//

මනෝරම වීරසිංහ කියන බොහොම ජනප්‍රිය ෆේස් බුක් ක්‍රියාධරයා (චතුර සේනාරත්න ගෙන් අල්ලාගත් වචනයකි) මෙහෙම කොමෙන්ට් එකක් එකතු කරනවා..

//ඔබතුමා ඕක කියන්න.......... මම මේ වෙනකං කවුරුහරි ලින්කුව දුන්නොත් මිස බ්ලොග් එකක් හොයාගෙන ගිහින් බලල නෑ.. මෙහි බ්ලොග් වල ලිපියක් ෂෙයා වුණොත් නොවරදවා කියවනවා මිස.. බ්ලොග් ගරුවන්ගේ ප්‍රතිපත්තියක් නැති බූත වැඩ නිසා ඒවා කියවන්න හිතෙන්නෑ..

ලියන එකා මොකාද කියල කිසිතැනක හරි සදහනක් නෑ
බොහොමයක් බ්ලොග් කාරයො බූතයෝ වගේ මූණ දෙන්න බයයි සමාජෙට
තවත් අයගෙ බ්ලොග්වල නම් හොදයි ත්‍රීවිල් වල ගහන්න.. කිසි එකෙක්ට මතක හිටින්නෑ..
ලියන එකා කවුද කින්ද මන්ද කියල සදහනක් නෑ...

එහෙම ඒවා කියවන්න මට නං අප්‍රියයි//

මෙතැනදී පොඩි අතුරු කතාවක් මතක් උනා.. මනෝරම හා සහන කසීර කාලයක් මගේ ෆේස් බුක් යාළුවෝ වෙලා හිටියත් ඒ දෙන්නම මුලින්ම මුණ ගැසුනේ හෙන්රි මහතා ගේම ආරාධනයෙන් Life TV එකේ සමාජ මාධ්‍ය ගැන කතිකාවකට ගිය වෙලෙයි. මම එතැනට ගියේ ඇත්තටම බ්ලොග් ගැන කතා කරන්න උනත් වැඩසටහන මෙහෙයවපු මනෝරම ගේ ඒ ගැන තිබ්බ අවම උනන්දුව හා අවම දැනුම නිසා බ්ලොග් ගැන කතා උනෙම නැති තරම්.. ඒ වගේම මම සහන් ගෙනුත් ඇහුවා බ්ලොග් ගැන ඔහුගේ උනන්දුව.. පත්තර කොලම් ලියන්නෙකු, පොත් ලියූ කෙනෙකු වගේම ප්‍රහසනය ඇඟේම තියෙන, නිතර ලියන කියවන, හැම එකක්ම වෙනස් විදියකට බලන තරුණයෙක් විදියට ඇත්තටම සහන් කසිර බ්ලොග් එකක් ලියනවනම් මම කැමැත්තෙන් හිටියේ. ඒත් බොහොම නිහතමානිව සහන් මෙහෙම කියුව.. "මම කැමතියි මගේ ලිමිට් එක ඇතුලේ විතරක් ඉන්න.. ඕනෙවට වඩා දේවල් පටලව ගන්න මට බෑ.. ඒක නිසා මං බ්ලොග් ගැන උනන්දු නෑ." (හැබැයි සහන් කිසිම අවස්ථාවක බ්ලොග් ගැන විවේචන ඉදිරිපත් කරනවා මම දැකල නෑ. බ්ලොග් ගැන ඔහුගේ තියෙන අල්ප උනන්දුව කියන එක විතරයි මෙතනින් ගන්න තියෙන්නේ.)

රයිට්.. බැක් ටු ද පොයින්ට්. තව කොමෙන්ට් තිබ්බත් මට ඕනේ ඔය උඩ තියෙන චෝදනාව ගැන කතා කරන්න. ඇත්තටම මේ චෝදනාව අද ඔතනදි විතරක් ආපු එකක් නෙවෙයි.. කඩින් කඩ තැනින් තැන කියවුණු දෙයක්..

"අද තියෙන බ්ලොග් වැඩක් නෑ.. ඉස්සර තමයි නියම බ්ලොග් තිබ්බේ.. ඒ කාලේ හොඳට ලියපු උනුත් දැන් ලියන්නේ පල හෑලි.. ටැබූ ල බියොන්ඩ් ෆ්‍රේම් ල එක්ක ගත්තම දැන් උන් මොනවද ලියන්නේ? "

මේ විවේචනය කරන දෙකොටසක් ඉන්නවා. එක කොටසක් තමයි මීට අවුරුදු කීපයකට කලින් බ්ලොග් ලියපු කියවපු සහ නොයෙකුත් හේතු නිසා දැන් බ්ලොග් වලින් ඉවත් වෙලා ඉන්න අය.. මේක writer's block එකට එහා ගිය එකක්.. පවුල් වීම, රැකියාවේ ස්වභාවය වෙනස් වීම, රැකියා ස්ථානය වෙනස් වීම, කාලය මදිකම, ලියන්න දේ නැතිවීම වගේ ගොඩක් හේතු තියෙනවා.. තව කොටසක් බ්ලොග් කියවන්නෙවත් ලියන්නේවත් නැතුව කොහෙන් හරි දැකපු එකක් දෙකක් නිසා නැත්නම් තමන්ගේ හොඳයි කියන නිර්ණායක වලට වෙනස්ව ලියන එකෙක් දෙන්නෙක් නිසා බ්ලොග් එපා උනු අය. මනෝරම වැටෙන්නේ බොහෝ දුරට මේ ගොඩට. පළමු කොටස ගැන උදාහරණ ඕනේ තරම් තිබ්බත් කියන්න යන්නේ නෑ.

මම මුලින්ම බ්ලොග් ගැන දන ගත්තේ මිට අවුරුදු පහළොවකට විතර කලින්.. ඒ කලේ පේරාදෙණිය කැම්පස් එකේ IT ඉගෙන ගත්ත මගේ යාළුවෙකුගෙන්.. අඩියක් ගහන්න සෙට් වෙන හැම වෙලාවකම මූ මට බ්ලොග් ගැන සිංහල යුනිකෝඩ් ගැන කියනවා ඉවරයක් නෑ.. ඌ ලියන කවි සින්දු වලට ආස උනාට මට මේ බ්ලොගින් වැඩේට නම් සත පහක උනන්දුවක් ආවේ නෑ. ඊට පස්සේ ආයේ බ්ලොග් මතක් උනේ දෙදාස් හත අවුරුද්දේ නේවි බ්ලොග් එක පටන් ගත්තම.. ඒ උනත් ඒ දවස්වල කොමෙන්ට් දැමිල්ලක් එහෙමට තිබ්බේ නෑ. පස්සේ දෙදාස් නවයේ අන්තිම හරියේ නේවි එකෙන් අයින් උනාම ෆේස් බුක් හා බ්ලොග් වලට ඇබ්බැහි උනා ටික කාලෙකට.. ආයේ පොඩි ලිනියර් පීරියඩ් එකකට පස්සේ (සෑහෙන කාලයක් පෙරුම්පුරලා) මේ බ්ලොග් එක පටන් ගත්තේ දෙදාස් දාහතර අවුරුද්දේ.. අන්තිමට ඒකට ඕනි කරන ගිනිපුපුර දැල්වුණේ 'තිලකසිත' බ්ලුක් එක එළියට ආපු දවසේ.. අර මුලින්ම කියපු IT යාළුවා මගින්ම 'තිලකසිත'ව මම අඳුන ගන්නේ බ්ලොග් ලියන්න ගොඩා..ක් ඉස්සර ඉඳන්.. පොත දොරට වැඩුමේදී තමයි අපි හැමදෙනාම ආයේ කාලෙකින් හමු උනේ..

ඉතිං.. දෙදාස් දාහතරේදී කලාහිත අටවගත්ත මම බ්ලොග් වලට සෑහෙන්න ආධුනිකයෙක්.. මම නිතර ලියන්නෙත් නෑ ලියන ඒවගේ ඒ හැටි ගන්න දේකුත් නෑ. ඉතින් අපි වගේ හාල් කෑලි වලට ඔය චෝදනාව කරන එක සාධාරණයි.

තව දේශපාලනය, කවි, සිංදු, නවකතා, බයිලා, යුද්ද තොරතුරු, විද්‍යාත්මක තොරතුරු, අධ්‍යාපන වගේ සමහරු අකමැති හා controversial ඒවා ඔක්කොම අමතක කරමු. පැරා ගේ w3lanka, මාතලන්, අටම්පහුර, කොළඹ ගමයා, සාරස, රසිකලොජි වගේ ඒවා හිතා මතාම හලමුකෝ.. ඒ ඔක්කොම ඇර..

Versatile කියන වචනෙට නියම සිංහල වචනේ මම දන්නේ නෑ. මේ ලියන්න යන්නේ මෑත කාලයේ එක දිගට අප්ඩේට් වෙන මම නිතර කියවන ඒ වගේ versatile බ්ලොග් අඩවි කීපයක්.. (ඔක්කොම සඳහන් කරන්න බෑ.. ඒක නිසා වෙනස් වෙනස් රස ගේන කීපයක් විතරක් පහල එල්ලනවා..)

නිදහස් සිතුවිලි- ලියන්නේ රවී වීරසිංහ (සහ රන්දිකා රණවීර)
Chandima Gomes- එයාගේ නමින්ම ලියන්නේ
පෙනෙන නොපෙනෙන- ලියන්නේ නදීර විජේසිංහ ගොඩක්ම මෑතක පටන් ගත්ත බ්ලොග් එකක්
අරූ ගේ අඩවිය- අරුණ පෙරේරා ලෝකයක් වටිනා අත්දැකීම් ගොඩක් ලියන්නේ
Transylvania- ලියන්නේ වෛද්‍ය රුවන් ජයතුංග
සොඳුරු සිත- බොහොම ජෙෂ්ට බ්ලොග් කාරියක් කාලයක් නිහඬව ඉඳල ආයෙත් ලියනවා කෙටියි-රසයි..
18 සන්නිය- චමීර අකලංක පොල්වත්තගේ- අලුත්ම හිට් එක
ඉලංගකෝන් ගේ විවරණය- ජෙෂ්ට හමුදා නිලධාරියෙක්, වටිනා අත්දැකීම් ගොඩක්
ඉකොනෝමැට්ටාගේ බොජුන්හල හා සතපහ- සුපිරි බ්ලොග් දෙකක්..
පොකුරු වැහි- අලුත් (බ්ලොග්) ලියන්නියක් බොහොම සංයමයෙන් හා වියත් ලෙස ලියන්නේ..
අනිත් කොන - පැරණිම බ්ලොග්කාරියක්- බෝධිනී සමරතුංග- අත්දැකීම් එක්ක දැනුම
යාන් හෑල්ල- කවුරුත් දන්නවනේ රංජිත් සුරංගගේ පොහොර බේත් නැති කාබනික ලිවිල්ල
pinchpoint- ලියන්නේ JP.. pinch point ම තමයි.. දහපාරක් කියෙව්වොත් තේරුම් දහයක්..
තිලකසිත- ඕනෙම දෙයක් තිලකසිත ලෙස හිතන්න පුරුදුවෙන්න..
හැලපයා- හැලප මෙච්චර රහයි කියල දන්නේ මේ බ්ලොග් එක දැක්ක දවසේ ඉඳන්..

දැන් කියන්න.. මේ බ්ලොග් මෙලෝ රහක් නැද්ද? ෆේස්බුක් එකේ කතා කරන අයගේ ඔය චෝදනාව ගැන බ්ලොග් 'කියවන' ඔබේ අදහස කුමක්ද?

මට සඳහන් කරන්න බැරි උන ඔබ විශ්වාස කරන විදියට කියවීමට ආස හිතෙන වැදගත් තොරතුරු හා රස වැහෙන බ්ලොග් කොමෙන්ට් වලට එකතු කරන්න අමතක කරන්නත් එපා..

http://ift.tt/2lDCedD

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දැන් බ්ලොග් මෙලෝ රහක් නැද්ද? No sexy at all?
දැන් බ්ලොග් මෙලෝ රහක් නැද්ද? No sexy at all?
http://ift.tt/2lAWkqJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/no-sexy-at-all.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/no-sexy-at-all.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy